IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මහා සංඝරත්නය විවේචනය නොකරන්නැයි අගමැතිගෙන් රන්ජන්ට අවවාද

(නිමල කොඩිතුවක්කු)

මහා සංඝරත්නය සම්බන්ධයෙන් කිසිඳු විවේචනයක් සිදු නොකරන ලෙසට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා තමන්ට අවවාද කළ බව මහා මාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවැසීය.

මහා සංඝරත්නය සම්බන්ධයෙන් තමන් කිසිඳු විවේචනයක් සිදු නොකළ බවත්  ඕනෑම අවස්ථාවක මහා සංඝ රත්නයට වැද නමස්කාර කිරීමට තමන් සූදානම් බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මහා සංඝරත්නය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයක් ඔස්සේ රන්ජන් රාමනායක මහතා  මෑතකදී කළ ප‍්‍රකාශය පිළිබඳ කරුණු දක්වන ලෙසට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කළ දැනුම්දීමකට අනුව අද (17) පස්වරුවේ කොළඹ අරලියගහ මන්දිරයේදී අග‍්‍රාමාත්‍යවරයා හමුවේ පෙනි සිටීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.

එහිදී පස්වරු 3.00 සිට පැය එකහමාරකට ආසන්න කාලයක් රන්ජන් රාමනායක මහතා විසින් තමන් කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා හමුවේ දීර්ඝ පැහැදිලි කිරීමක් කරනු ලැබීය.

තමන් මහා සංඝරත්නය විෂයෙහි අපහාසායක් හෝ නින්දාවක් සිදුවන ආකාරයේ කිසිදු ප‍්‍රකාශයක් සිදුකර නොමැති බවත් තමන් සෑම අවස්ථාවකම මහා සංඝරත්නයට ගෞරව කරන බවත් එහිදී ප‍්‍රකාශ කළ බව රන්ජන් රාමනායක මහතා පැවැසීය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා හමුවීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වු රන්ජන් රාමනායක මහතා තවදුරටත් මෙසේද කීය.

‘‘මහා සංඝරත්නයෙන්  සමාව ගන්න මම වරදක් කරලා නැහැ. අපචාර කරන චිවරධාරීන්ට නම් මට වඳින්න බැහැ. ඇතැම් චීවරධාරින් සම්බන්ධයෙන් මට ලැබුණු පැමිණිලි  පිළිබඳ තොරතුරු ඇතුළත් ලිපි ගොනුවක් අග‍්‍රාමාත්‍යවරයාට පෙන්නුම් කළා.  ඒ සියලු තොරතුරු මා  සතුව තිබෙනවා.

මේ ප‍්‍රකාශය ගැන සමාව ගන්න කියලා මට කවුරුත් තාම කියලා නැහැ.  ත්‍රෛනිකායක මහා නායක හිමියන් වගේ සිල්වත් මහා සංඝරත්නය  මට කිව්වොත් රන්ජන් මේ කරපු ප‍්‍රකාශයට සමාව ගන්න කියලා  මම උන්වහන්සේලාගෙන් සමාව ගන්න සූදානම්.

එහෙම  නැතුව මැරයො වගේ කටයුතු කරන චීවරධාරීන්ගෙන් මට  සමාව ගන්න බැහැ. මේ අය බෞද්ධ භික්ෂූන් වහන්සේලා  නෙමෙයි මේ අය හැසිරෙන්නේ අයි. ආර්. සී කාරයෝ වගෙයි‘‘ යැයිද රාජ්‍ය අමාත්‍යවරයා එහිදි පැවැසීය.

 



අදහස් (40)

මහා සංඝරත්නය විවේචනය නොකරන්නැයි අගමැතිගෙන් රන්ජන්ට අවවාද

sudath Wednesday, 17 July 2019 05:47 PM

බඩුත් හාමුගේ, නඩුත් හාමුගේ, ඉතිරි ඒවත් හාමුගේ...

