IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඇඳිරි නීති බලපත්‍රයක් ගෙන බොර දියේ මාළු බාති

(තිලකරත්න දිසානායක.)

කොළඹ ප්‍රදේශයේ සිට දඹුල්ලේ මළ ගෙදරකට යාම  සඳහා ඇදිරි නීති අවසර පත්‍රයක් ලබා ගෙන  වාහන තුනකින් එළවළු ප්‍රවාහනය කළ ඇඳිරි නීති බලපත්‍රයක් ගත් පුද්ගලයෙක් සමඟ තිදෙනෙකු යක්කල පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත. 
 
යක්කල පොලීසිය මගින් යොදා ඇති බැලුම්මහර මාර්ග බාධකයේදී අද  (28) සවස වාහන පරීක්ෂා කරමින් සිටියදී  ඇඳිරි නීති බලපත්‍රය ගත් පුද්ගලයා පවසා ඇත්තේ  තමන් සහ තවත් දෙදෙනෙකු දඹුල්ල ප්‍රදේශයේ අවමංගල්‍යකට සහභාගිවී ආපසු එමින් සිටියදී එළවළු තොගයක්ද රැගෙන යන බවය.
 
එහෙත් වාහන තුනකින්,  තිදෙනෙකු මළ ගෙදරක යාම පිළිබඳව සැකසිතූ පොලිස් නිලධාරීන් විසින් අනෙක් වාහන දෙකෙහි රියදුරන් දෙදෙනාගෙන් ප්‍රශ්ණ කිරීමේදී අනාවරණය වී ඇත්තේ මළ ගෙදරක නොගිය බවත් එළවළු රැගෙන ඒම පිනිස දඹුල්ලට ගිය බවත්ය. ඇදිරි නීති බලපත්‍රයද පෙර දිනයේදී අවසන්ව ඇති බවද පෙනී ගිය බවද පොලීසිය පවසයි. 

වාහන තුනෙහි කිලෝ 2000 ක පමණ එළවළු තොගයක් තිබී ඇති අතර ඇඳිරි නීති බලපත්‍රය ගත් පුද්ගලයා ඉදිරිපත් කළ හැදුනුම්පත 2018 වසරේදී නිකුත් කළ එකක් බව අනාවරණයවී යැයි පොලීසිය සදහන් කරයි. 
 
මේ සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාසය භාර ජ්‍යෙඨ පොලිස් අධිකාරී ඉන්දික ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි යක්කල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් සුසන්ත මහතාගේ මෙහෙයවීම යටතේ උප පොලිස් පරීක්ෂක එස්.ආර්.අමරසිංහ මහතා ඇතුළු පිරිසක් පරීක්ෂණ සිදු කරනු ලබන අතර සැකකරුවන් අද සවස ගම්පහ මහේස්ත්‍රාත් වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. 



අදහස් (1)

ඇඳිරි නීති බලපත්‍රයක් ගෙන බොර දියේ මාළු බාති

Nihal Saturday, 28 March 2020 04:22 PM

එළවලු ගේන්න බල පත්‍ර නොදීම ලොකු අසාධාරණයක්. මේ වෙනතුරුත් එදා වෙලා හොයාගත්තු මිනිසුන්ට කිසිම පිළිසරණක් නැහැ. ලොරියක් ගියත් බඩු ගන්න සල්ලි කෝ?

:       7       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 226 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 975 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site