IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


සී.එස්.එන් නාලිකා නඩුව අභියාචනාධිකරණයේදී සමථයකට

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

සී.එස්.එන් රූපවාහිනී  නාලිකාව සදහා ලබා  දී  තිබූ  විකාශන  බලපත්‍රය 2016 වසරේ දී  එවකට පැවති රජයේ ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින්  අහෝසි කිරීමට  එරෙහිව  එම   නාලිකාව  විසින්  ගොනු කල රිට් පෙත්සම අද (26) අභියාචනාධිකරණයේදී සමථයකට  පත්  විණි.

එම  නාලිකාවට ලබා දී තිබූ විකාශන  බලපත්‍ර ය අවලංගු  කරමින්  2016 වසරේ දී එවකට ජනමාධ්‍ය  අමාත්‍යාංශ ලේකම් වරයා විසින්  නිකුත් කරන ලද ලිපිය ඉල්ලා  අස් කර  ගැනීමට ජනමාධ්‍ය  අමාත්‍යාංශය   අද (26) අභියාචනාධිකරණයේ දී එකග වීම  මත මෙම  සමථය ඇති  විය.

ඒ අනුව 2016.10.23 දින  වන විට එම  නාලිකාව ලබා  දී තිබූ  සංඛ්‍යාත ඒ අයුරින්ම නැවත  ලබා දීමට කඩිනමින්  පියවර ගැනීමට විදුලි සංදේශ නියාමන කොමිසම ද අධිකරණයේදී එකඟතාවය  පල කලේය.

එම රිට් පෙත්සම මහින්ද  සමයවර්ධන සහ අර්ජුන  ඔබේසේකර  යන අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල හමුවේ  කැඳවූ  අවස්ථාවේ දී  මෙම   සමථය ඇති විය.

කිසිදු සාධාරණ  පරීක්ෂණයක්   පැවැත්වීමෙන්  තොරව සිය විකාශන  බලපත්‍රය අහෝසි කිරීම  නීතිවිරෝධී බව කියමින් සී.එස්.එන්.නාලිකාව මෙම රිට් පෙත්සම ගොනු කර  තිබුණි. 

මෙහි වගඋත්තරකරුවන් වශයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශය , එම අමාත්‍යාංශ ලේකම්වරයා , විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව , එහි අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ තිබිණි.

කිසිඳු පරීක්ෂණයක් නොපවත්වා සිය විකාශන බලපත්‍රය අහෝසි කිරීමට ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා ගත් තීරණය නීතියට පටහැනි බව පෙත්සම්කාර සී.එස්.එන් රූපවාහිනී ආයතනය සිය පෙත්සමින් පෙන්වා දි තිබිණි.

එබැවින් විකාශන බලපත්‍රය අහෝසි කිරීමේ තීරණය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කාර ආයතනය අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබිණි.

එම රිට් පෙත්සම සලකා බැලූ මුල් අවස්ථාවේදීම අභියාචනාධිකරණය විසින් විකාශන බලපත්‍රය අවලංගු කර තිබෙන සී.එස්.එන් නාලිකවේ සංඛ්‍යාත සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන පවතින තත්ත්වයෙන්ම පවත්වා ගෙන යන ලෙසට ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝග කෙරිණි.

 



අදහස් (15)

සී.එස්.එන් නාලිකා නඩුව අභියාචනාධිකරණයේදී සමථයකට

මුණසිංහ Tuesday, 26 May 2020 03:11 PM

අාණ්ඩු පෙරලියක ප්‍රතිඵල....

:       0       0

Buddika Tuesday, 26 May 2020 03:16 PM

මෙන්න ඡන්දෙට කළින් අපි කියපුවා දැන් වෙනවා.තමන්ගේ සහ පරපුරට එරෙහි සියලු නඩුවලින් නිදහස් වීම. මේකයි පවුල් පාලනය... රටේ සම්පත් තමුන්ගේ පුද්ගලික බූදලයක් ලෙස පාවිච්චි කිරීම... මේවා රජයේ සම්පත් අවභාවිතය නෙවෙයිද?

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 26 May 2020 03:30 PM

ඒ යුගයේදී මේ චැනල් ඒක ආරම්භ කරන්න මුදල් ලැබුණේ කොහෙන්ද? උපයාගත් ආකාරය ගැන බොහෝ තොරතුරු ගැන මහා ආන්දෝලනයක් රටේ ඇතිවුණා වගේ මතකයක් තිබුණා වගේ සිතෙනවා. ඒ ගැන කිසිඳු කතාවක් දැන් ඇත්තෙම නැහැ. අනේ මන්දා මේවා මොනවාද කියා..?

:       0       0

දොළුකන්ද Tuesday, 26 May 2020 04:59 PM

තව දශක කිහිපයකින් මෙම සංදර්ශන නිමා වෙන්නේ එම සංදර්ශන වලට අවසර ලබා දුන් මේ රටේ මෝඩ ජනයාද සමඟිනි...

:       0       0

Sri Lankan Tuesday, 26 May 2020 05:33 PM

ගෝඨාගේ කිරි කලයට එකින් එක ගොම බින්දු වැටෙමින් පවතී...

:       0       0

bentota Tuesday, 26 May 2020 11:12 PM

තවත් ජනතා ඉල්ලීමක් ඉටුකරයි...

:       0       0

ලුම්බිණි Wednesday, 27 May 2020 12:37 AM

අනේ මෙහෙම නඩු?

:       0       1

රසික Wednesday, 27 May 2020 02:29 AM

මේවට හිනාවෙන්නද? අඬන්නද? කියලා තේරෙන්නේ නෑ.. දැන් නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ...

:       22       126

Kamal Wednesday, 27 May 2020 03:10 AM

හායි හායි ආපි ඔන්න සෙල්ලම් කාලේ...

:       200       245

Banda Wednesday, 27 May 2020 03:38 AM

තවත් ජනතා ඉල්ලීමක් ඉටුකරේ...

:       164       219

Gamage Wednesday, 27 May 2020 03:57 AM

අපි දන්නවා මේවට දෙවියන්ගේම පිහිටයි කියලා නැවත ඒ යුගය පැමිණෙමින් තිබේ... පරෙස්සම් වන්න.

:       109       228

Jagath Wednesday, 27 May 2020 06:03 AM

අනිත් ඒවා කෙසේවෙතත් තමන්ගේ නඩු ටික හා බඩු ටික බේරා ගනී. හැට නව ලක්ෂයේ බලාපොරොත්තු ඕවනේ...

:       43       235

kooralage Wednesday, 27 May 2020 06:16 AM

දැන් දැන් පෙරහැරෙ කසකාරයන් එනවා වගේ පෙන්නේ නම්... තාම පටන්ගත්තා විතරයි. දැන් බැලුවම පරණ රෙජීමයේ කාබන් කොපියමයි. අපිත් ඡන්දෙ දුන්නා. දැන් බැලුවම නිෂ්ඵල දෙයක් කරේ කියලත් හිතෙනවා.

:       2       320

Chandrasiri Wednesday, 27 May 2020 07:22 AM

හමු මහත්තයයි... ඉබ්බයි, හාවයි වගේ නේද පුතේ...?

:       0       54

Prabha Wednesday, 27 May 2020 09:44 AM

වහලා තිබුණු කාලයට අපි වන්දියකුත් දෙමු...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 263 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 752 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 140 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site