(අජන්ත කුමාර අගලකඩ)
මේ දිනවල ඇතිව තිබෙන විදුලි අර්බුදයට හේතුව විදුලිබල මණ්ඩලයත් මහජන උපයෝගිතා කොමිෂන් සභාවත් අතර ඇතිව තිබෙන ගැටුම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(26) පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.
විදුලිබල මණ්ඩලයත් මහජන උපයෝගිතා කොමිෂන් සභාවත් අතර ඇතිව තිබෙන ගැටුම හේතුවෙන් පීඩාවට පත්ව සිටින්නේ රටේ මහජනතාව බවද ජනාධිපතිවරයා පවසා ඇත.
මේ අතර මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියාකලාපය කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයාගේ දැඩි විවේචනයට ලක්වූ බව වාර්තා වේ.
විදුලි අර්බුදය සම්බන්ධයෙන් රැස්වීමට කැබිනට් මණ්ඩලය විසින් කමිටුවක්ද පත්කරනු ලැබ ඇත.
ඇමැතිවරුන් වන රවී කරුණානායක, කබීර් හෂීම්, ආචාර්ය හර්ෂ ද සිල්වා සහ එරාන් වික්‍රමරත්න යන මහත්වරු එම කමිටුවට පත්කරනු ලැබ සිටිති.
COMMENTS
එක එකාගේ ගැටුම් වලින් දුක්විඳින්නේ " ඔහෙලට තුන්වේලම කන්න බොන්න දෙන මෙන්ම සුරසැප විඳින්න මුදල් සපයන "අහිංසා මහජනතාව. විදුලිබල මණ්ඩලයේ සහ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ඉන්නෙත් මහජන මුදලින් ජීවිකාව රැකගන්න මිනිසුන්. ඉතින් එකඑකාගේ ගැටුම් අපට අදාල නැත. තම තමන්ගේ රාජකාරිය නිසිලෙස කරන්නේ නැත්තේ මොන හරකාද? එම හරකුන් වහාම අදාළ තනතුරුවලින් පන්නා දැමීම නොවේද කළ යුත්තේ? රටේ මුල් පුරවැසියා තමන්ට ජනතාව ලබාදී අැති බලය පාවිච්චි නොකර මෙතන අඬ අඬා ඉන්නේ මොන කරුමයක්ද මේ? උදේ, සවස රටේ අහිංසක මිනිසුන්ට ඇහෙන්නේ එක එකාගේ අඩවැඩියාව නොවේද? අද, හෙටම 225 ක්වූ හරක් රෑනට ශරීර කෘත්‍ය කරගන්න බැහැ කියා එ්කටත් කමිටු දමාගනු ඇත. අනේ අප රටට ගිය කලක්...
මේ රජය පත්වුණුදා සිට එකදු විදුලි බලාගාරයක් වත් නොසෑදීමේ ඵල විපාක තමා අද මහජනයා අත් විඳින්නේ... මැති, ඇමැතිවරුන්ට ඔවුන්ගේ මන්දිරවල විදුලි උත්පාදක යන්ත්‍ර ඇති බැවින් ඔවුන්ට මේවා දැනෙන්නේ නැහැ.
ඕගොල්ලන්ගේ මහරජාගේ කාලයේදී පටන්ගත් නොරොචෝච්චෝලේ විදුලි බලාගාරය ඒ කාලේදී නිතර කොට උඩ හිටපු හැටි මෙච්චර ඉක්මනට අමතක උනාද?
ප්‍රධානම හේතුව වුනේ ඒ කාලයේ ගෙන්වූ නොරොච්චෝලේ කියන මල ජරාව කැඩුණු නිසා බව නිකමටවත් කියන්නේ නැහැ.
ප්‍රශ්න අපිට කියන්න එපා. රටේ ජනාධිපතිතුමා ඔබය. හොදින් හෝ නරකින් මේවා කඩිනමින් විසදිය යූතයි රටේ සහ මහජනතාවගේ සුබසිද්දිය සදහා. කොහොමත් විදුලිය සම්බන්ද ඇමති අප්සට් කෙනෙක්නේ...
මේකට හේතුව ගැටුම් නොවෙයි...... අවශ්‍යතාවයට සරිලන සැපයුම නැතිකම... ජල විදුලිය මදි නිසා වෙන ක්‍රමයකින් විදුලිය උද්පාදන ජෙනරේටර් ලබා ගනීම අවශ්‍යතාවයයි.
