
(කාංචන කුමාර ආරියදාස)
උසස් අධ්‍යාපනය ලබන සිසුවියකගේ ඡායාරූප ලබාගෙන ඒවා නිරුවත් ඡායාරූප වලට යොදා සංස්කරණය කර අධ්‍යාපනය ලබන පාසලේ ගුරුවරුන්ට වට්ස්අප් මාර්ගයෙන් යැවූ බව කියන තරුණයකු දඹුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහියංගණය ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයකු බව දඹුල්ල පොලිසිය කියයි.
මීට දින කිහිපයකට ඉහත දී දඹුල්ල පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයට වයස අවුරුදු 20 ක දඹුල්ල ප්‍රදේශයේ පාසලක උසස් අධ්‍යාපනය හදාරණ සිසුවියක පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.
එහි සඳහන්ව ඇත්තේ එම විද්‍යාලයේම ඉගෙනුම ලබන සිය මිතුරියක තරුණයකු සමඟ සබඳකමක් පවත්වා ඇති බවත් පසුව එම තරුණයා සමග පැවති ප්‍රේම සම්බන්ධතාවය නවතා දැමීමත් සමගඇය ඔහුගේ දුරකථන අංකය විසන්දි කර දමා තිබුණු බවත් ඇය සිදු කරන ලද පැමිණිල්ලේ සඳහන් බව පොලිසිය කියයි.
පසුව පැමිණිලිකාර සිසුවියට අදාල තරුණයා ඇමතුම් කිහිපයක් ලබාගෙන අවස්ථා කිහිපයකදීම තම මිතුරිය සම්බන්ධ කර දෙන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් උරණ වූ තරුණයා තමන්ගේ මුහුණු පොතේ ඇති ඡායාරූප ලබාගෙන ඒවා නිරුවත් ඡායාරූප වලට සම්බන්ධ කොට මූණුපොතට දමන බවට තර්ජනය කළේ යැයි පැමිණිල්ලේ සඳහන්ව තිබේ.
පසුව තමන්ගේ ඡායාරූප ලබාගෙන එම ඡායාරූප නිරුවත් ඡායාරූප වලට බද්ධකොට ඉගෙනුම ලබන පාසලේ ගුරුවරියකට වට්සැප් මාර්ගයෙන් එවා ඇතැයි ඇය පොලිසියට පැමිණිලි කොට තිබිණි.
සැකකාර තරුණයාද පොලීසියට ගෙන්වා ප්‍රශ්න කර තිබේ. වැඩිදුර පරීක්ෂණ දඹුල්ල පොලීසිය මෙහෙයවයි.
COMMENTS
අප අදාළ ආයතනවලින් කාරුණිකව ඉල්ලා සිටින්නේ මේ තිරිසනාගේ පැටිකිරිය, ඡායාරූප සමගම සියලු මාධ්‍යවල මහජනතාවට දැනගැනුමට පල කරන ලෙසයි. මෙම සිදුවීම් ඉතාමත්ම බරපතල සමාජ ව්‍යවසනයක් බැවින් මෙම වනචරයින්ට උපරිම දඬුවම් ප්‍රසිද්ධියේම ලබා දිය යුතුයි. තමන්ට අදාළ නැති අනුන්ගේ ඡායාරූප පලකිරීමට... ප්‍රසිද්ධ කිරීමට මොහුට හැකිනම් ඇයි මේ වනචරයාගේ සත්‍ය ඡායරූප මාධ්‍ය මගින් මහජනතාවට දැනගැනුමට ප්‍රසිද්ධ කළ හැකි නොවේද...?
අද ඕනෙම විද්‍යුත් මාධ්‍යයක් භාවිතා කරමින් සිදුකරන මෙවැනි අපරාධ පිළිබඳව පොලිසිය ඉදිරියෙන් සිටින බව, අනාගතයේදී මෙවැනි දේ සිදු කරන්නට බලාපොරොත්තු වන උදවිය හොඳින් සිහි තබාගත යුතු කරුණකි.
මටත් කරදරයක් වෙලා CERT එකට පැමිණිලි කලා. Facebook එකට පැමිණිලි කරන විදිහ දැනුවත් කර ලින්ක් එකක් එවා තිබුණා. ඒක හැමෝටම යවන ඊ මේල් එකක්...
BMICH එකේ තියෙනවා මේ සියලු තොරතුරු වාර්තා කරන එකක්... ඉක්මණින්ම මේවාට විසඳුම් ගන්න පුළුවන්...