(මහින්ද නිශ්ශංක,ඡායාරූප - චතුර එස් කොඩිකාර)
රේගු සමාජ ආරක්ෂණ ඒකකයේ පාරිභෝගික ආරක්ෂණ අංශය මගින් අත්අඩංගුවට ගනු ලැබූ රුපියල් ලක්ෂ 310ක් පමණ වටිනා ව්‍යාජ භාණ්ඩ 130000 තොගයක් ඔරුගොඩවත්ත ආර්.සී.ටී ආයතනයේදී අද(22) විනාශ කෙරිණි.
ආනයනකරුවන් 9 දෙනකු විසින් ගෙන්වා තිබූ මෙම ව්‍යාජ භාණ්ඩ තොගයට සෙල්ලම් බඩු, පැන්සල් පෙට්ටි, වාහන අමතර කොටස්, දුරකථන බැටරි හා ආරෝපක ඇතුළු භාණ්ඩ ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්ෂ සුනිල් ජයරත්න මහතා පැවසීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වටිනා කියන දේවල් ටික හොර පාරෙන් ගෙවල් වලට යවලා සෙල්ලම් බඩු ටිකක් තලලා දානවා වගේ මටනම් පේන්නේ. අපි නොදන්න ශ්‍රී ලංකා රේගුව.
ලංකාවේ රජයේ හරක් . මේවා දුප්පත් ළමයින්ට බෙදලා දුන්නනම් මොකද වෙන්නේ
මෝඩ තීරණ.දුප්පත් යට මේ බදු බෙදා දෙන්න තිබුන.
මේවා දුප්පත් ළමයින්ට බෙදලා දුන්නනම් මොකද වෙන්නේ
වැරදි තීරණ. දුප්පත් ළමුන්ට බෙදලා දෙන්න. අපි ඇමරිකාව හෝ ජර්මනියේ නෙමේ නේද?
සනත්, ලුසේන, කොඩිකාර, ඔබලාගේ කීම හරියටම හරි. මේවා දුප්පත් ළමයිට දෙන්න තිබුණා
ඇයි මේ තරම් ශ්‍රී ලාංකිකයෝ මෝඩ?
මේවා විනාශ නොකර විනිවිදභාවයකින් යුත්තව ටෙන්ඩර් පටිපාටියක් මගින් අලෙවි කරා නම් කිසිම අමතර වියදම් නැතිව රජයට රු ලක්ෂ 310 ලාභයක් උපයාගත හැකිව තිබුණි. මේ වගේ දේවල් වලට උපදෙස් දෙන මෝඩ නිලධාරීන් වහා ඉවත් කල යුතුව ඇත. අපි වගේ රටවල් දැනගන්න ඕන මොන විදිහෙන් හරි මුදල් උපයන්න. ඒත් අවාසනාවට එවන් දේ සිදු නොවන එකයි
ව්‍යාජ භාණ්ඩ බෙදා දෙන්න වුවමනා නෑ. මේ උපකරණ මිනිස් සිරුරට අහිතකර වෙන්න පුළුවන්. අනෙක් අතට බෙදා දුන්නොත් ඒක වෙළෙඳපොළට එන්න හැකියි. ඒකෙන් නියම භාණ්ඩය විකුණන ආයතනවලට හානියක් වෙනවා.
එතකොට මේවට ගෙව්වේ මේ රටේ මුදල් නොවේද ?
පෙන් ලයිට් බැටරි සහ වැලි යෙදූ දුරකථන බැටරි හා ආරෝපක වගේ ඒවා විනාශ කර එක හොද වැඩක් ....
මේ රටේ මිනිස්සු ඊ මේවගේ අපරාද දේවල් කරන්නේ නැති බැරි මිනිස්සු කොච්චර ඉන්නවද ඒ අයගේ පාසල් යන ළමයින්ට මේ පැන්සල් පෙට්ටි බෙදල දුන්න නම් කොච්චර වටිනවද?