:       47       81

ගල් බමුණාThursday, 18 July 2019 09:09 AM

රන්ජන් රාමනායක මේ කරන්නේ පාස්කු ප්‍රහාරයෙන් පසු එකාවන්ව සිටින බෞද්ධ සහ කිතුනු ජනතාව භේද කිරීමේ කුමන්ත්‍රණයයි. රාජිත කල රහස් සාකච්චාවක් හෙළිවී තිබුනා. එහි කියා තිබුණා පාප්තුමා ප්‍රකාශයක් කිරීමට නියමිතයි. එයින්පසු කිතුනු ජනතාව නැවත එජාපය සමග බව. එය සිදුවීමට පෙර ඔහුගේ රහස් සාකච්ඡාව හෙළිවූ නිසා රජයට එරෙහි කිතුනු ජනතාව එක්කර ගැනීමට නොහැකි වුනා. මේ නැවත උත්සාහ කරන්නේ බෞද්ධ භික්ෂුන් හරහා කිතුනු ඔහුගේ ගැටුමක් මගින් කිතුනු බෞද්ධ ගැටුමක් නිර්මාණය කර ගැනීමයි.

:       28       160

chandima Wednesday, 17 July 2019 06:07 PM

"පුතේ මේ උඹ ආයෙත් කුණුහරුප කියලා අහුඋනොත් කට තලනවා දැනගනින්, දැන් ගිහින් හොඳ ළමය වගේ අර බෙදල තියන බත්ටික කාල හෙට තියෙන ඉස්කෝලේ වැඩ ටික බලාගනින්, මේ කොල්ලගේ වැඩ හින්ද මාත් බැනුම් අහනවා."

:       26       49

ravi Wednesday, 17 July 2019 06:12 PM

ඔව් .. එක ඇත්ත .. විවේචනය කර කර ඉන්නවට වඩා හොඳයි ..

:       8       5

ප්‍රදීප් Wednesday, 17 July 2019 09:36 PM

වෙනත් ආගම්වල ඕනෑතරම් මෙවැනි දේවල් වෙලා නඩුත් වැටිලා තියෙනවා. ඒත් අල්පොන්සෝ රන්ජන් එක ආගමකට පහර දෙන්න මෙය යොදාගත් බවයි පේන්නේ. සිල්වත් භික්ෂූන්ට මෙය නින්දාවක්... ශාසනේට ගරහන්න මේවගේ කට්ටිය මේ ආණ්ඩුවේ ඕනෑතරම් ඉන්නවා. ඔවුන්ට පිස්සු. තමන්ගේ වැරදි පේන්නේ නැහැ.

:       314       250

Bamunuarachchi Wednesday, 17 July 2019 11:21 PM

ඈ බොල හාමුදුරුවරුන්ට අපහාස නොකර ඉන්නේ මහ උන්දෑ එපා කියන නිසාද? නුඹ අන්‍ය ආගමිකයෙක්.. එමනිසා නුඹ හාමුදුරුවරුන්ට වඳින්න වුවමනා නැත. නුඹගේ ආගමේ වැඩක් බලාගෙන ඉන්න එක නුවණට හුරුයි නේද? දේශපාලන චන්ඩියෙක් වෙන්න හදන්න එපා. එහෙම වෙන්න ගිය අය දැන් පස්ස බිම ඇනී ඉන්නවා...

:       328       295

sanaThursday, 18 July 2019 07:34 AM

ඔයාගේ නමත් අනුන්ගේ ආගමකටනේ අයිති... අදටත් අප්‍රසන්න අයෙක් හඳුන්වන්න... බමුණා වගේ කියන්නේ ඒකනේ? ඒක දැන් බමුණුආරච්චි වගේ කියලා කියන්න ඕනෑ...

