IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


කොළඹ වාහන තදබදය අවම කරන්න යුද හමුදා පොලීසිය-රථ වාහන පොලිසිය යොදවයි

(ඉන්දිකා  රාමනායක)

කොළඹ නගරය සහ තදාසන්න ප්‍රදේශවල රථ වාහන තදබදය අවම කිරීම සදහා අද (24) සිට රථ වාහන පොලිසිය සමඟ ශ්‍රී ලංකා යුද හමුදා පොලිසියද රාජකාරියේ යොදවා ඇතැයි හමුදාව කියයි.

කොළඹ නගරයට රථවහන ඇතුළු වන පිටවන ප්‍රධාන මාර්ගවල මෙම හමුදා  නිලධාරීන් සේවයට යොදවා ඇතැයි හමුදා මූලස්ථානය පැවසීය.

අධික රථවාහන තදබදය හේතුවෙන් නිකරුණේ  වැය වන කාලය අවම කර ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර  සිල්වා මහතාගේ උපදෙස් මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇති බවද හමුදාව සඳහන් කරයි.

දිනපතාම පෙරවරු 6.00 සිට - 10.00 සහ පස්වරු 4.00 සිට 7.00 දක්වා කාලය තුළ මෙම පිරිස රථවාහන පොලිසිය සමඟ එක්ව සේවයට යොදවා ඇති බවද හමුදාව සඳහන් කරයි.

හමුදා පොලිස් නිලධාරීන් රථවාහන හැසිරවීමට අමතරව ජංගම මෝටර් රථ සහ යතුරු පැදි පහක් යොදගෙන මාර්ග තදබදය නිරීක්ෂණය කිරීම සහ සන්නිවේදන සම්බන්ධතා මගින් මාර්ග තදබදය ඇතිමාර්ග හඳුනාගෙන එම  මාර්ග වෙනුවට විකල්ප මාර්ග භාවිතා කිරීම පිළිබඳව මහජනයා දැනුවත් කිරීමක්ද  කරනු ලබන බවද හමුදාව වැඩිදුරටත් පවසයි.

(ඡායාරූප - ළහිරු හර්ෂණ)

 

 



අදහස් (41)

කොළඹ වාහන තදබදය අවම කරන්න යුද හමුදා පොලීසිය-රථ වාහන පොලිසිය යොදවයි

almeida Monday, 24 February 2020 02:52 PM

ඔක්කොම හමුදාකරණය කරගෙන යනවා ලස්සනට... බලාගෙන ඉමුකෝ මොකද වෙන්නේ කියලා...

:       2056       2034

AmalMonday, 24 February 2020 04:58 PM

ප්‍රහ්නෙකට නිර්මාණාත්වකව උත්තර හොයනකොට හැම එකම විවේචනය කරන්න එපා. ටිකක් කල් දෙන්න මොකද වෙන්නේ බලන්න. එහෙමනම් ඔහෙ ඇවිදින් මේ රථවාහන ප්‍රශ්න විසදන්න.

:       0       1

SurikMonday, 24 February 2020 06:10 PM

මේ වගේ අය ඉන්න රටවල් වලට හරියන්නේ නැති එක අහන්න දෙයක්ද? මොන හොඳ වැඩේ කළත් හොයන්නේ අඩු පාඩු.

:       0       1

dilanMonday, 24 February 2020 07:23 PM

මට දැනගන්න වගේම ඔබතුමාගේ බුද්ධිය මනින්නත් එක්කමයි අහන්නේ. හමුදාව කියන්නේ අපේ රටේම මිනිස්සුන්ගෙන් සමන්විත රාජ්‍ය ආයතනයක් නෙමෙයිද? ඒ අය ක්‍රියාත්මක කරන්නේ රටේ නීතිය ස්ථාපිත කරලා ජන ජීවිතය පහසුවෙන වැඩකුත් නෙමෙයිද?

:       3       0

රජින්දTuesday, 25 February 2020 01:28 AM

බයවෙන්නෙපා මුකුත් වෙන්නේ නැහැ. රට ආරක්‍ෂිත වෙනවා එච්චරයි. මෙහෙම රටක ඉන්න බැරිනම් වෙනින් රටකට යන්න.

