(නිමල කොඩිතුවක්කු)
පුල්මුඬේ ඛනිජ වැලි නිධිය කුණු කොල්ලයට විදේශ සමාගමක් වෙත විකිණීමේ අරමුණකින් ආණ්ඩුව සැලසුම් සකස් කරමින් සිටින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා කොළඹදී පැවැසීය.
ජනාධිපතිවරයා ඇතුළු ඇමතිවරු ඒ සම්බන්ධව නිහඩව සිටින බවත් ඔහු සඳහන් කළේය.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පුබුදු ජයගොඩ මහතා මේ බව පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා මෙසේද කීය.
‘‘පුල්මුඬේ ඛනිජ වැලි නිධියේ වැලි ජාවාරම්කරුවන් විසින් සොරකම් කිරීම සම්බන්ධව ඛනිජ වැලි සංස්ථාවේ සභාපතිනිය ඇතුලු සේවකයන් මැදිහත්වී කටයුතු කිරීමේදි ප‍්‍රදේශීය දේශපාලකයන් හා මැරයන් පැමිණ එයට අවහිර කිරීම් සිදුකර තිබෙනවා. පොලිසිය කිසිදු ආකාරයකින් මැදිහත්වීමක් කරන්නෙ නෑ. දේශපාලන බලපෑමෙන් ඔවුන් ජාවාරම්කරුවන් වෙනුවෙන් නිහඩව සිටින බව පෙනෙනවා. සමස්ත ඛනිජ වැලි නිධියම විකුණා දැමීමේ උත්සාහයක ආණ්ඩුව ඉන්නවා.
මුලතිව් සිට නිලාවැලි මුහුදු තීරයේ සැතපුම් 40ක පමණ දුරක් තිබෙන මෙම ඛනිජ වැලි නිධිය ලෝකයේ හොඳම ඛනිජ වැලි නිධියක් ලෙස සලකනු ලබනවා. විශේෂයෙන් ඉල්මනයිට්, රූටයිල් සහ සර්කෝන් කියන වටිනා ඛනිජ මේ නිධියෙන් ලබාගන්නවා. ඉල්මනයිට් කියන්නෙ අභ්‍යවකාශ යානා සහ ගුවන්යානා නිෂ්පාදනයට ගන්නා මිල අධික ලෝහයක්.
1958 මේ ඛනිජ නිධිය සම්බන්ධ කැණීම් කටයුතු සඳහා ඛනිජ වැලි සංයුක්ත මණ්ඩලය පිහිටුවා ගත්තට වැලි හාරලා විකුණනවා මිස පසුගිය වසර 60 තුළ ඒ වටිනා ඛනිජ පදනම් කරගෙන කර්මාන්ත ශාලාවක් පිහිටුවන්න අපේ පාලකයන් අසමත් වෙලා තියෙනවා. අවම වශයෙන් ටයිටේනියම් ලෝහය නිස්සාරණය කරලා ගුවන්යානා නිෂ්පාදනය සඳහා අපනයනය කරන්නවත් පාලකයන් අසමත් වෙලා තිබෙනවා.
1992දි ලංකා මිනරල් සයන්ස් ලිමිටඞ් කියලා රජය සතු සමාගමක් බවට ඛනිජ වැලි සංයුක්ත මණ්ඩලය පත්කළා. පහුගිය කාලය පුරාම මේ සමාගම අධික ලාභයක් උපයමින් සිටිනවා.
මෙහි වැදගත්කම තමයි මේ වැලි හාරන්න හාරන්න බෙංගාල මුහුදේ රළ මගින් ඛනිජ වැලි ගෙනත් තැන්පත් කරනවා. ඒ නිසා මේ ඛනිජ නිධිය අවසන් නොවන සම්පතක් ලෙස පවතිනවා. මේ ඛනිජ නිදියෙ වැලි සොරකම්කරගෙන සාමාන්‍ය වැලි මිලට සමාගම්වලට අලෙවි කිරීමේ ජාවාරමක් සිදුවන බව ප‍්‍රසිද්ධ කාරණයක්.
ඒ වගේම ඒ සඳහා දේශපාලකයන් සම්බන්ධ බවත් පසුගිය දිනවල ඒ ඛනිජ නිධිය වටා ආරක්ෂිත වැටක් ඉදිකරන්න දේශපාලකයන්ගෙ මැරයන් බාධාකිරිමෙන් ඔප්පු වෙනවා.
මේ නිධිය ඉන්දියානු සමාගමකට නොමිලයේ පවරලා ස්විස් චැලෙන්ජ් ක‍්‍රමයට ආණ්ඩුවට යම් මුදලක් ලබාගන්න රිෂාඞ් බද්යුද්දින් ඇමතිවරයා 2017 ජූනි 6 කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කළා. එයට විරෝධය මතුවීම නිසා හකුලා ගත්තා. දැන් අපට වාර්තාවන ආකාරයට අරාබි සමාගමකට මෙම වැලි නිධිය පවරන්න යනවා.