:       38       100

BamunuarachchiThursday, 18 July 2019 11:59 PM

දන්නා දෙයක් කතා කරනවද? බමුණා කියන වචනය ආගමකට අයිතී කියලා මොන ඉස්කෝලේද ඉගැන්නුවේ? සාමාන්‍ය පෙළවත් සමත්ද ? Sana නැවත ළඟම තිබෙන හොඳම පාසලට ගියොත් හොඳයි. නැතිනම් අලි අමාරුවක වැටෙනවා මේවගේ අදහස් පලකරලා.

:       24       0

කරුණාවති Wednesday, 17 July 2019 11:39 PM

අගමැති බුද්ධශාසනයට ආදරෙයි කියලා පන්සලට ගිහින් කියලා තිබුණා. ඔච්චර ආදරේ නම් රංජන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරන්න. මන්ත්‍රී පදවියෙන් අයින් කරන්න. මනාපවලින් ඊළඟට ඉන්න කෙනාට පාර්ලිමේන්තුවට එන්න ඉඩ සලසන්න.

:       341       329

upaliThursday, 18 July 2019 05:20 AM

අගමැති පන්සල් ගියාට බුද්දාගමේ නොවෙයි. 300ක් පමණ කතෝලික ජනතාව පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ගලවාගන්න බැරිවුණා. දැන් පාසලක්, පන්සලක් ගානේ යනවා. ඔහු තවත් අත්වල ලා තවරාගත් දේශපාලකයෙකි.

:       301       307

Bamunuarachchi Wednesday, 17 July 2019 11:45 PM

හලෝ, සිල්වත් හාමුදුරුවරු ගැන හොයන්නේ අවංක දේශපාලකයන් ගැන හොයනවකෝ... හාමුදුරුවරු ඔය කියන විදිහට සිල්වත් වුනොත් ඔහෙලා හාමුදුරුවරුන්ගේ කරපිටින් යාවි. ඔය කියන සිල්වත් හාමුදුරුවරුන්ගෙන් රට වුණු සේවය මොකක්ද කියන්න බලන්න. ඔහේගේ ඔය කියමනට විරුද්ධව ඔය කියන සිල්වත් හාමුදුරුවරු කතාකළාද? රට ජාතිය ආගම වෙනුවෙන් කතා කොරන්නේ සිල්වත් කියා ඔබකියන හාමුදුරුවරු නොවෙයි. අපේ රටට ඇවිත් අන්‍ය ආගමිකයින් මරාදැමිය යුතුයි කියන එවුන් සිටින රටක සිල්වත් හාමුදුරුවරුන්ට කළහැක්කේ කුමක්ද?

:       613       781

SABS Thursday, 18 July 2019 01:52 AM

ගරු අමතිතුමෙනි, මහා සංඝරත්නය හා චීවරධාරිය වෙන්කර හඳුනාගන්නේ කොහොමද? සීලය, රකින { කය, වචනය } සංවරය ඇත්තෝ හොයන්නේ කොහොමද? ගරු ඇමතිතුමනි, බුදුදහමේ පෙන්වාදෙන "කර්මය, කර්මඵලය " හඳුනාගෙන නිහඩවෙමු. මම, සන්ඝයාවහන්සේනමක් ද . චීවරධාරියෙක් ද තීරණය කිරීම උන්වහන්සේලා හෝ එම චීවාධාරියෝ තෙරුම්ගනීවී ඔබතුමාට තෙරුවන් සරනයි.

:       38       49

mp Thursday, 18 July 2019 02:02 AM

මේ කිරි සප්පයාගේ කටට සූප්පුවක් දෙන්න, එහෙම නැත්නම් කටකලියාවක් දාන්න.

:       89       55

ගල්කටස් Thursday, 18 July 2019 02:09 AM

ඔයා ගරු කරන්න ඕනෑ නැහැ. ඔයාලා වගේ අයට හරියන්නේ වැලිහේන සෙට් එක තමා. අපිත් වැලිහෙනේ ලොක්කෝ... අපිත් දෙන්නම් පැටිකිරිය අැට්ටි හැලෙන්න...

