ඬේලි එෆ්.ටී. පුවත්පතේ පළවූ ලිපියේ 
පරිවර්තනය - සමන් පුෂ්ප ලියනගේ

මෙරට 1948 නිදහස ලැබූ දා පටන් මේ දක්වා රුපියලේ අගය අඩුවීම ඓතිහාසික ශෝකාන්තයක් බවට පත්ව තිබේ. ඒ වනවිට ඇමෙරිකානු ඩොලරයකට හුවමාරු වී ඇත්තේ රුපියල් 3.32 කි. ඩොලර්වලින් කියන්නේ නම් රුපියලක් යනු ඩොලර් ශත 30කි. මෙය ඇමෙරිකානු ඩොලර් ශත 33 දක්වා ඉහළ නැඟී එවකට සිංගප්පූරු ඩොලරය හා අඩු-වැඩි වශයෙන් සමාන වූ හුවමාරු අනුපාතයකි. ශ්‍රී ලංකාව 1977 දක්වා ස්ථාර විනිමය අනුපාතික ක්‍රමය යටතේ පවත්වාගෙන ගිය මෙම හුවමාරු අනුපාතිකය රජය විසින් කලින් කලට අවප්‍රමාණය වූ ස්ටර්ලිං පවුමේ විනිමය අනුපාතික රටේ විදේශ විනිමය සංචිතයේ හිඟකම අනුවත් යන එකක් මත හෝ දෙකම පදනම් කරගෙන අවප්‍රමාණ කරනු ලැබුවේය.  

ඒ අනුව 1977 වෙද්දී රුපියල්/ඩොලර් අනුපාතිකය ඩොලරයකට රුපියල් 8.41 නැතහොත් රුපියකට ඩොලර් ශත 12 තෙක් අවප්‍රමාණය වී පැවතියේය. කවරකු හෝ නිල විනිමය අනුපාතිකයට 65%ක විදේශ විනිමය හිමිකම් සහතික (FEEC foreign Exchange Entitlement la‍ertificate) එකතු කළ විට රුපියල්, ඩොලරයකට, රුපියල් 13.88 ගණනේ හෙවත් රුපියලකට ඩොලර් ශත 7 ගණනේ විකුණුනේය. 1977 නොවැම්බරයේදී මෙම අනුපාතිකය ඩොලරයකට රුපියල් 15.56 හෙවත් රුපියලකට ඩොලර් ශත 6 දක්වා සකස් කර ගත්තේ ශ්‍රී ලංකාව නම්‍ය වූ විනිමය අනුපාතිකයක් තෝරා ගන්නට පෙරාතුවය.

එදා පටන් රුපියල දිගින් දිගටම මූල්‍ය වෙළෙඳපොළේ අවප්‍රමාණවන්නට ගත් අතර 2018 ඔක්තෝබර් මුලදී එය ඩොලරයකට රුපියල් 172ක මට්ටමට පැමිණ තිබුණි. මෙය ඩොලර්වලින් කියන්නේ නම් රුපියලක් ඩොලර් ශත භාගයක් පමණ සමාන වීමකි. 1948දී රුපියල ඩොලර් ශත 30කට අලෙවි වූවද දැන් එය නොවටිනා මුදලක් බවට ඇද වැටී තිබේ.

1 රූපයෙන් රුපියලේ මෙම තනි අතට යන ගමන නිරූපණය කෙරේ. මෙයින් 1950 සිට 2018 දක්වා ඩොලරයකට අදාළ රුපියල් ගණනත්, රුපියලකට අදාළ ඩොලර් ගණනත් නිරූපණය වේ.

සිංගප්පූරුවේ ගැටලුව වන්නේ මුදලේ අගය අධිප්‍රමාණ වීම (වැඩිවීම) වළක්වා ගන්නේ කෙසේද යන්නයි.

1948 (එවකට Ceylon) ලංකාවේ රුපියල හා සමාන මට්ටමේ තිබී ගමන ආරම්භ කළ සිංගප්පූරු ඩොලරය අනෙක් දිසාවට ගමන් කොට ගමනක් නිමා කළේය. පසුගිය සතියේ සිංගප්පූරු ඩොලරය ඇමෙරිකානු ඩොලර් ශත 73ක අගයක් වාර්තා කළේ 1948 ඇමෙරිකානු ඩොලර් ශත 33ක අගයේ සිට ඉහළ ගොසිනි.

