IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


වැලිකන්දේ ගොවියෝ වනජීවී නිලධාරීන් අත්අඩංගුවට ගනිති

( නිමල් ජයරත්න)

පොළොන්නරුව වැලිකන්ද මුතුගල ප‍්‍රදේශයේ බලපත‍්‍ර සහිත කුඹුරු ඉඩම් වල සී සාමින් සිටි ගොවින් කිහිප දෙනෙකු අද (22 ) පෙරවරුවේ පොළොන්නරුව සහ වැලිකන් වනජිවි නිලධාරින් පිරිසක් විසින් අත්අඩංගුවට ගැනිමට ගිය විටදි ඊට විරෝධය පලවිමත් සමඟ ගම්මුන් විසින් එම වනජිවි නිලධාරින් පැය හයක පමණ කාලයක් කොටුකරගෙන සිටියදි දැඩි පරිශ‍්‍රමයක් යොදා ගොවින්ගේ අඩස්සියෙන් නිදහස් කරගත් බව වැලිකන්ද පොලිසිය කියයි.
 
පොළොන්නරුව සහ වැලිකන්ද වනජිවි නිලධාරින් දෙපාර්තමේන්තුවට අයත් වාහන දෙකකින් මුතුගල ප‍්‍රදේශයේ මෙම වැටලිමට ගොස් ඇති අතර එහිදි බලපත‍්‍ර සහිතව කුඹුරු ඉඩම්වල සීසාන ගොවින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගත් අවස්ථාවේ ගම්මානයේ ගොවින් 300 යකට අධික පිරිසක් වනජිවි නිලධාරින් කොටුකර ගැනිමත් සමග මෙම කලබල කාරි තත්වය ඇති වු බව පොලිසිය සදහන් කරයි.
 
එහිදි ගම්මුන් විසින් වනජිවි නිලධාරින් යනඑන සියලූ මාර්ග ටයර් පුලූස්සා අවහිර කර තිබු අතර ඒ පිලිබද වනජිවි නිලධාරින් වැලිකන්ද පොලිසියට දන්වා ඇත.
 
ඒ අනුව ක්‍ෂණිකව ක‍්‍රියාත්මක වු වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ලසන්ත බණ්ඩාර මහතා ඇතුලූ පොලිස් නිලධාරි කණ්ඩායමක් මුතුගල වෙල් යායට පැමිණ ගොවින්ගේ අඩස්සියේ පසු වු වනජිවි සහ සිවිල් ආරක්ෂකයින් 10 දෙනෙකු පමණ සවස 02 ට පමණ නිදහස් කර ගැනිමට සමත් වුහ.
 
එහිදි කුපිතව කලබල කාරිව හැසිරුනු ගොවි ගෙවිලියන් කිහිප දෙනෙකු වනජිවි නිලධාරියෙකුට පහරදිමට තැත්කල අතර පොලිසිය මැදිහත්ව සියලූ වනජිවි නිලධාරින් එහිදි නිදහස් කර ගැනිමට හැකි වු බව වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ලසන්ත බණ්ඩාර මහතා අපකල විමසිමකදි සදහන් කලේය.

මුතුගල ගොවින් පැවසුවේ තමන් වසර 30 කට අධික කාලයක් මහවැලි බලපත‍්‍ර යටතේ මෙම කුඹුරු ඉඩම්වල වී වගා කරන බවත් මෙවර පොළොන්නරුව සහ වැලිකන්ද වනජිවි නිලධාරින් වැටලිම් කර මෙම කුඹුරු ඉඩම් වනජිවි කලාපයට අයත් යැයි පවසමින් අත්අඩංගුවට ගන්නා බවයි.
 