:       75       78

rohana Thursday, 18 July 2019 02:32 AM

එ්කේ ඇති වරදකුත් නැහැ.. හොරණ පැත්තේ පන්සලක සාමනේර හිමිනමකට සිදුවූ අකටයුත්තක් හේතුවෙන් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු සියලු දෙනා ඒ ලොකු හාමුදුරුවන්ව පන්නා දැමුවා. ඒ වගේ දේවල් ලංකාවේ සිද්ද වෙනවා.. පැවිදි පාර්ශවය ඒවා ගැන දැනගත යුතුයි.

:       316       721

ශ්‍රීThursday, 18 July 2019 03:38 AM

ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් විවේචනය කරන්නා පාරිශුද්ධ විය යුතුයි. අනෙක උසස් පෙළට ක්‍රිස්තියානි ආගම ගන්න ගමන් බෞද්ධ හාමුදුරුවරු විවේචනය කරනවා. වැරදි කරන ක්‍රිස්තියානි පූජකයන් නැද්ද? කෝ ඒ අය විවේචනය කරනවාද? රංජන්ගේ විවේචනය ඒකපාර්ශිකයි. ඉන් ඔහුගේ අරමුණ පැහැදිලියි.

:       118       266

Anil Lankathilaka Thursday, 18 July 2019 02:41 AM

වෙන ආගමික නායකයින්ට ඔය නීති නැහැ. කෝකටත් කට පරිස්සන් කරගෙන ඉන්න.

:       213       362

jayath Thursday, 18 July 2019 03:00 AM

මේ වගේ දේශපාලන "ෂෝ " කාරයින්ට මාද්‍ය මගින් අනවශ්‍ය ප්‍රචාර දෙන්න නරකයි' මෙයා ගේ අතීත ක්‍රියාකාරකම් දිහා බලන්න හැමදාම කරන්නේ රඟ දැක්වීම් කලක් විධාගත ස්ත්‍රී ශ්‍රමිකයෝ, ඊළඟට, විල්පත්තු සංදර්ශන, ඊ ළඟට පාර්ලිමේන්තුවේ කුඩු ගහන අය, දැන් මේක ළඟදීම බලාපොරොත්තුවන්න. ඊළඟ එක මුන්නැහේ කතෝලික හින්දා ධම්ම පදය කියවලා නැතුව ඇති.. එ්කේ එක ගාථාවක සරල සිංහල තේරුම මේකයි. සමහර ගොන්නු ඉන්නවා ශරීරය සහ මස් විතරයි... කනවා බොනවා ඇඟ හැදෙනවා. හැබැයි සංඝරත්නය ගැනවත්, ධර්මය ගැන අවබෝධයක් වත් නැහැ...

:       539       586

ලුම්බිණි Thursday, 18 July 2019 03:26 AM

රන්ජන්ගේ කතාව හරි... හැමෝම බලාගෙන ඉන්නේ වැරදි කළා කියලා කියන අය විවේචනය කරන්න. වැරැද්ද පෙන්නන්න ඉදිරිපත් වෙන අය අඩුයි.

:       190       472

BamunuarachchiThursday, 18 July 2019 06:22 AM

වැරැද්ද පෙන්වන්න ඕනේ වැරදි නැති එකෙක්... එයාම පිලිඅරන් තිබෙනවාලු.. එයා සල්ලි වලට ධනවත් ගැහැණු ළඟට ගියා කියලා. ඉතින් එහෙම කෙනා කොහොමද කාගේවත් වැරදි පෙන්වන්නේ...? ඔබ මෙයාට එකතු වීම මම දකින්නේ කුණු ගොඩකට තවත් කුණුගොඩක් එකතුවෙලා කියලයි.

:       52       18

ranilThursday, 18 July 2019 10:22 AM

ගිහියයි පැවිද්දයි කියන්නේ දෙන්නෙක් හලෝ . එක තේරුම් ගන්න බැරිද ? රන්ජගේ වැරැද්ද මේක එක ආගමකට කියපු එක. මේ දේ හැම ආගමකම වෙනවා . මුළු ලෝකෙම .