එහෙත් ශ්‍රී ලංකාවේ මෙන් නොව සිංගප්පූරුවට අඛණ්ඩ ඵලදායිතාවේ ආශිර්වාදය ලැබී, (SGD) සිංගප්පූරු ඩොලරයේ මිල පහත නොගොස් මූල්‍ය වෙළෙඳපොළේ එහි අගය, ගෝලීය තරගකාරීත්වය අතින් මුදුනට ආවේය. කෙසේ වුවද දැන් ගැටලුව වී ඇත්තේ ඵලදායිතා වර්ධනය අවසර ඇති ප්‍රමාණයට වඩා SGD අගය ඉහළ යා නොදී වළක්වා ගන්නේ කෙසේද යන්නය. එබැවින් සිංගප්පූරු ඩොලරය අධිප්‍රමාණ වීම මන්දගාමී කොට (වේගය අඩුකොට) “මධ්‍යස්ථව හා ක්‍රමිකව” පමණක් එයට ඉහළ යන්නට ඉඩ දෙන අරමුණෙන් එරටේ මූල්‍ය අධිකාරිය 2018 අප්‍රේල් මාසයේදී වෙළෙඳපොළේ එම මුදල පාවෙන්නට ඉඩහරින බන්ධන තරමක් තද කරනු ලැබුවේය. 
මේ ආකාරයට නිදහසින් පසු සිංගප්පූරුවත් ශ්‍රී ලංකාවත් ආර්ථික වර්ධනය අතින් ලබාගත් අත්දැකීම් එකිනෙකට බොහෝ සෙයින් වෙනස් වූයේය.

මූලිකම හේතුව රජයේ ආදායම් අභිබවා වියදම් ඉහළ යාමයි.

ශ්‍රී ලංකාවේ පසුගිය ආණ්ඩු සියල්ලම තම තමන්ගේ දේශපාලන සංකූලතා නොසලකා හැර මූල්‍ය වෙළෙඳපොළේ රුපියල අවප්‍රමාණ වීමට මඟපෑදූ රටේ දුක්ඛිත ආර්ථික වර්ධනය කිරීමේ වගකීම භාර ගත යුතු වේ. කෙසේ වුවද ශ්‍රී ලංකාව ගමන ඇරඹූ 1948ම රැඳී නොසිටියේය.

ලබාගත් ජයග්‍රහණ තිබුණද ඒ සියල්ලම සාර්ථක වූ අනෙකුත් ජාතීන් ලබාගත් ජයග්‍රහණ හා සසඳන විට ඉතා කුඩා ප්‍රමාණයේ ඒවාය. ශ්‍රී ලංකාවේ දේශපාලන නායකත්වය, අලුත නිදහස ලැබූ අනෙකුත් ආසියානු අප්‍රිකානු හා ලතින් අමෙරිකානු රටවල් සේම එකතැන නතර වී දැඩි ආදානග්‍රාහීත්වයෙන් යුතුව රජය කෙරේම විශ්වාසය තබා ජනතාවට ක්ෂණික සමෘද්ධිමත් බව ගෙන ඒමට රජයේ මුදල් යොදවනු ලැබුවේය. මේ ආකාරයට 1954-55 වර්ෂ හැර නිදහස ලැබූදා පටන් මේ මුළු කාල පරිච්ඡේ‏දය තුළම තමා ලැබූ ආදායමට වඩා වියදම බහුල ලෙස වැඩිකොට හිඟ මූල්‍යකරණය යනුවෙන් හැඳින් වූ අයවැය පිළිවෙතක රැඳී විවිධ මූලාශ්‍රවලින් පහසුවෙන් මුදල් ලබා ගත්තේය. අයවැය හිඟය පියවා ගැනීමට සියලුම මූලාශ්‍රවලින් ණය ලබාගැනීමේ පිළිවෙතක් අනුගමනය කරමින් දේශීය පෞද්ගලික බැංකු අංශයෙන් හා අනෙක් අතට විදේශිකයින්ගෙන් ණය ලබා ගැනිණි. මේ ආකාරයට, රටේ අයවැය හිඟය සමහර වර්ෂවල දළ දේශීය නිෂ්පාදිතයෙන් 19% දක්වා ඉහළ ගියේ එහි සාමාන්‍ය අගය දළ දේශීය නිෂ්පාදිතයෙන් 7% ක තබාගනිමිනි. එම ප්‍රමාණය වුවද පාලනය කරගැනීමට අසීරු තත්ත්වයකි.