ලංකාවේ මිනිස්සු හොරකම ගැන කතා කරනවා, නාස්තිය දිහා බලන් ඉන්නවා, මේ බඩු ටික අධ්‍යාපන අමාත්‍යාංශය හරහා හරි ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා හරි පාසල් ළමයින්ට බෙදල දුන්නනම් හොද නැද්ද. මේවා අපරාද වැඩ. අනෙක මේවා හොරට ගෙන්නුවට තාක්ෂණික ගැටලු තියෙන්න විදියක් නැහැ. වෙන්දෙසි කරලා අදායමක් ගන්න බැරිද
පොඩි පැහැදිලි කිරීමක් කලොත්, සාමාන්‍යයෙන් ආනයනකරුවන් නීති විරෝධීව ගෙන්වන භාණ්ඩ කියන්නේ බොහෝ දුරට බදු වලින් බේරීම සදහා අඩු බදු කාණ්ඩ අංක යටතේ ගෙන්වන වෙනත් භාණ්ඩයි. ඒ වගේම විශේෂයෙන් මේ ගෙන්වන සමහරක් භාණ්ඩ ඒ ගෙන්වන අය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය නිර්දේශ කරලා තියෙන ජාත්‍යන්තරව පිළිගත් තත්ත්ව යටතේ නිෂ්පාදනය කරන භාණ්ඩ වෙනුවට වෙනත් ලාභදායි සෞඛ්‍යට හානිකර නිෂ්පාදන ගෙනෙන්න පුළුවන්. ඒවා ශ්‍රී.ල.ප්‍ර.ආ.යේ අහඹු විමර්ශනයෙන් අනතුරුව එසේ ගෙන්වන භාණ්ඩ වෙළඳපොලට නිකුත් කිරීම හානිදායක නිසයි ඒවා විනාශ කරන්නේ.
මට නම් පෙන්නේ බාල භාණ්ඩ වලින් වන සමාජ හා ආර්ථික හානිය ගැන අපේ රටේ මිනිස්සුන්ට කිසිම අවබෝධයක් නැහැ. කොහොමද රට දියුණු කරන්නේ.
මෝඩ තීරණ. සෙල්ලම් බඩුවක් ගන්න බැරි ළමයි කී දෙනෙක් නම් ඇද්ද. පැන්සලක් අරගන්න බැරි අය මොනතරම් ඉන්නවද. ඇයි මේවා බෙදල දෙන්න බැරි.
ළමයින්ට පාවිච්චි කරන්න පුළුවන් දේවල් තියෙනවනම් දුෂ්කර ප්‍රදේශ වල පාසල් වලට බෙදා දෙන්න තිබුනා. කොහෙද අපේ රාජ්‍ය සේවකයන්ට තියෙන්නේ පොතේ දැනුම විතරයිනේ
රත්තරන් බඩුත් මේ වගේ විනාස කරනවාද? බඩු රාජසන්තක කලාම රජයට නැවත මේවා දුප්පත් ඉස්කෝල ළමයින්ට බෙදා දෙන්න පුළුවන්. අනික ඒ බව නොදන්නා අය ඔතන නැතුවා වෙන්න බැහැ වෙන මොකක්හරි හේතුවක් ඇති.
අවුරුදු සමයේ අගහිගකම් ඇති දරුවන්ට පරිත්‍යාග කලානම් පුංචි හිත් කීයක් සතුටු කරන්න තිබ්බද? සීතල කාමර වල ඉදන් තීරණ ගන්න ඈයෝ උපාධි පිට උපාධි ගැහුවත් වැඩක් නෑ මහපොළවේ යතාර්ථය දන්නේ නැත්නම්.
අනේ අපේ රටේ අවංක නිලදාරීන් සහ නීතිය. මේවා නිකම් සංදර්ශන විතරයි .
ජනාධිපතිතුමා මේක පත්තරෙන් හරි දකීවි.
මේවා දුප්පත් ළමයින්ට බෙදලා දුන්නනම් මොකද වෙන්නේ
ඇයි මේ බඩු ටික අසරණ දුප්පත් ළමයිට දෙන්නේ බැරි.. ළමා නිවාස වලට දෙන්න බැරි..