:       2       264

සමන්තTuesday, 25 February 2020 03:19 AM

ඒකේ මොකක්ද තියෙන වරද? හොරුන්ට නම් වැරදි පෙනෙයි. අපි නම් බලාපොරොත්තු වුනේ මේ දේ මීට කලින්. ලොකයේ දියුණු වුනු බොහෝ රටවල් ජනතා ඡන්දයෙන් පත්ව හමුදාවට වැඩි ඉඩක් දීලා තමයි අද තත්වයට පත්වුනේ. හොදම උදාහරණය ලංකාවේ අයගේ රුකියා සිහිනයක් වන දකුණු කොරියාව දැක්විය හැක.

:       21       122

samTuesday, 25 February 2020 03:45 AM

රණවිරුගායට බෙහෙත් හොයපු කෙනෙක්ද ?

:       3       5

BamunuarachchiTuesday, 25 February 2020 04:01 AM

මුකුත් වෙන්නේ නැහැ. රට හැදෙයි. හැබයි ඔහෙලට පගා දීලා බේරිලා යන්න බැහැ එක ෂුවර්.

:       12       43

ranaTuesday, 25 February 2020 06:58 AM

අතීසාරයට අමුඩේ ගැහුවා වගේනේ.

:       2       7

BamunuarachchiWednesday, 26 February 2020 02:00 AM

අමුඩ බෙදනවා කීව්වේ පරාද උන අපේක්ෂකයා. අමුඩ දෙනවා පමණක් නොව අමුඩ ගහනවාද කියලත් ඇවිත් බලනවා කීවේ.

:       1       0

BamunuarachchiWednesday, 26 February 2020 02:03 AM

යහපාලකයෝ අමුඩයක්වත් ගහගන්න පුළුවන් මිනිස්සුද?

:       1       0

BamunuarachchiTuesday, 25 February 2020 04:03 AM

බලාගෙන ඉඳලා මොනවා කරන්නද "හිටු" කීවම නවතිනවා හැරෙන්නට නේද?

:       12       2

DarshanaTuesday, 25 February 2020 04:26 AM

වැඩේ හරියට වෙනවනම් හමුදාවද, පොලිසියද කියන එක අදාල නැත.

:       48       24

LankikyaTuesday, 25 February 2020 05:00 AM

ඔයාට මාර්ග තදබදයේ ඉනනෙ ඕනේ නේද? ඔය 3% කෙනෙක් වගේ. හොදක් වෙනවටම අස නැහැ නේද?

:       24       42

ass charyaTuesday, 25 February 2020 08:55 AM

"බල්ලගෙ වැඩේ බුරුවා කරන්න ගියා වගේ" තේරෙයි කල් යයි.

:       0       5

චතුෂ කුමාර Monday, 24 February 2020 03:51 PM

මේක නිත්‍යානුකූල නැහැ නේද? මාර්ග වල රථවාහන මෙහෙය වීමේ බලතල හමුදාවන්ට නැහැ.

:       0       1

sanath kumara Monday, 24 February 2020 04:29 PM

ඉතාමත්ම හොද වැඩ පිළිවෙලක්. යම් ආකාරයකට පොලිසියේ අතිකාල දීමනා සදහා තදබද වැඩි වීම හේතු විය හැකි මුත් මෙමගින් එය වලක්වා ගත හැකිය. යතාර්ථවාදී ජනාධිපති වරයෙක්.

:       1       0

Manoj Monday, 24 February 2020 04:33 PM

ඔක්කොමටම ඉස්සෙල්ලා හරියට නීතිය ක්‍රියත්මක කරන්න. හරියට තමන්ට අදාල ලේන් එකේ යන්නේ නැති අයට දඩ ගහන්න. ඉරි කපන ඒවට දඩ ගහන්න ගහන්න උදේට දඩ ගන්නේ නෑ.එහෙම කරද්දී මිනිස්සු නිකම්ම වැරදි කරනවා.

:       0       1

chandima Monday, 24 February 2020 04:59 PM

එහෙම නොකර දැන් අවුරුදු හැත්තෑවක් වෙච්ච දේ අපි දැක්කනේ. එත් ඉතින් හමුදාව දාලා මදි. අර හරක් බලන අපේ කොල්ලෝ ටිකක් වන්නියෙන් ගෙනවානම් මේක නියමෙටම කරනවා.