එහිදී වැලි කියුබ් එක රු. 27,000කට මිල කරන බව තමයි වාර්තා වෙන්නෙ. ඒ මිලට සාමාන්‍ය ගොඩනැගිලි ඉදිකිරිමකටවත් වැලි මිලදී ගන්න බෑ. ඒ නිසා මේ ආකාරයට වටිනා ඛනිජ වැලි නිධිය කුණු කොල්ලයට විකුණා දැමීමේ සැලසුමක් ආණ්ඩුව ගෙන යමින් තිබෙනවා.
මේ වනවිට ජාතික සම්පත් ගැන දේශපේ‍්‍රමය ගැන කතාකරන ජනාධිපතිගෙ සහ ඇමතිවරුන්ගෙ කටේ පිට්ටු. සාමාන්‍යයෙන් මේ වැලි නිධිය කැණීම් කරලා වසරක් තුළ ඉවත්කරන ප්‍රමාණය වසරක් තුළ එහි නැවත තැන්පත්වන ප‍්‍රමාණයට සමානයි කියලා නිරීක්ෂනය වෙලා තිබෙනවා.
නමුත් මේ නිධිය වාණිජ සමාගමකට පැවරුවොත් වසර 25ක වගේ කාලයකින් සියල්ල ඉවත්කරන වේගයකින් වැලි නිධිය අවසන් කිරීමේ අනතුරක් තිබෙනවා. ඒ නිසාම මෙහි පාරිසරික විනාශයක් හා ඒ සම්බන්ධ විවිධ ගැටලූ මතුවෙන්නට ඉඩ තිබෙනවා. ඒ නිසාම මේ සම්බන්ධ වහාම කරුණු අනාවරණය කරන ලෙස අපි ආණ්ඩුවට බලකරනවා.
රජය ආදායම් නෑ කියලා ජනතාව මත බදුබර පටවනවා. නමුත් රජයට ආදායම් ඉපදවිය හැකි මෙවැනි වටිනා ඛනිජ සම්පත් කුණුකොල්ලයට විකුණා දමනවා. අපිට වාර්තාවන ආකාරයට 2016 වසරෙත් මෙට්රික් ටොන් 32000ක් මේ නිධියෙන් හාරලා මුදල් උපයාගෙන තිබෙනවා.
ඒ නිසා මේ තත්වය පිලිබඳ අපි අවධානයට ලක් කරමින් මෙම නිධිය විකිනීමේ අදහසක් තිබෙනවා නම් වහාම ඒ පිළිබඳ අනාවරණය කරන ලෙස අපි ආණ්ඩුවට බලකරනවා.
මෙහි වටිනා ඛනිජ සම්පත් කුණු කොල්ලයට විකිණිමේ සැලසුම් වහා හලකුලා ගන්නා ලෙස අපි අවධාරනය කරනවා” යැයිද ඔහු එහිදි පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනටමත් කොමිස් කුට්ටියක් ලබාගෙන තියනවලු නේද?
කොමිස් එක ලැබෙනවා නම් රටම වුණත් විකුණයි...
යකෝ මේ රටේ ආණ්ඩු කරන්නේ පිටරටින් ආපු මිනිස්සුද? දවස ගානේ පනත්නම් සම්මත කරනවා. බදුත් ගහනවා. ඒ අතරේ රටම විකුණනවා. මේ වගේ පාලකයෝ සහ ඡන්ද දායකයෝ ඉන්න රටක් ලොවෙත් නැතුව ඇති...
පුදුමේ කියන්නේ ජවිපෙට මේවා ගැන කිසිම හැඟීමක් නැහැනේ.. මේ ගැන දන්නේ නැද්ද දන්නේ නැහැ. අපි දැනගෙන හිටියා ජවිපෙ නම් අධිරාජ්‍යවාදී විදේශීය බහුජාතික සමාගම්වලට විරුද්ධව සටන් කළා. සම්පත් විකිණීමට තදින්ම විරුද්ධ වුනා.. විස පොවන කිරිපිටි සමාගම් වලට විරුද්ධත් නැහැ. රට විකුණන ආණ්ඩුවට විරුද්ධත් නැහැ.. අනේ මන්දා.. ජවිපෙ නම විතරද මන්ද දැන් තියෙන්නේ.. මන් හිතන්නේ පෙරටුගාමින් ඔවුන්ගේ යුතුකම ඉටු කරන්න.. වෙලාව.. ඒ වගේම නිදාගත් ජවිපෙ හිඩැස පුරවන්න ඔවුන්ට පුළුවන් වේවි...!!!
