IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


වසර හතරකට පසු රතුපස්වල මූනිස්සම් සොයයි

(තරිඳු ජයවර්ධන)

ගම්පහ රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලූ ප‍්‍රදේශවාසීන්ට යුද හමුදාවෙන් වෙඩි තැබූ අවස්ථාවේ රවිශාන් පෙරේරා නම් සිසුවාට වෙඩි තැබූ ස්ථානයේ මූනිස්සම් කොටස් සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (18) පැය හතරක් පුරා විශේෂ සෝදිසි මෙහෙයුමක් කළේය.

වැලිවේරිය හෙලන්වත්ත පාරේ පිහිටි එම ස්ථානයේ තාප්පවල අද (18) වන විටත් වෙඩි සලකුණු තිබිණි.

වෙඩි සලකුණු සහිත ප‍්‍රදේශවල පාර අයිනේ මතුපිට පස් ඉවත් කරමින් රහස් පොලිසිය මූණිස්සම් කොටස් තිබේදැයි සොයා බැලීය. පැය හතරක් පුරා සෝදිසි කළත් මූණිස්සම් කොටස් සොයා ගැනීමට නොහැකි විය.

කොළඹ අධිකරණ වෛද්‍ය විශේෂඥ අජිත් තෙන්නකෝන් මහතා එම ස්ථානයට ගෙන්වා යළිත් විමර්ශනයක් සිදු කිරීමට නියමිතය.

වැලිවේරිය හෙලන්වත්ත පාරේ මීටර 150ක් පමණ ඇතුළට වන්නට පිහිටි එම ස්ථානයේ සෝදිසි මෙහෙයුම් අද (18) උදේ 10.30ට පමණ ආරම්භ වූ අතර සවස 2.30ට පමණ සෝදිසි මෙහයුම අවසන් කෙරිණ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් මුණසිංහ මහතාගේ සහ උප පොලිස් පරීක්ෂක උපාලි බණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් කරන ලද සෝදිසියට වැලිවේරිය පොලිසියේ සහ ගම්පහ සොකෝ අංශයේ නිලධාරීහු ද එක්ව සිටියහ.

2013 අගෝස්තු පළමු වැනි දා යුද හමුදාවෙන් කළ වෙඩි තැබීමෙන් පාසල් සිසුන් දෙදෙනෙක් ඇතුළු තිදෙනෙක් මිය ගියහ. තවත් විශාල පිරිසක් තුවාල ලැබූහ. මෙම වෙඩි තැබීමේ දී රමිල රවිශාන් පෙරේරා නම් සිසුවා මිය ගිය ස්ථානය මීට පෙර පරීක්ෂණ පැවැත්වූ කොළඹ අපරාධ කොට්ඨාසය හඳුනාගෙන නොතිබිණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවැත්වූ විමර්ශනයේදී සිද්ධියෙන් වසර තුන හමාරකට පමණ පසු පසුගිය අපේ‍්‍රල් මාසයේ දී එම ස්ථානය හඳුනා ගත් බව රහස් පොලිසිය මීට පෙර අධිකරණයට දැනුම් දුන්නේය.



අදහස් (6)

වසර හතරකට පසු රතුපස්වල මූනිස්සම් සොයයි

vipula Friday, 19 May 2017 02:37 AM

මාතලේ පසුගිය අවුරුදු වල හැට දෙනෙකුගේ ඇටකටු හමුවුනා රෝහලට අලුත් ගොඩනැගිල්ලක් සැදීමට පටන් ගත කාලේ . එකත් විමර්ශනය කරන්න.

:       13       18

sanju Friday, 19 May 2017 02:41 AM

දැන් ඉතින් මොකක් හොයන්නද. මේකේ බුලට් හොයන්නේ නැතුව මේකට වෙඩි තියන්න අවසර දීපු අය හොයල දඬුවම් කරන එක තමයි හොඳ.

:       2       9

narada Friday, 19 May 2017 03:07 AM

පුදුම විහිළු වැඩ..

:       0       4

කොබා Friday, 19 May 2017 09:39 AM

අවනීතියක තරම, අවුරුදු 4ක් ගියාද මූලික පරීක්ෂණ කරන්න? මේක නම් පුදුමාකාර අවාසනාවක්.

:       0       0

asamantha Friday, 19 May 2017 10:10 AM

වසරේ හොඳම විහිලුව. ඉක්මන් වැඩියි තව අවුරුදු කිහිපයක් ප්‍රමාද වුනාට කමක් නැහැ

:       0       0

Nandalal DE SILVA - France Friday, 19 May 2017 02:09 PM

වසර 4 කට පස්සේ මුනිස්සම් හොයන්න අණ දීපු එක්කෙනාගේ මොළේ පරීක්ෂාවක් කලින් කරා නම් අද මෙවැනි විමසුම් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. වෙරළ පැත්තේ ගියා නම් "මුනිස්සම්" වෙනුවට, හොද්දක් උයන්න "කුනිස්සන්" ටිකක් හොයා ගන්න තිබ්බා, මේ නිලධාරීන්ට !!!!

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 311 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 656 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 796 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 437 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 508 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 178 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site