

( තිලකරත්න දිසානායක.)
මුතුරාජවෙල පරිසර සංවේදී කලාපයෙහි දැනට පෞද්ගලික පාර්ශ්වයකට අයත් බව කියන කොටස රජයට පවරා ගැනීමට සහ එහි කිසිදු පෞද්ගලික ඉදිකිරීමක් සදහා අවසර නොදීමට අද (27) පැවති ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී තීරණය කෙරිණි.
බස්නාහිර පළාත් ආණ්ඩුකාර එයාර් මාෂල් රොෂාන් ගුණතිලක සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවෙහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමේදී මෙම තීරණය ගනු ලැබීය.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන මහතා අදහස් දක්වමින්, එම කලාපයෙහි පෞද්ගලික කොටස රජයට පවරා ගැනීමට තීරණය කරන බව සදහන් කළ අතර ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක මහතා ප්‍රකාශ කොට සිටියේ ගනු ලැබූ මෙම තීරණය සම්බන්ධයෙන් පොලීසිය ක්‍රියාත්මක විය යුතු බවත් පැමිණිලි අවශ්‍ය නොවන බවත්ය.
මෙහිදී මුතුරාජවෙල වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙහි බස්නාහිර කලාප සහකාර අධ්‍යක්ෂ නීතීඥ ලලිත් වික්‍රමආරච්චි මහතා පැහැදිලි කිරීමක් කරනු ලැබීය.
මුතුරාජවෙල පරිසර සංවේදී කලාපය තුල වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු ඉඩම් තුල පෞද්ගලික පාර්ශ්ව අයිතිවාසිකම් කියන ඉඩම් ද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා ගෙන පරිසර සංවේදී කලාපයක් ලෙස ආරක්ෂක කණු යොදා සංරක්ෂණය කිරීමට මෙහිදී තීරණය කෙරිණි
අක්කර 600 කින් සමන්විත මුතුරාජවෙල ප්‍රදේශයෙහි සිදු කෙරෙන පරිසර හානිය සම්බන්ධයෙන් විශාල වශයෙන් ජනතා විරෝධතාවයක් පළව ඇති බවත් මෙය රතුපස්වල ජල ගැටළුව හා සමාන ප්‍රශ්ණයක් විය හැකි බැවින් මෙම තීරණය ගැනීම සුදුසු බවත් ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතා ඇතුළු එම ප්‍රදේශය නියෝජනය කරනු ලබන ජනතා නියෝජිතයින් විසින් මෙහිදී පෙන්වා දෙනු ලැබූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ තීරණයක්...!!!
පොහොට්ටුවන්ට මම ඡන්දෙදී වියදම් කරපු සල්ලිවලට හරියන්න මට දෙනවයි කියපු අක්කර 200ටත් වැඩේ දෙන්නද යන්නේ..?
කවුද දන්නේ දේශපාලකයන්ගේ පවුලේ අයට, හිතවතුන්ට වාසියක් වෙනවද කියලා... දේශපාලකයෝ කියන කතා විශ්වාස කරනවා බොරු...
ඒකත් කොහේට හරි බදු දේවිද දන්නේ නැහැ...
අසව්, අසව් හැමදාමත් ඉඩම් දුටුවිට, සංවේදී වන අප්පච්චිලා සහ පුතාලා මුතුරාජවෙලටත් සංවේදී වන බවයි. රාජ උදහසට ලක්නොවී කටවහ ගනිල්ලා...
ගැසට් එක අතට එනකම් අපි ඉඳිමු...
කියන්න නම් පුළුවන්. කරන්නේ කොහොමද බලමු. වරායට කිව්වෙත් දෙන්නේ නැහැ කියලනේ...
අපේ සිරි ලංකාවේ ඉන්න සිංහලයන් පක්ෂ දෙකකට බෙදී ඉන්න කල් මේ වාසනාවන්ත රට දියුණුව කියන දේ කිසි දවසක දකින්නේ නැහැ. කෙනෙක් කරන කොට අනිකාට හොඳ නැහැ. කරත් වැරදියි, නොකරත් වැරදියි. හොරා කෑවත් තමුන්ගේ පැත්තේ කෙනෙක් නම් ෆුට් නෝට් ගහලා හරි හොඳයි කියයි. කාලයක් අපේම දේවල් ජනතා සේවකයින් කියන අයම ගිනිතියලා වැනසුවා. ඒ අය තාමත් පාර්ලිමේන්තුවේ... කොළඹ වරාය විකුණන්න යන අය හම්බන්තොට වරාය විකුණපු වෙලාවේ විරුද්ධ වුණා. කොළඹ වරාය දැන් ඒ අය දඟලනවා විකුණන්න.. එතකොට හම්බන්තොට විකුණපු අය විරුද්ධයි. සිංහලයිනි, එකතු වෙයව් එක ජාතියක් වශයන් හිට ගනිව්... කවුරුවත් මේ කපේදී මේ අපේ රට දියුණුවක් කරා ගෙන යන්නේ නැහැ. තියන රජයට පුළුවන් තරම් උදව්කර දියුණු දේශයක් කරා යාමට උත්සාහ කරමු. හරි යන්නේ නැතිනම් ඊලග පාර ඡන්දෙදී දැනට පාර්ලිමේන්තුවේ ඉන්න කිසිම කෙනෙක් නැවත පත් නොකිරීමට වග බලාගමු.