මේක මාර මෝඩ වැඩක්. රාජසන්තක කරලා දුප්පතුන්ට දෙන්න තිබුනා
සෙල්ලම් බඩුයි පැන්සල් පෙට්ටියි නම් දුෂ්කර පාසල් වලට බෙදා දෙන්න තිබුනා. මොකද දැනටමත් මේ තත්වයේ බඩු වෙළදපොළේ තියෙන නිසා. නමුත් ප්‍රශ්නය වෙන්නේ මේවා පිළිගත් වෙළද නාමයක අණුකරනයන් නම් ජාත්‍යන්තර පේටන්ට් නිතිය අනුව විනාශ කලයුතුම වෙනවා.
මේවා සේරම්ම බාල බඩු, අනුකරණ ,පදික වේදිකාවේදී අපි අහු වෙන්නේ මේවට. මේ බඩු ටික අසරණ දුප්පත් ළමයින්ට දෙන්න තිබුනා. ඒ වගේම ප්‍රමිතිය ගැන හිතන්න ඕන
රටේ සිදුවෙන සෑම සිදුවීමක්ම ජනාධිපතිතුමට කියකියා ඉන්න බැහැනේ. එ්කටනේ නිලධාරීන් ඉන්නේ. එය දැන ගන්න ඕනේ මේ වගේ විනාශ නොකරන්න. අති දුෂ්කර පාසල් නම් කොච්චර තියෙනවද? ඒ ළමයි මේවා දැක්කොත් හූල්ලාවි. පව්...
ලොව හොඳම රේගුව ශ්‍රී ලංකාවේ. අපි සතුටු වෙමු. හරිම අවංකයි. මොකුත්ම ගෙදර ගෙනියල නැහැ.
මගේ අම්මෝ ලක්ෂ 310 , අපරාදේ , පොල්ගෙඩියක් 75 වෙන වෙලාවක මේවගේ විනාස කරන්න නිළධාරින්ට ඔලුව හොද නැද්ද.
කොටින්ම කීවොත් මේවා මෝඩ තීරණ. අද ලංකාවේ තියෙන්නෙම තත්වයෙන් අඩු උපකරණ. මේ විනාශ කරන්නේ සවූත්තු බඩු ටික තමා ඔක්කොම වටිනා බඩු ලංකාවේ රේගුව පන්නනවා. එකේ සැකයක් නැ, ඒ තරම් ලංකාවේ රේගුව ගැන අපිට ලොකු පැහැදීමක් තමා තියෙන්නේ. පාසල් උපකරණ හැර අනෙක් ඒවා විනාශ කරාට කමක් නැ , ලංකාවේ පැන්සල් පෙට්ටියක් දැකපු නැති ළමයි කොයිතරම් ඉන්නවද? මේ තීරණ ගන්න අයගේ දරුවෝ සුර සැප විඳිනවා. ඇයි මේ අයට තේරෙන්නේ නැත්තේ අප රට තමා අන්තිම නොදියුණු රටක් කියලා, මේ අය හිතන් ඉන්නේ මේක සිංගප්පුරුව කියලා
මේවා විනාස කරන්න තීරණය කර සියලු දෙනාම මෝඩ මිනිස්සු. මේවාහි අහිතකර දේවල් තියෙනවනම් මොනවද කියල කියන්න පැන්සලක, පැන්සල් පෙට්ටියක විස රසායන තියෙනවද. එහෙනම් ඔක්කොටම කලින් විනාස කරන්න ඕන තැබෑරුම් ටික නේද ලංකාවේ තියෙන. මේවට නියෝග දෙන උදවියට සල්ලි තියෙනවා. එයාලට ගමේ දුප්පත් දරුවන් පොතක් පතක් ගන්න විදින දුක දන්නැ. කොහොමත් කොළඹ ඉන්න මිනිස්සු දුක කියන දේ දන්නැ . තමන් ගැන විතරයි වැඩිපුර හිතන්නේ. අපරාදේ මේ බඩු ටික පිටිසර ගමක දුප්පත් දරුවන්ට බෙදල දෙන්න ඕන කියල කිසි මිනිහෙක්ට හිතුන නැති එක ගැන දුකයි බුදු දහම තියෙන රටේ .