IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


සියලු මුස්ලිම් ඇමැතිවරුන් ඉල්ලා අස්වීම යුක්ති යුක්තද

ආණ්ඩුව නියෝජනය කරමින් සිටි කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ධුර දරමින් සිටි නව දෙනෙක් පසුගිය සඳුදා (03) පස්වරුවේ සිය ධුරවලින් ඉල්ලා අස්වූහ. එදිනම පෙරවරුවේ බස්නාහිර සහ නැගෙනහිර ආණ්ඩුකාර ධුර දැරූ අසාද් සාලි සහ එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා ද සිය තනතුරුවලින් ඉල්ලා අස්වූහ. පසුගිය සිකුරාදා (31) සිට ශ්‍රී දළදා මාලිගාවේ මහමළුවේ උපවාසයක යෙදී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් එම උපවාසය අත්හැරියේ ආණ්ඩුකාරවරුන් දෙදෙනා ඉල්ලා අස්වීමෙන් පසුවය. අමාත්‍යවරුන්ගේ අස්වීම සිදුවූයේ උන්වහන්සේ උපවාසය අත්හරිනු ලැබීමෙන් පසුවය.

පසුගිය සඳුදා වනවිට රටපුරාම ඇතිවෙමින් තිබූ උණුසුම් තත්ත්වය රතන හිමියන් උපවාසය අත්හරිනු ලැබීමෙන් පසුව පහව ගිය බව සැබෑය. එහෙත් ඒ සමඟ සිදුවූ මුස්ලිම් ජාතික කැබිනට් ඇමැතිවරුන් 4 දෙනාගේ, රාජ්‍ය ඇමැතිවරුන් 4 දෙනාගේ සහ නියෝජ්‍ය ඇමැතිවරයාගේ ඉල්ලා අස්වීම රටේ පවතින දේශපාලන වාතාවරණය යළිත් අවිනිශ්චිත තත්ත්වයකට ඇද දමා තිබෙන බව පෙනෙන්නට තිබේ. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට කෙරෙන පරීක්ෂණ සඳහා සහාය පළකරමින් තමන් අමාත්‍ය ධුරවලින් ඉවත්වීමට තීරණය කළ බව මේ ඇමැතිවරු සඳහන් කරති. ඇමැති පදවි අතහැරියත් තමන් තවදුරටත් ආණ්ඩුවේ කටයුතුවලට සහාය පළකරන බවද ඔවුහු කියා සිටිති.

අප්‍රේල් 21 වැනිදා පාස්කු ප්‍රහාරයෙන් පසුව රට තවමත් දේශපාලන වශයෙන් ස්ථාවර මට්ටමකට පැමිණ නැති බව මේ සිදුවීම්වලින් පැහැදිලි වෙයි. දේශපාලන ස්ථාවරභාවයක් නැති තැන ආර්ථික ස්ථාවරභාවය ගැන කතා කිරීමත් නිෂ්ඵලය. රටේ ජනතාවට මෙහිදී තාවකාලිකව හෝ සැනසිල්ලකට ඇත්තේ ආරක්ෂක තත්ත්වය සැලකිය යුතු මට්ටමකට වර්ධනය කර ගැනීමට සමත්ව තිබීම පමණි. ආරක්ෂක හමුදා සහ පොලීසිය ඒ වෙනුවෙන් ඉටුකළ කාර්යභාරය එහිදී කැපී පෙනිණි. එසේම රටත් ජනතාවත් ආරක්ෂා කිරීම වෙනුවෙන් රට තුළ විශාල හඬක් නැඟූ මහ නා හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නයද කාදිනල්තුමන් ඇතුළු සෙසු ආගමික නායකයන් සහ පූජකවරුන්ද ඉටුකළේ ඉතා වටිනා මෙහෙවරකි. මුස්ලිම් ඇමැතිවරුන්ද පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ වූවන් සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ විධිමත්ව සහ විනිවිදභාවයකින් යුතුව සිදුකිරීමට සහාය දැක්වීමක් වශයෙන් තමන් ඉල්ලා අස්වූ බව ප්‍රකාශ කළද පොදි පිටින් මුස්ලිම් ඇමැතිවරුන් ඉල්ලා අස්වීම මෙරට දේශපාලනය තුළ කිසියම් කැලඹීමක් ඇති කර තිබෙන බව යථාර්ථයයි.