:       0       1

chinthaka Monday, 24 February 2020 07:20 PM

පව්. දැන් කොහොමද අපේ පොලීසියේ ඇත්තෝ පිළිවෙලට අපේ ලයිසන් බලලා ජරාවක්වත් කන්නේ? ඔන්න දැන් එකක් එක නම් වලින් පොලීසියේ අය ටික මේක විවේචනය කරලා කොටන්න පටන් ගනියි.

:       0       1

Mahesh Monday, 24 February 2020 07:24 PM

හමුදාව දාන එක නම් අනුමත කරන්න බෑනේ. මහ ඡන්දෙන් පස්සේ මීට එහා යන්න ඉඩ තියෙනවා. කළ යුත්තේ පොලිසියේ ප්‍රමාණය වැඩි කරන එක.

:       0       5

sarath silva Monday, 24 February 2020 07:48 PM

හමුදා පාලනයක පෙරනිමිති. 69 ලක්ෂයට ජයවේවා !!!

:       0       12

ලුම්බිණි Monday, 24 February 2020 11:18 PM

රථවාහන හසුරුවන්නන්ට දැනට යොදන හමුදා පොලිසිය පසුව තව නොයෙක් දේවල් වලට එන්න පුළුවන්.

:       0       6

Perera Tuesday, 25 February 2020 12:25 AM

යුද්ධ හමුදාව රථවාහන හසුරවන රාජකාරි වල නියැලෙන ලෝකේ එකම රට ලංකාව වෙන්න ඇති. බෙර කාරයෝ කස ගහනවා කස කාරයොත් කස ගහනව දැන්.

:       0       5

eresh S kumara Tuesday, 25 February 2020 03:10 AM

රථවාහන තදබදය අවම කරන්න තවත් මිනිස්සු යොදාගෙන වැඩක් නෑ. පාරවල් තනිමංතීරු කරලා හරි පාරවල් ලොකු කරලා හරි විකල්ප මාර්ග හදුන්වලා දීලා තමයි පිළියම් යොදන්න ඕනි.

:       100       12

imesh Tuesday, 25 February 2020 03:19 AM

අලුතින් පාරවල් හදන්නේ නැතුව සහ හැමදේටම කොළඹ එන්නේ නැතුව ඔන්ලයින් කරන්න පුළුවන් වැඩ එහෙම කරන්න ක්‍රම හදන්නේ නැතුව මේ මිනිස්සු පාරවල් වල ඉඳන් අව්වේ කර වෙලා මොනා කරන්නද?

:       0       13

athuraTuesday, 25 February 2020 10:29 AM

ඇත්තටම වෙන්න ඕන ඔය ඔබතුමා කියන දේ තමයි.

:       0       1

Hemantha Tuesday, 25 February 2020 03:20 AM

යුද හමුදා පොලීසිය පාරට දැම්ම කියල වාහන තදබදය නැති කරන්න බැහැ. මේ ලක්ෂ ගානක් තියෙන කොලබ ත්‍රී රෝද රථ වලට විකල්පයක් දෙන්න.

:       1       7

lalithm Tuesday, 25 February 2020 03:28 AM

මාර්ග වර්ණ සංඥා පද්ධතිය යාවත්කාලීන කරානම් විශ්වවිද්‍යාල එක්ක එකතුවෙලා මේකට නියම උත්තරේ තියෙනවා. ඉංජිනේරු පීඨ තිබෙන්නේ මේවටනේ. පොලිසියට කරන්න තියෙන්නේ මාර්ග නීති කඩන අයට එරෙහිව ක්‍රියාකරන්න විතරයි. රථවාහන තදබදය නවත්වන්න පොලිසියේ රථවාහන අංශයේ ඉන්න අය පුහුණු කරලා තිබ්බට සමහර නිලධාරීන් කටයුතු කරන විදිය දැක්කම හිතෙන්නේ තදබදය වැඩි කරනවා කියලා.

:       0       9

Lanka Tuesday, 25 February 2020 03:32 AM

මේ එන්නේ මිලිටරිකරණයට මිසක් වෙන මොකටද ?

