දුෂණ විරෝධි  බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ  නාමල් කුමාර සහ මහසොහොන් බළකායේ  ප්‍රධානී අමිත් වීරසිංහ යන දෙදෙනා වරකාපොල සහ තෙල්දෙණිය ප්‍රදේශයන්හිදී  අද ( 14 ) අත්අඩංගුවට  ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි.

ඊයේ  ප්‍රදේශ  කිහිපයක ඇති වු  ඇති වු ගැටුම්කාරී තත්ත්වයන්  සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම් සඳහා  මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

ඇති වු කළහකාරී සිදුවීම් හා සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් මූලස්ථානය පත් කර ඇති පොලිස් අධිකාරීවරයකුගේ අධික්ෂණයෙන් යුත්  විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.  

ඡායාරූපය - රොහාන් කුමාර