(ක.ග.කරුණාරත්න)
මැතිවරණ නීති උල්ලංඝණය කරමින් ඡන්ද ප්‍රචාරක කටයුතු වල නිරතව සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවෝ 22 දෙදෙනෙකු අද (29) හිඟුරක්ගොඩ අක්කර 70 ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් බව හිඟුරක්ගොඩ පොලිසිය පැවසීය.
අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් 15 ක් සහ පිරිමි පුද්ගලයින් 07 දෙනෙකු සිටින බව පොලිසිය කීය.
මැතිවරණ පැමිණිල්ලක් මත අත් අඩංගුවට ගනු ලැබූ මෙම පිරිස හිඟුරක්ගොඩ සහ ඒ අවට පදිංචිකරුවන් බව අනාවරණයවී ඇත.
තම පක්‍ෂයේ අපේක්‍ෂකයාට සහයෝගය දක්වන ලෙස ඉල්ලමින් ගෙන් ගෙට යමින් සිටි මේ මේ පිරිස සන්තකයේ තිබී අපේක්‍ෂකයාගේ රුව සහිත පත්‍රිකා තොගයක්ද පොලිසිය අත් අඩංගුවට ගෙන තිබේ.
අත් අඩංගුවට ගත් පිරිස පොලිස් ඇප මත මුදාහැර පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි පොලිසිය සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
573
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැතිවරණ නීති කැඩූ 22 ක් අත් අඩංගුවට