(ටී.කේ.ජී.කපිල )

රුපියල් එක් කෝටි තිස් දෙලක්ෂයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ චීන ජාතික ව්‍යාපාරික අත්අඩංගුවට ගත් බව  ගුවන් තොටුපොළ රේගු නිලධාරීහු පවසති.  

ඔහු චීනයේ සිට තායිලන්තයේ බැංකොක් නුවර වෙත පැමිණ , එතැන් සිට තායි ගුවන් සේවයේ ටී.ජී.- 307 දරන ගුවන් යානයෙන් අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි. 

එහිදී ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ , චීනයේ නිෂ්පාදිත දුම්වැටි 88,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 440 ක් සගවා ගෙන තිබුණි.

කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මොහු අත් අඩංගුවේ තබා ගෙන මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති.

කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත " ඔස්සේ සිගරැට් තොගය පිට කර ගෙන යාමට උත්සහ කරද්දී මේවා අත්අඩංගුවට ගෙන තිබේ.