මෙම වැටලිම සිදුකල පොළොන්නරුව වනජිවි අඩවි සහකාර එස්.ඒ.වික‍්‍රමරත්න මහතා සදහන් කලේ පොළොන්නරුව වනජිවි සහකාර අධ්‍යක්ෂ කිර්ති චන්ද්‍රරත්න මහතාගේ උපදෙස් මත පොළොන්නරුව අඩවි ආරක්ෂක පි.ඩි සුනිල් ශාන්ත මහතාගේ මෙහෙයවිමෙන් මෙම වැටලිම් සිදුකරන බවත් අදාල ගොවින් වී වගා සිදුකරන්නේ වන අලින් සහ සතුන් ගැවසෙන පරිසර සංවේදි විල්ලූ පද්ධතියක බවයි.
 
ඒ අනුව මෙම වැටලිමට ගිය අවස්ථාවේදි අදාල ගොවින් තමන්ට විරෝධය පලකාර කලහාකාරිව හැසිරිමත් රාජකාරියට බාධා කිරිමත් යටතේ අත්අඩංගුවට ගැනිමට ගිය විටදි ගම්මුන් 300 ක් පමණ එක් වි තමන් කොටුකරගෙන සිටි බවද එස්.ඒ වික‍්‍රමරත්න මහතා සදහන් කළේය.
 
වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ලසන්ත බණ්ඩාර මහතා එම ස්ථානයට පැමිණ ශ‍්‍රී ලංකා මහවැලි අධිකාරියත් වනජිවි නිලධාරින් සහ ගොවින් එක්ව සාකච්ඡුාකර අදාල කුඹුරු ඉඩම් ගැටලූවට ස්ථිර විසදුමක් ලබාදෙන බවට පොරොන්නදු විමත් සමග ගොවින් පිරිස ඉන් විසිර ගියහ.
 

 

 



අදහස් (7)

වැලිකන්දේ ගොවියෝ වනජීවී නිලධාරීන් අත්අඩංගුවට ගනිති

vije Friday, 22 May 2020 11:43 AM

විල්පත්තුව?

:       0       230

නානා Friday, 22 May 2020 07:38 PM

විල්පත්තුව..? මොකක්ද..? ඒක අපිලගේ තමයි..

:       1       0

BamunuarachchiSunday, 24 May 2020 02:20 PM

තව ටික දවසකින් ඒ ටිකටත් කෙළවෙයිනේ...

:       1       0

BamunuarachchiSaturday, 23 May 2020 02:12 AM

ඒ කැලේ කපලා ලී ටික විකුණා ගන්නකන් මේ උන්දැලා දැනගෙන හිටියේ නැහැ. කුඹුරේ ඉන්න ගොවියන්වයි මේ හාදයින් අල්ලන්න ගිහිල්ලා තිබෙන්නේ... පොලිසිය එන්න කලින් අඬු කඩන්න තිබුනේ...

:       1       0

අතපත්තු Saturday, 23 May 2020 06:20 AM

ඒක මෙච්චර පරිසර සංවේදී නැතුව ඇති. ඒකනෙ කපනකං උඩ බලාගෙන ඉන්නෙ.

:       0       2

Asoka Friday, 22 May 2020 02:40 PM

ඊළඟට මේ මිනිස්සුමයි කෑගහන්නේ... අලි ගැහුවා වගා පාලු කළා කියලා.. එතකොට වන්දි ඉල්ලන්නෙත් රජයෙන්මයි..

:       0       0

චමින්ද Saturday, 23 May 2020 12:48 AM

සහකාර අධ්‍යක්ෂ කියලා තියෙන්නේ අත්අඩංගුවට ගන්න කියලා නිසා අත්අඩංගුවට ගත්තා නම් ඔහු රාජකාරියට සුදුසු කෙනෙක් කියා සිතන්න අමාරුයි. නිලධාරියෙක් රාජකාරි කළ යුත්තේ ඒ ගැන මූලික විමර්ශණයක් කිරීමෙන් පසුවයි. මෙම ගොවීන්ට අවුරුදු 30කට පෙර දුන් බලපත්‍ර තිබේ නම් වැටලීම් කල නිලධාරිවරුනුත්, ඔවුන්ට වැරදි උපදෙස් දුන් ප්‍රධානියාත් වැරදියි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 29407 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18227 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11650 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 721 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 215 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 865 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site