අප එසේ කියන්නේ මුස්ලිම් ඇමැතිවරුන් මෙසේ තනි පොකුරට ඉල්ලා අස්වූයේ විවිධ චෝදනා සම්බන්ධයෙන් ඇඟිල්ල දිගුවී සිටින රිෂාඞ් බදියුදීන් හිටපු ඇමැතිවරයා බේරාගැනීමේ අරමුණින් බවට හැඟීමක් රටේ ජනතාව තුළ ඇතිවී තිබෙන බැවිනි. ඔහු වටා ආරක්ෂක වළල්ලක් ඇති කිරීම මෙම ඉල්ලා අස්වීමේ අරමුණ නම් එයින් සිදුවන්නේ ප්‍රශ්නය තවත් බැරෑරුම් වීම පමණි. එක් මුස්ලිම් ඇමැතිවරයකුට එල්ල වූ චෝදනා සෙසු ඇමැතිවරුන් විසින් බාරගත යුතුද යන්න ජනතාවට ප්‍රහේළිකාවකි.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය රටේ සෑම ක්ෂේත්‍රයක්ම හිරිවට්ටා තිබෙන බව නොරහසකි. එය දේශපාලනයටද එකසේ බලපෑම් එල්ල කිරීම වැළැක්විය නොහැක. එහෙත් ඒ හේතුවෙන් රටේ පාලනය අයාලේ යාමට ඉඩදිය යුතු නැත. අප්‍රේල් 21 ට පසු එළැඹි දින කිහිපය තුළදී වහා ගත යුතුව තිබූ දේශපාලන තීන්දු නොගැනීමේ අනිසි ප්‍රතිඵලයක් මුස්ලිම් සියලු ඇමැතිවරුන් සිය අමාත්‍ය ධුර අත්හැරීමෙන් පෙන්වා දී තිබේ. බෝම්බ ප්‍රහාරය සමඟ දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක්වූ ඇමැතිවරුන් සහ ආණ්ඩුකාරවරුන් තාවකාලිකව හෝ පරීක්ෂණ නිමවන තුරු එම ධුරවලින් ඉවත් කිරීමට එදා කටයුතු කර තිබිණි නම් අද ආණ්ඩුව මේ තරම් ගැටලු_වලට මුහුණ දෙන්නේ නැත. එවැනි පියවරක් ගැනීම රටේ ජනතාව තුළ යළි ආණ්ඩුව කෙරෙහි විශ්වාසය දැල්වීමට රුකුලක් විය හැකිව තිබිණි. එහෙත් සිදුවූයේ එම පියවර නිසි වේලාවේදී නොගැනීම හේතුවෙන් රට තුළ තිබිය යුතු ආණ්ඩුවේ ග්‍රහණය ලිහිල් වී යාමය. රතන හාමුදුරුවන්ගේ උපවාසය මාරාන්තික සටනක් දක්වා අත් නොහරින තැනකට ගියේ නම් කුමකින් කුමක් සිදුවිය හැකිව තිබිණිද? ඒ ගැන කල්පනා නොකර සිටීම වඩා සුදුසුය.

ආණ්ඩුවේ ඇමැති ධුර අතහැර දැමූ පමණින් එය සිදුකෙරන පරීක්ෂණවලට රුකුලක් වනු ඇතැයි යන්න බොරුවක් බවට ඕනෑ තරම් උදාහරණ අපේ පාර්ලිමේන්තුව තුළින්ම පෙන්වා දිය හැක. බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ රජයේ ප්‍රබල ඇමැතිවරයකු වූ රවි කරුණානායක මහතා ඒ සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ කටයුතු වලට සහාය වීම සඳහා යැයි පවසමින් ඇමැති පදවියෙන් ඉල්ලා අස්විය. එහෙත් එම පරීක්ෂණ කටයුතු අවසානයක් නොවූවද රවි කරුණානායක මහතා යළිත් අමාත්‍ය ධුරයකින් පිදුම් ලැබීය. තිලක් මාරපන අමාත්‍යවරයාද ඇවැන්ගාඞ් නඩුව සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා හේතුවෙන් ඇමැති පදවියෙන් අස්විය. එහෙත් මාරපන මහතාද පසුව අමාත්‍ය ධුරයකට පත්කරනු ලැබුවේ එම සිද්ධිය සම්බන්ධ කටයුතු එලෙසම පවතිද්දීය. මේ නිසා අමාත්‍ය ධුර අතහැරීම පරීක්ෂණවලට සහාය වීමක් ලෙස හුවා දැක්වීම ජනතාවගේ විශ්වාසය දිනාගත හැකි ප්‍රකාශයක් නොවන බව සඳහන් කළ යුතුය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය කැබිනට් රැස්වීමේදී මුස්ලිම් ඇමැතිවරුන් සියලුදෙනාම ඉවත්වීම භයානක තත්ත්වයක් බව ප්‍රකාශ කර තිබිණි යැයි මාධ්‍යවල පළවිය. එය පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය එල්ලවීමෙන් පසුව වහා ගත යුතුව තිබූ තීරණ නොගැනීමේ තවත් එක් පල විපාකයක් බව පෙන්වා දීමට අපි කැමැත්තෙමු.