:       14       17

Appuhamy Tuesday, 25 February 2020 03:37 AM

ගෝඨාභය දන්නේ හැමදේටම හමුදාව යොදවන්න විතරයි මගේ හිතේ .. ඔහොම යන් .. ඔහොම යන්

:       59       39

jayath Tuesday, 25 February 2020 04:02 AM

හමුදාව හැම එකකටම ආදේශ කරගන්න එක හොඳ නැහැ. මට හිතෙන්නේ මේක හොඳ වැඩක්. හැබැයි මොන දේ කරත් මේ "සමහර" තැන් වල "සමහර " පොලිස් නිලදාරීන් නම් අයින් කරන්නේ නැතුව වැඩක් වෙන්නේ නැහැ . මේක පටන් ගත්තේ ඊයේ මම ඊයෙත් අදත් දැකපු දෙයෙක් තමයි යුදහමුදා පොලීසියේ අය කරන්නේ අරගොල්ලන් නවත්තන වාහන වලට ම එයාලත් අත දමාගෙන ඉන්න එක විතරයි. හරි නම් පොලීසිය අයින් කරලා අරගොල්ලන්ට දීල බලන්න නැත්නම් මේ වැඩේ පලයක් නැහැ මම දවසකට වර්ණ සංඥා පහන් 41 ක් එක පැත්තකට පහු කරගෙන(දෙපැත්තට 82 ක් දවසට ) කොළඹ හරහා වසර 15 ක් තිස්සේ යන කෙනෙක් . ඉතින් මම මේ ලිව්වේ මම දකිනදේ . 95% විතර පොලිස් නිලදාරීන් කරන්නේ මොකක් හරි එක පැත්තක් නවත්තල අනිත් පැත්තට යන්න දෙන එක. ටික වෙලාවකින් එතුමාට අර නවත්තපු පැත්ත මතක නැහැ ! දැන් මිනිස්සු නලාව හඬවනවා ඒ වගේ වෙලාවට ඊයේ උදේ දෙමටගොඩදී මේක උනා.

:       4       38

සිසිල් සුදේශ් Tuesday, 25 February 2020 04:23 AM

භයානක ප්‍රවණතාවක්.

:       54       29

gamage Tuesday, 25 February 2020 04:30 AM

හොද තීරණයක් බව පෙනේ.

:       13       6

saman Tuesday, 25 February 2020 05:59 AM

නියමිත මන්තිරුවේ තමන්ගේ වහනය ධාවනය කරනවානම් ගොඩක් තදබදය අඩු කරන්න පුළුවන්. මේක කඩ කරන වාහන වලට විශේෂයෙන් ති රෝද රථ වලට දඩ ගැසිය යුතුය.

:       0       13

jayamathi Tuesday, 25 February 2020 06:01 AM

මෙයාට යුද හමුදාව යොදා ගන්නෙ නැතිව පොලිස් නිලධාරින්ටම පුහුණුව හා පහසුකම් ලබා දුන්නානම් තමයි හොද. අනික මෙය නිසා පොලිස් නිලදාරින් හැල්ලුවට ලක්විමක් හා ජනතාවට යම්කිසි තර්ජනාත්මක බලපැමක් සිදුවෙන බව මගෙ හැගිමයි . වාහන පාලනය වැනි සිවිල් සෙවාවන්ට යුද හමුදාව යෙදවිම එතරම හිතකර නැත.

:       27       9

Rohan Tuesday, 25 February 2020 06:25 AM

සංකල්පය නම් වරදක් නැහැ. හොද දෙයට හොද කියන්නම් ඕනේ නමුත් අපටත් නොදැනීම රට හමුදාකරණයට යනවා වගේ නේද ?

