දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතීය මැයි 26 අඟහරුවාදා සිට නැවත දැනුම් දෙන තුරු දිනපතා රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා පමණක් ක්‍රියාත්මක වේ.
ඒ අනුව මැයි 26 වන අඟහරුවාදා සිට, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනා ගමනයටද අවසර ලැබේ.
හෙට(24) ඉරිදා සහ 25 සඳුදා දෙ දින දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙයි.
නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය මේපිළිබඳව දැනුම් දී තිබේ.

COMMENTS
සියල්ල සුදානම්!!!...ඒත් මොකද 10 ට දාන්නේ ? ...ඕකත් අයින් කරන්න.
කොළඹට, ගම්පහට ඇඳිරි නීතිය ලිහිල් වෙන්නේ මොන විදිහටද? මේ මාධ්‍ය දැන්වීම අනුව පැහැදිලි කරන්න...
මේ දැන්වීමේ හැටියට කිසිම වෙනසක් නැහැනේ..
මාස දෙකකට ටිකක් වැඩි කාලයක් ගෙවල් ඇතුළේ හිට්ය අය එළියට එද්දී පරිස්සමින්. නැත්නම් නැවතත් ඇදිරි නිතිය දායි. මතකනේ පැය ගාණකට ලිහිල් කලාම වුනු සිද්ධිය. එදා ඉදලා 26 වැනිදා වෙනකම් ලිහිල් නොකල බව....