ගිය අවුරුදු දහයෙ විගණන වාර්තා පෙන්වන්න බැරිද.... වැලිගොඩ රැක ගන්න බැරි අය නීතිය ගැන කතා කරනවා
විකුනනේ නැතිනම් ඒ සම්බන්දව කටයුතු කිරීමට ක්‍රියාත්මක කළහැකි ඔබලාගේ ව්‍යාපෘති වාර්තාවක් ජනතාවට සහ රජයට ඉදිරිපත් කරන්න. එහෙම නැතුව හැමදේකටම විරුද්ද වීම නිසා තමයි මේ ප්‍රශ්න තියෙන්නේ. ශ්‍රී ලාංකිකයෝ හරි දෙයක් ඉදිරිපත් කරන්නත් ඉදිරිපත් නොවන්නේ මේ වැඩපිලිවෙලක් නිසයි
ශ්‍රී ලංකාවට අවශ්‍ය නම් එහි ණයබර සම්පූර්ණයෙන්ම ගෙවා, ආර්ථිකය ස්ථාවර කිරීමට හැකි තරම් අවශ්‍ය සම්පත් තිබෙනා බව මා දැනගත්තේ පින්නපොල ගුරු පියානන්ගේ රසායන විද්‍යා උපකාරක පන්තිවලදීය. ඒ පුල්මුඩේ ඛණිජ වැලි නිධියයි. මෙම ඛණිජ වැලි නිධියේ වාර්ෂික නිෂ්පාදන ධාරිතාව පමණක් ඉල්මනයිට් – ටොන් 90,000 – 120,000, රූටයිල් – ටොන්– 12,000, සර්කෝන් – ටොන් 10,000ක් හා මොනසයිට් – ටොන් 100ක් පමණ වේ. මිතුරනි, එම පුල්මුඩේ ඛණිජ වැලි නිධිය විකුණා දැමීමට ඊයේ දින කැබිනට් අනුමැතිය හිමි විය. පුල්මුඩේ ඛණිජ වැලි විකුණන්නේ අරාබි සමාගමකට ය. කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ ශ්‍රී ලංකාවේ ජීවත් වන ඇමති රිෂාඩ් බදියුදීන්ය. හද සලිත කරවන විහිලුව එය නොවේ. මෙම ලොව හොදම ඛණිජ වැලි නිධිය විකුණා දමන්නේ ඉල්මනයිට් මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 145කටය. ඔව්.. ඩොලර් 145 කටය. ශ්‍රී ලංකා මුදලින් රුපියල් 26,100 කටය.
නිෂ්පාදන නොකළද මෙම ලොව උසස්ම තත්වයේ ඉල්මනයිට් ටොන් 1ක් ඩොලර් 9000 - 15000ත් අතර මිලකට පහසුවෙන් අලෙවි කළ හැක. දූෂිත දේශපාලුවන් රටේ සම්පත් වනසද්දි ඒ පිළිබඳව රටේ ජනතාව හාන්කවසියක් දන්නේ නැත. එක් පැත්තකින් හම්බන්තොට වරාය චීනය සතු කර ගත්තේය. අනෙක් පසින් මත්තල ඉන්දියාවට විකිණීමට සුදානම් ය. ත්‍රිකුණාමල වරාය ඇමෙරිකාව නොමිලයේ ලබා දෙද්දි ත්‍රිකුණාමල තෙල් ටැංකි ඉන්දියාවට නොමිලයේ ලබා දුන්නේය. චීනය සිංහරාජයේ ගස් කපා දැව චීනයට පටවා ගනියි. අරාබිය නැගෙනහිර ඛනිජ වැලි නිධිය අත්පත් කර ගත්තේය . අවසන් අවස්තාවද අපෙන් ගිලිහී ගිය බව දැනෙද්දී උපන් රට පිලිබඳ ඉතිරිව ඇත්තේ කිව නොහැකි තරමේ හද කම්පාකරවන දුකක් පමණි.
මේ රට වනසන අයට දඩුවම් ලැබේවි. මේ රටේ නිෂ්පාදනය වැඩි කරන්න තියන ක්‍රම සේරම වහල වෙන රටවලට කත් ඇද ඇද අපේ පිට බදු පවටමින් සුර සැප විදින පිරිසක්. අපේ ලේ උරා බොන එක වනතන්නේ කවදාද?? ඇයි ඔවුන්ට බැරි උනේ මේ වගේ ජාතික සම්පතක් මේ රටේ සංවර්ධනයට යොදා ගන්න උපායමාර්ග කල්පනා කරන්න. මේ රටේ ඉන්න රජයේ උසස් යැයි කියා ගන්නා නිලධාරියෝ බුදියගෙන හිටියද.
මට ඇහුනෙත් නැහැ...... මම දන්නේත් නැහැ එහෙම මොකුත් නැතිද..............