:       9       16

de silva Tuesday, 25 February 2020 07:28 AM

මමත් ගෝඨාභය මහත්මයට ඡන්දෙ දුන්නේ නැහැ. නමුත් අවංකවම අදහස් පලකරනවානම් ,පොලිස් ඇතුළු බොහෝ රජයේ ආයතනවල නිලධාරීන් අවශ්‍ය ප්‍රමාණයට වැඩියෙන් සිටියත් එම නලධරින්ගෙන් වැඩි පිරිසක් (සියලුදෙනාම නොවේ ) අල්ලසට බර නිසා එම ආයතන සියල්ලේ ක්‍රියාපටිපාටිය අදාල වී ඇත. පසුගිය දශක 2-3 ඇතුලත ක්‍රම ක්‍රමයෙන් එම ආයතන සැකසිලා තිබෙන්නේ සංකීර්ණ අනවශ්‍ය නීති ඉදිරියට දමමින් ජනතාව රස්තියාදු කරවමින් ඔවුන් අල්ලස් දෙන තැනට ගෙන එන්න කටයුතු කිරීම , මට පෙනෙන්නේ ගොටභය මහත්මය හදන්නේ අර යුද්ධ කළේ කොටි පාලන ප්‍රදේශ වලට කුඩා කොමාන්ඩෝ කණ්ඩායම් යොදා ගරිල්ලා ක්‍රමයට පහර දුන්න වගේ , මේ දුෂිත රජයේ ආයතන තුලට හමුදාව යොදවල සහ තමන් පෞද්ගලිකව රජයේ ආයතන වලට ගිහින් ඒවා ගැන සොයා බලමින් ජනතාවට යම් සහනයක් ගෙන දෙන්න. මේ හැම දෙයකට හමුදා කරණය කියල ලේබල් ගහන්න එපා. රාජ්‍ය සේවයේ සියලුම් ආයතන වල 80% රජ කරන්නේ අල්ලස සහ දුෂණය නම් එමගින් රට මුදාගන්න විටින් විට හමුදාව යෙදවීම හැර වෙන විකල්පයක් මම නොදකිමි .

:       2       35

lalith Tuesday, 25 February 2020 07:40 AM

හමුදාව මේ වගේ රාජකාරියකට යෙදවීම කිසිම වැරැද්දක් නැහැ. ලංකාවේ අපේ අය හොද දෙයක් කරත් හොදයි කියන්න බැරි තරම් කුහකයි. රථ වාහන තද බදය නැති කරන්න තියන හොදම විසදුම control system එකක් ඇතිකරන එක. වෙන රටවල වගේ.එ තකොට පාලන මැදිරියේ ඉදල රථවාහන පාලනය කරන්න පුළුවන්. පොලීසියට තියෙන්නේ නීති කඩන රියදුරන්ට නීතිය ක්‍රියාත්මක කරන්න. එතකොට ටික කාලයක් යනකොට මේකට විසදුමක් ලැබෙනවා.

:       3       15

de silva berlin Tuesday, 25 February 2020 09:30 AM

කොළඹ රථවාහන තද බදයට හොඳම විසදුම ජනතාවගේ අවශ්‍යතා ( ජාතික හැදුනුම්පත් , ගමන්බලපත්‍ර , රියදුරු බලපත්‍ර ,) රථවාහන ලියාපදිංචිය ඇතුළු විවධ කොළඹ රජයේ කාර්යාල වලින් කළයුතු දේවල් , තමන් පදිංචි ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා හෝ පළාත්බදව පිහිටවන ලද කාර්යාල හරහා දින කිහිපයක් තුල කරගැනීමට අවශ්‍ය කටයුතු සැලසීමයි. එතකොට හැමෝම කොළඹ ඇවිත් එතන රථවාහන තදබද , කුණුකසල ප්‍රශ්න වැනි දේවල් ඇතිවෙන්නේ නැහැ. මනුස්සයන්ගේ කාලයත් ඉතුරු වෙනවා. බොහෝවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අවශ්‍ය ගොඩනැගිලි, උපකරණ වැනි භෞතික පහසුකම් තිබෙන බව පෙනෙනවා. කරුණාකර ක්‍රියාත්මක කරවන්න.

:       0       5

සමන්ත Tuesday, 25 February 2020 01:25 PM

ඒකේ මොකක්ද තියෙන වරද? හොරුන්ට නම් වැරදි පෙනෙයි. අපි නම් බලාපොරොත්තු වුනේ මේ දේ මීට කලින්. ලොකයේ දියුණු වුනු බොහෝ රටවල් ජනතා ඡන්දයෙන් පත්ව හමුදාවට වැඩි ඉඩක් දීලා තමයි අද තත්වයට පත්වුනේ. හොදම උදාහරණය ලංකාවේ අයගේ රුකියා සිහිනයක් වන දකුණු කොරියාව දැක්විය හැක.

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 124 0

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 384 0

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 201 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 137 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 216 3

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 2208 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 209 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1514 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site