(ජයන්ත සමරකෝන්)
වීරවිල බන්ධනාගාරයේ නිලධාරීන් 15දෙනෙකු සහ රැඳවියන් 12දෙනෙකු බන්ධනාගාරය තුළ නිරෝධායනයට ලක් කර ඇතැයි එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.
මෙම නිලධාරීන් වැලිකඩ, පූනානි, කන්දකාඩු යන ස්ථානවල රැඳවියන් රැගෙනයාම හා රැගෙන ඒමට සම්බන්ධ වී ඇති අතර, රැඳවියන් පිරිස වැලිකඩ බන්ධනාගාරයේ සිට රැගෙනවිත් ඇතැයි පැවසේ.
මෙම පිරිස දින 14ක කාලයක් සඳහා නිරෝධායනයට ලක්කර ඇතැයිද වාර්තා වේ.
මේ අතර කොළඹ රක්ෂිත බන්ධනාගාරයේ නිලධාරීන් දෙදෙනෙකු උණ රෝගය සහ උගුරේ වේදනාව ඇති බව කියමින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතත් ඔවුන්ට කොරෝනා ආසාදනය වී නොමැති බව පරීක්ෂණවලදී හෙළි වී තිබේ.
වැලිකඩ බන්ධනාගාර රෝහලෙන් ඉකුත් 11 දා කොරෝනා ආසාදනය වූ තවත් රැඳවියන් හමුවීමත් සමඟ ම මෙම රෝහලේ සියලු රැඳවියන් හා කාර්ය මණ්ඩලවල 350ක් පමණ පී. සී.ආර් පරීක්ෂණයට යොමුකර ඇතැයි එම රෝහල් ආරංචි මාර්ග අනාවරණය කරයි.
2025 දෙසැම්බර් මස 30
31
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
708
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වීරවිල බන්ධනාගාරයේ 27ක් නිරෝධායනයට