(කාංචන කුමාර ආරියදාස)

බාල වයස්කාර  පිරිමි දරුවන් මත්කුඩු  භාවිතයට හුරු කර ඔවුන් ලිංගිකත්වයට හුරු කරවීමේ  ක්‍රියාවලියක නිරතව සිටි දඹුල්ල නව පා දෙණියේ  18 හැවිරිදි විවාහක කාන්තාවක් අද (20) අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලීසිය කියයි.

දඹුල්ල මුලස්ථාන පොලිසියට ලැබුණු තොරතුරක් අනුව නිවසක් සෝදිසි කර  හෙරොයින් මිලිග්‍රෑම් 820 සමඟ බාලවයස්කාර දරුවෙකු සමඟ අශෝබනව සිටියදී 17 හැවිරිදි සිසුවෙක්ද අත්අඩංගුවට ගෙන තිබේ.

 සෙල්වදොරේ සුලෝචනා හෙවත්" සුච්චි " නමින්  බොහෝ දෙනා  අන්වර්ථ නාමයෙන් හඳුන්වන මෙම කාන්තාව  දෙවැනි විවාහයෙන් ද ඉවත්ව සිටින්නියෙක් බවද පොලීසිය කියයි.

මෙම සැකකාරිය අත්අඩංගුවට ගැනීමත් සමග දඹුල්ල නව පාදෙණියේ   මව්වරුන් කීපදෙනෙකුම 20 දින උදෑසන දඹුල්ල පොලිසියට පැමිණ  මෙම කාන්තාව ගේ අනාචාර ක්‍රියා පිළිබඳව පොලීසියට පැමිණිලි කළහ.

අත්අඩංගුවට ගත් කාන්තාවට ජාවාරම සඳහා නඩු ගොනු කරන බවත් ඇය සමඟ ත්අඩංගුවට ගත් බාලවයස්කාර සිසුවා අධිකරණයට ඉදිරිපත් කොට පුනරුත්තාපනය සඳහා යොමුකිරීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
 
සැකකාරිය සහ  අත්අඩංගු ගත් හෙරොයින් මත් කුඩු දඹුල්ල මහෙස්ත්‍රාත්  අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය කියයි .