හොරාගෙ අම්මගෙන් පේන අහන්න වගේ කමිටුව පත් කරල තියන්නෙ. තව ටික කාලෙකින් මේ රට වාසයට නුසුදුසු රටවල් අතර අංක එක වෙනවා....
ලක් වැසියනි රටත් ජනතාවත් තමන්ට පෙර සිතන අය නායකයන් ලෙස මින් ඉදරියටවත් තෝරා ගනිව්..... නැතිනම් අපගේ විනාශය උදාවේවි....
එතකොට ඔයා ඉන්නේ රටේ මහජනතාව පීඩා විදිනවා කියලා ප්‍රකාශ නිකුත් කරන්න විතරද. විසදුම් හොයලා ඒවා ක්‍රියාත්මක කරන්න ඕන අපිද?
මට නම් හිතෙන්නේ මේක කුමන්ත්‍රණයක්...
විදුලි බල මණ්ඩලේ සැලසුම් අනුව බලාගාර ඉදි නොකර එක එක අයගේ අවශ්‍යතා අනුව සැලසුම් කර තිබු සම්පුර්ණ බලාගාරයක් ඉදි නොකර ,දැන් වරද අනුන් පිට පටවල තමන් බේරෙන්න හදන පුදුම නායකයෙක් තමා . කෝ දැන් අර උපදෙස් දුන්න අය කරුවල හින්ද පෙනෙන්නේ නැතුව ඇති .
ශ්රී ලන්කන් වල දෙන කජු කවුරුත් කන්නේ නැහැල්ලු...... රාජ්‍ය ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ ලේඛන වෙනත් රටවලට හොරෙන් ගිහින්ලු පහේ ශිෂ්‍යත්ව විභාගය අහෝසිලු මේක අධ්‍යාපන ඇමති තුමා දන්නේ නැහැල්ලු තව ටික දවසින් කියයි මකබාස් කියනවා වගේ ලංකාව ජීවත්වීමට සුදුසු රටක් නොවයි කියල
ඉතින් හලෝ ගැටුමක් තියනවා නම්, ගම මහගේ වගේ නාහෙන් නාඩා, විසදනවකෝ ප්‍රශ්නේ? කොහෙවත් ඉන්න පඹයෙකුගේ හොටු සුරන්නනේ දැන් ජනතාවට වෙලා තියෙන්නේ? මේ හාදයා හොඳයි මරණ ගෙවල් වලට අඬන්න තියන්න.
ජනපති කමට පිස්සෙක් පත්කරගන්න තරම් පිස්සෝ ලංකාවේ ඉන්නවනම් දැන් මොහු පිස්සු කෙලිනකොට පිස්සු හැදිලා මුහුදට පැනපල්ලා , අහක ඉන්න අපට පිස්සු කොහෙද?
ඔබ කතා කරන්නේ හරියට ආගතුකයෙක් හැටියටයි. ඔබ මේ රටේ ජනාධිපති නොවෙයිද? එහෙනම් මොනවද මේ නිවට කතා. මොවුන් පන්නා දමා හරි නියෝගය දෙන්නකෝ... නිවටයින් දැක්කා මෙහෙම නිවටයෙක් දැක නැත. ඔබට බැරිනම් මේ සුළු කාලයටවත් ඝෝඨාභය මහතාට ඔය ජනාධිපතිකම බාරදී රටක් කරන හැටි ඉගෙන ගන්න.
පංචවිධ ප්‍රතිපත්තිය අනුව ගරු අගමැතිතුමා රට දියුණු කරන එක ඉවසන් ඉන්න බැරි පසුගිය රජයේ කුමන්ත්‍රණයක් මේක................
එහෙම ගැටුමක් තිබේනම් ඇයි ඔබතුමා නිහඬ? ඔබ අපගේ ජනපති ලෙස පත්වූ දා සිට අද දක්වාම අනුන්ට ඇඟිල්ල දික්කරමින් ඔබගේ නොහැකියාව වසාගැනීමට උත්සාහ කිරීම රටවැසියන් වන අපට පුදුමයක් නොවේ. ඔබ නිකම්ම නිකන් රූකඩයක් වැනිය..!
මයි ගෝට්! බමුණුට ගෝඨයිම්බර සන්නිය තද වෙලා! තොවිලයක් වත් කරන්න වේවි...!!! අර `සුමනෙට` වත් වහාම දන්වමු !!