 



අදහස් (7)

සියලු මුස්ලිම් ඇමැතිවරුන් ඉල්ලා අස්වීම යුක්ති යුක්තද

සරත් Thursday, 06 June 2019 06:38 AM

මේ තමයි මුස්ලිම් දේශපාලන අන්තවදියෝ ටික .බොම්බේ පිපිරිලා සති දෙකක් විතර පසු පාදෙන් හිටපු මුන් දැන් සුද්ද වන්තයෝ වගේ කතා කරන්නේ. මේ අය හින්ද අපි අපේ අනාගතය ගැන ඉන්නේ බයකින්. ඒවා නැති කරන්නේ මේ වගේ අන්තවාදී වැඩ කරල අන්තවාදියෝ ආරක්ෂා කරලද.

:       45       251

sunil Thursday, 06 June 2019 07:33 AM

අස්වෙලා නැහැනේ ....!!! බොරුවක් නේ කලේ ඉතින් මොනාටද ඒ ගැන කතා කරන්නේ

:       19       192

max Thursday, 06 June 2019 11:32 AM

චෝදනා එල්ල නොවූ මුස්ලිම් ඇමතිවරුද ඉල්ලා අස්වීමෙන් පෙන්නුම් කරන්නේ ඔවුන් චෝදනා ලත් තම සගයන් ආරක්ෂා කරන බවයි. රටටම විගඩමක් වී ඇති මේ ආණ්ඩුවම ඉල්ලා අස් වීම මේ මොහොතේ සිදුවිය යුතුම ක්‍රියාවයි.

:       46       234

Bamunuarachchi Thursday, 06 June 2019 11:21 PM

මේ මුස්ලිම් ඇමැතියන් මේ රටේ පාලනය අවශ්‍යද? මොවුන්ට රටේ වටිනාම අමාත්‍යංශ සියල්ලම ලැබී ඇත. මෙමගින් මොවුන් ජන අනුපාතයකින් තොරව මුසල්මානුවන්ට රැකියා සැපයීමත් අයතා ලෙස ඉඩම් බෙදා දීමත් කරනු ලැබේ.

:       8       251

saafi Friday, 07 June 2019 06:17 PM

පේනවා නේද දැන් රටටම කෙලින්න හදනවා කට්ටියම එකතුවෙලා... කවුරු මොනවා කිව්වත් වෙන දෙයක් වැද්දෙන් කියලා එදාම කලුජුලියක් දාලා රටපුරාම ඉන්න ටික කාන්තන්කුඩියට කොටුකළා නම් අර ප්‍රභාකරන් කොටුකලා වගේ, මෙලහට වැඩේ දෙකෙන් එකක් වෙලා. එන ප්‍රශ්නයක් එන්නේ ඉන් පස්සෙනේ, එතකොට රටම සුද්දපවිත්‍ර වෙලා ඉවරයි. මේක දැන් උන්නටත් වඩා ගෙම්බර් එකෙන් එන්න යන්නේ?

:       13       47

Kriss Tuesday, 11 June 2019 02:20 AM

ජාතිවාදය එපා කියලා කෑ මොර දෙන අය ඇයි ජාතිවාදී පදනමෙන් නම් කර ඇති දේශපාලන පක්ෂ පිලිගන්නේ? “මුස්ලිම්” කොංග්‍රසය, “දෙමළ” සන්ධානය! බැරිවෙලාවත් “සිංහල” කියන නම දාලා සන්ධානයක් හරි කොංග්‍රසයක් හරි හැදවොත් ඒක ජාතිවාදය. මේ පුංචි රටට පක්ෂ දෙකක් හොඳටම ඇති. ඕනැ ජාතිකයෙකුට ඒ එකකට එක්විය හැකියි. එහෙම කලොත් මේ අර්බුද බොහොමයක් ඇතිවෙන්නෙ නෑ.

:       1       0

බස්බුසා Tuesday, 11 June 2019 12:21 PM

ඇමතිකම්, බලතල වලට වඩා මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාව උදෙසා මෙසේ ඉල්ලා අස්වීම ලෝකයටම හොඳ උදාහරණයකි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1743 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1437 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 517 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site