ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් බ්‍රසීලය ඉවත් වන බවට එරට ජනපති ජෙයාර් බොල්සනාරෝ තර්ජනය කර තිබේ.
කොරෝනා වයිරස ව්‍යාප්තිය මන්දගාමී වීමට පෙර අගුලු ඉවත් කිරීම අවදානම් බවට ඒක්සත් ජාතීන්ගේ සංවිධානය බ්‍රසීලයට අනතුරු ඇඟවීමෙන් පසු බ්‍රසීල ජනපතිවරයා මෙලෙස තර්ජනය කර ඇත.
මාධ්‍යවේදීන් අමතමින් ජනපති බොල්සනාරෝ කියා සිටියේ සෞඛ්‍ය සංවිධානය පක්ෂග්‍රාහී දේශපාලන සංවිධානයක් බවයි. ඒය පක්ෂග්‍රාහී බවෙන් ඉවත් නොවන්නේ නම් බ්‍රසීලය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වීම ගැන සලකා බලන බවද හෙතෙම පැවසීය.
පසුගිය බ්‍රහස්පතින්දා වනවිට බ්‍රසීලයේ සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව ඉතාලිය ද ඉක්මවා ගියේය.
දිනෙන් දින රෝගීන් සංඛ්‍යාව ඉහල ගියද ජනපති බොල්සනාරෝට අවශ්‍ය වි ඇත්තෙතේ රට ඉක්මනින් විවෘත කිරීමට බව විශ්ලේෂකයෝ පවසති.
බ්‍රසීල ජනපතිවරයා දිගින් දිගටම තර්ක කරන්නේ අගුලු දැමීම හේතුවෙන් හටගෙන ඇති ආර්ථික ගැටලු මහජන සෞඛ්‍ය අවදානම ඉක්මවා යන බවයි.
පසුගිය පැය 24 තුළ බ්‍රසීලයේ මරණ1,005ක් වාර්තා වී ඇත.
ඒහි මේවනවිට සිදුවී ඇති මුළු මරණ සංඛ්‍යාව 35,047කි.
බ්‍රසීලයේ සමස්ථයක් ලෙස කොරෝනා ආසාදිතයින් 646,006ක් තහවුරු වී තිබේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
COMMENTS
මේකත් දැන් අසාර්ථක රාජ්‍ය නායකයන්ගේ කපටිකමක් වෙලා... ට්‍රම්ප් කළේත් ඕකම තමයි.
මෙයාට තේරෙන්නේ නැහැ ආර්ථිකයක් තියෙන්න නම් මිනිසුන් ඉන්න ඕනේ විත්තිය. මළකඳන් වල ආර්ථිකය කනත්ත තමයි. කර්මාන්තශාලා වල වැඩකරන්න මිනිසුන් ඕනේ. මිනිස් නොවන සතුන්ට ඒවායෙන් ප්‍රයෝජනයක් නැත. ගොවිපොළවල් පවත්වාගෙන යන්න මිනිසුන් අවශ්‍යයි.. මෙයාට තේරෙන්නේ නැහැ අඩුම ගානේ මෑන්ස් ඡන්දෙ දෙන්නත් මිනිසුන් අවශ්‍ය විත්තිය. එරට මිනිසුන්ගේ කරුමේ තමයි.
මෙයා ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙ මල්ලිනෙ...
තමන්ගේ වැරදි අනුන් පිට පැටවීමේ මේ න්‍යාය ඉගෙන ගත්තේ ට්‍රම්ප් ගෙන්. ට්‍රම්ප් අනුගමනය කරන්නන් අමාරුවේ. මෙයා ට්‍රම්ප්ගේ හිතවතෙක්. දෙන්නම එකම වළේ...
තව දුරටත් මේ වගේ මෝඩ නායකයික් සිටීම කණගාටුවක්...
රට විනාශ වෙනකොට තමන්ගේ වරදින් කාගේ හෝ පිටේ ගසා බේරෙන්න හදන තව කෙනෙක්... ලෝකයේ ඇමරිකාවෙන් පස්සේ සීඝ්‍රයෙන් කොරෝනා බෝවෙන අනිත් රට තමයි මේ... දැන් හිතාගන්න පුළුවන් නේද ඇයි මේ ගොල්ලෝ මේ තරම් දඟලන්නේ මොකද කියලා... මෙයා ට්‍රම්ප් ජූනියර්...
මේකම තමයි අපේ අයත් තමන්ගේ අදක්ෂකම වහගන්න "අධිරාජ්‍යවාදීන්" කියා කියා බෙරිහන් දෙන්නේ...
මේක දැක්කහම මට මතක්වුනේ අර ඇමෙරිකානු තානතිපතිලට කොරෝනා වයිරස මර්දනේ ගැන දොස් කියපු අපේ උන්නාන්සේ කෙනෙක්ගේ කතාවයි.
බ්‍රසීලය කියන්නේ ඉතාම දිළිඳු රටක්. මේ ජනාධිපතියත් ට්‍රම්ප් වගේම තමන් ගැන සිතන පිස්සෙක්. අපේ ශ්‍රී ලංකාවෙන් පෘතුගීසි කාරයෝ මකබෑවිලා ගියඑක හරිම හොඳයි. එම රටේ සිටපු අාදීවාසීන්ගේ දේවල් විනාශ කරලා තිබුණු වටිනා දේවල් සොරකම් කළා. මේ අය දිගටම ලංකාවේ සිටියානම් අද අපිට ඉන්න වෙන්නේ අපායක... සමහරු මගේ පුද්ගලික අදහසට අකමැතිවෙයි. එනම් ඉංග්‍රීසින් ආපු නිසා අපගේ සංස්කෘතියවත්, බෞද්ධ දර්ශනයත් ඉතුරු වුණා. නැතිව පෘතුගීසි කාරයින් හිටියා නම් අපි අද වහල්ලු..