:       0       14

BamunuarachchiFriday, 19 July 2019 11:39 AM

1. ගිහියයි පවිද්දයි කියලා වෙනසක් නැහැ කව්රුකලත් වැරැද්ද වැරද්දමයි 2. රන්ජන් බුද්දාගමට අපහාස කලේ නැහැ හාමුනුදුවරුන්ටයි අපහාස කලේ එනිසා මූ ඉල්ලන් කෑවා. 3. රන්ජන් කීව දේවල් ආගම් වල සිද්ද වෙන්නේ නැහැ සිද්දවෙන්නේ පූජකයින්ගෙන්. ඔබ ගාව මේවගේ තව ගොන් අදහස් තිබෙනවානම් ප්‍රසිද්දියේ පළකර ගොන්කම පෙන්වන්න.

:       0       0

KANDEPOLA Thursday, 18 July 2019 03:39 AM

රන්ජන් කෙලින් කතා කරනවා, ඇත්ත කියනවා, පොඩි මිනිහට පුළුවන් විදියට උදවු කරනවා, කොමිස් ගහන්නේ නෑ, හොරකම් කරන්නේ නෑ. (එතකොට මේ සිස්ටම් එකේ හැටියට රන්ජන් කියන්නේ අවුල් පොරක්) මේ දේශපාලන මඩ ගොඩේ එරිලා ඉන්න අපේ රටේ ගොඩක් මිනිස්සුන්ට රන්ජන් කියන්නේ 'මෝඩයෙක්'. හැබැයි මේ සිස්ටම් එක ප්‍රතික්ෂේප කරන බුද්ධියක් තියෙන අයට රන්ජන් කියන්නේ උඩුගන් බලා පීනන්න උත්සහ කරන එඩිතර වීරයෙක්. ඒක කෙනාගෙන් කෙනාට සාපේක්ෂයි.

:       270       693

Kumara Thursday, 18 July 2019 04:03 AM

Mr.Yantath, ඔය කතාව, පන්සල් වලටත් හරියටම හරි. කඳයි, බඩයි විතරයි. මගේ රටට නම් උන්දැලා කරපු දෙයක් නැහැ. අනික බුද්ධ දර්ශනයක් මිසක් ආගමක් නැහැ.. ඒක නොදන්නා ඔබලා වැනි අය ගැන අපට ඇත්තේ ලොකු දුකකි.

:       110       431

BamunuarachchiFriday, 19 July 2019 12:23 AM

ඔයාගේ රට මොකක්ද කියන්නකෝ? ඉන්දියාවද? මෙතන තිබෙන්නේ බෞද්ධ ආගමද බෞද්ධ දර්ශනයද කියන ප්‍රශ්නයක් නොවෙයි. හාමුදුරුවරු මෙරටේ බුද්ද සාසනය රැකගන්න කරපු සේවය ඔබ නොදන්නවාට මෙරටේ බෞද්දයින් හොඳාකාරවම දන්නවා.

:       22       0

එම්. ඒ. ජේ Thursday, 18 July 2019 04:52 AM

අගමැතිවරයාගේ අවස්ථාවාදි දේශපාලනය සහ රාමනායක ඇමැතිවරයාගේ විවෘත බවයි අතර වෙනස මෙයයි. අගමැතිවරයා කළ යුතුව තිබුනේ රාමනායක ඇමතිවරයා කි දේ සොයා බලා සත්‍ය හෙලි කරමින් එක දරුවෙකු හෝ අපචාර වලින් බේරා ගැනීමයි.

