IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


මගීන් දෙදෙනකු මියයාමෙන් ගුවන් යානයක් හදිසියේ කටුනායකට ගොඩබස්වයි

(ටී.කේ.ජී.කපිල)

සෞදි අරාබියේ ජෙඩා සිට ඉන්දුනීසියාවේ ජුවන්ඩා ගුවන් තොටුපළ බලා පියාසර කරමින් තිබූ ලයන් එයා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් අද (13) කටුනායක ගුවන්තොටුපළට ගොඩ බස්වා තිබේ.

එම ගුවන් යානයේ ගමන් ගත් ගුවන් මගීන් දෙදෙනකු මිය යාම හේතුවෙන් මෙලෙස හදිසියේ කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බස්වා ඇත.

මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ ඉහළ අහසේ ගමන් ගනිමින් තිබියදී , එහි ගමන් ගත් ගුවන් මගීන් දෙදෙනකු සිහිසුන්ව වූ බවට ගුවන් නියමුවා විසින් කටුනායක ගුවන් තොටුපළ වෙත දන්වා  එහි ගොඩ බැස්සවීමට අවසර ඉල්ලා තිබේ.

ඉන්පසුව මෙම ගුවන් යානය වෙත ගිය කටුනායක ගුවන් තොටුපළ වෛද්‍යවරුන් , මෙම ගුවන් මගීන් දෙදෙනා පරීක්ෂා කර බලා , ඔවුන් දෙදෙනා මිය ගොස් සිටින බව ප්‍රකාශ කර තිබේ . 

මෙලෙස මියගොස් ඇත්තේ ඉන්දුනීසියානු ජාතිකයන් දෙදෙනෙකු වන අතර ඒ අතරින් එක් අයෙකු කාන්තාවකි. 77 හැවිරිදි වියේ පසුවන කාන්තාවක් හා 64 හැවිරිදි වියේ පසුවන පිරිමි පුද්ගලයෙකි.

පසුව ඔවුන්ගේ මළ සිරුරු ගුවන් යානයෙන් ඉවත් කර , මීගමුව මහ රෝහලේ මෘත ශරීරාගාරය වෙත යොමු කර තිබේ .



අදහස් (2)

මගීන් දෙදෙනකු මියයාමෙන් ගුවන් යානයක් හදිසියේ කටුනායකට ගොඩබස්වයි

kamal Monday, 13 January 2020 06:17 AM

ඒගොල්ල දන්නේ නැතිද අපිට හදිසියට ගොඩ බාන්න ගුවන්තොටුපොළක් තියෙන වග.

:       242       8

Siri Monday, 13 January 2020 10:54 PM

කමල් කොහෙද? අර කැලේ හදපු 'අන්තර් ජාතික' එකද?

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 297 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 415 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 393 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site