:       3       429

ravi Thursday, 18 July 2019 05:15 AM

රන්ජන් රාමනායක ඕක කිව්වත්...නොකිව්වත් , මුළු ලංකාවම දන්නා දෙයක් !!! බොරු මහන්තත්තකමට මේ දේවල් ගැන කතා නොකර... බොරු බෞද්ධ කමකින් උන්මාදවෙලා බලාගෙන හිටියොත්.. බුදුරජාණන් වහන්සේගෙන් අපට ලැබුණු ඒ.. පවිත්‍ර බුද්ධ ධර්මය අපේ ඇස් ඉදිරියේම... මේ අය විසින් විනාශ කරලා දමාවි !!!

:       1       201

thappulana liwera Thursday, 18 July 2019 05:22 AM

රන්ජා කියන කතාවේ තේරුමක් තියනවා. කිරිසප්පයෝ මහණ කරනවා. මොවුන්, එ්ක හරි වැරදි, වෙන ආගම්වල එහෙම කරන්නේ නැහැ. ක්‍රිස්තියානි ආගමේ කොහොමද කරන්නේ කියලා දන්න කෙනෙක්ගෙන් අහගන්න. මට එ්ක තේරුම් කරන්න වෙලා නැහැ.

:       0       354

raviThursday, 18 July 2019 06:51 AM

ඔය මොන ආගමේ වුණත්.. පසුගිය දවස්වල අපට මැදපෙරදිග රටවල් වලිනුත් මෙවැනි සිද්ධීන් අහන්න ලැබුණා.. එ්ත් ඒ රටවල්වල එවැනි පූජකයන්.. අත්අඩංගුවට අරගෙන උසාවියට පමුණුවලා... මේ දූෂණයට ලක්වුණු දරු දැරියන්ට ඩොලර් කෝටිගණනින්.. වන්දි ලබාදුන්නා ..!!! මේ විදිහට තමයි ක්‍රිස්තියානි රටවල්වල දුෂකයන්ට දඬුවම් දෙන්නේ. ඉතින් අපේ රටේ මේ වගේ.. ක්‍රියාත්මක වෙන නීතියක් නැතිවීම බලවත් කණගාටුවට හේතුවක්...!

:       0       21

BamunuarachchiFriday, 19 July 2019 11:46 AM

මේ මුසල්මානුවා හාමුදුරුවරුන්ට දඬුවම් දෙන්න කතාකරලා නිකන් නහින්න හදනවා.

:       0       0

සේන Thursday, 18 July 2019 05:38 AM

එතකොට ඒ නාට්‍ය පිටපතත් එතැනින් අවසන්.... රනිල් මහතා හොඳ මනුස්සයා දැන්... හැබැයි රන්ජන් උන්නැහේ, ශීලයට නිගරු කිරීමේ පාපය ඔබ පසුපසයි. කර්මය සමඟ බොරු බෑ.

:       2       110

raviThursday, 18 July 2019 07:21 AM

රන්ජන් රාමනායක.. බුද්ධ ධර්මයට අපහාස නොකළ බවත්.. අද වෙහෙර විහාරස්ථානවල පවතින යතාර්ථය හෙලිකල බව අපට වැටහී ඇත. අද අපේ රටේ... බුද්ධ පුත්‍රයෝ කියන්නේ.. " කාවෝ.. වේයෝ " වගේ ජාතියක් .. වෙහෙර විහාරස්ථානවල ලැගුම් ගනිමින් " බුද්ධ ශාසනය.. බුද්ධ ධර්මය විනාශකිරීමයි ..!!! "

:       0       102

ජයන්ත මිලානෝ Thursday, 18 July 2019 06:31 AM

රන්ජන් කියන කතාව සීයට සීයක් හරි. ඕක රටේ ප්‍රසිද්ධ රහසක්. දෙමව්පිය හව්හරනෙන් මිදුණු හය හතර නොතේරෙන දරුවන් ඔය බලපෑම් වලින් කෙසේ ගැලවෙන්නද.

:       0       23

Amila Thursday, 18 July 2019 06:45 AM

ඔහු කියන එකේ යම් ඇත්තක් තියෙනවා. නමුත් ඕක හැම ආගමකම රටේ විතරක් නෙවේ... ලෝකෙත් සුලු වශයෙන් වෙන දේවල්. නුමුත් මේවා නීතියෙන් විසඳන්න ඕන කාරණා.... නිකන් සල්ලි පෙරේතකමේ අම්මා වුණත් විකුණන් කන යූ ටියුබ් කාරයන් එක්ක කියව කියව‍ෙ ඉන්න ඕන දේවල් නොවේ. මොහු කිව්ව එකෙත් යම් විකෘති කිරීමක් කරලා රටම ගිනි තියන්න හදන අර මානසික පිස්සන්ගේ චැනල් වහාම තහනම් කළයුතුයි. ඔවුන්ට ඕනෑ මුදල් මිසක් රටට වැදගත් දෙයක් කිරීම නොවේ...

:       29       119

AshenThursday, 18 July 2019 08:14 AM

යු ටියුබර්ස්ලා ගැන මාර ඊර්ෂ්‍යාවක් තියෙන පාටයි. අපේ ඒවා තහනම් කරන්න ඕනේ නෑ. ඔයත් චැනල් එකක් කරලා බලන්න.

:       17       1

AmilaThursday, 18 July 2019 08:45 AM

යන්නේ කොහෙද මල්ලේ පොල්නේ? දෙයක් ඉගෙනගන්න පුලුවන් ප්‍රයෝජනවත් වගේම වගකීමෙන් පුවත් වුණත් පලකරන චැනල් ඕනෑතරම් තියෙනවා. ඒවා බලලා ඉගෙනගන්න. තහනම් කළයුත්තේ කුනුජරාවල් දමමින් රටවල් ගිනි තියමින් අනවශ්‍ය ප්‍රශ්න නිර්මාණය කරන මානසික ලෙඩ්ඩුන්ගේ චැනල්. ඔවුන් විනාශ කරන්නේ තරුණ පෙල. දෙයක් කිව්වාම මොලේ පාවිච්චි කරලා තේරුම් ගන්න...

:       1       212

BamunuarachchiFriday, 19 July 2019 12:32 AM

වැරදි බස් එකේ නැගලා තිබෙන්නේ.

:       4       0

ravi Thursday, 18 July 2019 08:20 AM

"යම් කිසි කෙනෙක් මරණයට භාජනය නොවූ ගෙදරකින් අබ මිටක් සොයාගත්තත්... අතවරයකට ලක් නොවූ සාමනේරයන් වහන්සේ නමක් නැවත උපසම්පදාව ලද හිමිනමක් සොයා ගැනීමට නොහැකිබව ඉතාමත් කණගාටුවෙන් පහදා දෙන්නෙමු ..!!!"

:       47       424

rohana Thursday, 18 July 2019 12:54 PM

රවී ඔබ හරියටම හරි. නමුත් අපේ රටේ ඉන්න මිනිස්සු ඒක පිලිගන්න කැමතිත් නැහැ

:       0       1

BamunuarachchiFriday, 19 July 2019 01:05 AM

හලෝ ඔබ ඔය කියන "රටේ ඉන්න මිනිස්සු" කතා කලයුතුදේ මොකක්ද නොකළ යුතුදේ මොකක්ද කොතනදීද කතා කලයුත්තේ කතා නොකළ යුත්තේ කවුරුන් ඉදිරියේද කතා කලයුත්තේ කියා දන්නා පුද්ගලයින් මිස රන්ජන්ගේ පන්තියේ අයනොවෙයි. අන්න ඒ නිසයි මිනිස්සු නිශ්ෂබ්ද? මුලින්ම ඒක තේරුම් ගන්න. මේ කතා ඔබට ගොචරද කියා නොදනිමි. රන්ජන් විතරක් නොවෙයි කතා කල හැකි දේශපාලඥයෝ ලංකාවේ ඉන්න.

:       7       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 568 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 110 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 810 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 827 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1223 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1107 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 217 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1533 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1427 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site