එසේ වුවද නිදහසින් පසු කාලසීමාවේ සාමාන්‍ය සැබෑ ආර්ථික වර්ධන වේගය වාර්තා වන ආකාරයට ඉහළ ගියේ 4.4%කින් පමණි. පරම්පරා ගණනාවක් ශ්‍රී ලංකාව රැඳුනේ පොහොසත් ජාතියක් ලෙස සැලකීමට අවශ්‍ය වූ 8% ආර්ථික වර්ධන වේගයට වඩා සෑහෙන තරම් පහළින්ය.

ලෝක බැංකු වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාවට දුප්පත් රටක් යැයි සැලකෙන මට්ටමේ සිට පහළ මැද මට්ටමේ ආදායම් ලබන මට්ටමට එන්නට හැකි වූයේ 1997 පමණකි. එදා නිදහස ලබා අවුරුදු 50ක් ගතවූ පසුවයි. දැන් අවුරුදු 20කට පසුවත් තවමත් ඉන්නේ පහළ මැද ආදායම් මට්ටමේ රටක් ලෙසයි. එසේ වූවද මේ රට වර්ගීකරණයේ ඊළඟ මට්ටමට හෙවත් ඉහළ මැද ආදායම් මට්ටමට පිවිසීමේ එළිපත්ත මත රැඳී සිටී.

අද පවතින සියලුම සාක්ෂි මගින් පෙනීයන්නේ මධ්‍යම පරිමාණයේ ආදායම් ලබන තත්ත්වය යනු මළ පුඩුවක් බවයි. නවීන තාක්ෂණය නැතිකම නිසාත් මෙරට තුළ ශ්‍රමයට ගෙවන මිල ඉහළ යාම නිසාත්, සමාන රටවල් සමඟ තරගකාරීත්වය වැඩි නිසා ඉක්මනින්ම පොහොසත් රටක මට්ටමට එන්නට නොහැකි තත්ත්වයක මෙරට රැඳී සිටී. මේ නිසා බලාපොරාත්තු නොවූ අසතුටුදායක ප්‍රතිඵල උදාවී තිබේ. එය නම් ස්වයංපෝෂිත බව පවත්වා ගැනීමේ හැකියාවෙන් ඔබ්බට ගොස් ශ්‍රී ලංකා ආර්ථිකය රුපියලේ අගය අතින් හරසුන් පිම්බීමකට ලක්වීමයි.

හිඟ අයවැයක් හරහා ආර්ථිකය පිම්බීමට දායක වූ අතීතයේ සිටි සියලුම මුල් ඇමැතිවරුන්ට බලාපොරොත්තු සුන් වූ හඬින් හඬනගා කීමට අයිතිය ඇත්තේ එකම කතාවකි. එය නම්, Randal Kleiser ගේ චිත්‍රපටයේ Wayne Szalinski  නමින් යුත් චිත්‍රපටයේ කියන්නා සේ ‘අනේ වස්තුවේ මං දරුවව පිම්බුවා යන්නය.Szalinski   චිත්‍රපටයේ කළේ අහිංසක දරුවකු පුම්බා අද්භූතයකු (අපරූපියකු) නිර්මාණය කිරීමයි. ඔහු එය කළේ හිතාමතාම නොව අහම්බෙනි. 

ඒ හා සමානවම මුදල් අමාත්‍යවරුන් විසින් බඩජාරිකමට බඩ පුරවා පුම්බවා, විරූපී ආර්ථිකයක් තනා ඇත්තේ හිතාමතාම නොව කරන ලද දේවල ප්‍රතිඵලයක් ලෙසය.

දොස් තබන සෙල්ලමට අවතීර්ණ වීම. 

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල්  (Govt.CB have abdicated the vital statutory duty by not being able to deal with rupee depreciation) (රුපියල අවප්‍රමාණය වීමේ කටයුතුවලට සම්බන්ධ නොවී මහ බැංකුව තම වැදගත් ව්‍යවස්ථාමය රාජකාරිය පැහැර හැර තිබේ) යන හිසින් ලියූ පුවත් ලිපියක, 1977 සිට මේ දක්වා වෙළඳපොළේ රුපියලේ අගය අවප්‍රමාණ වීමේදී මහ බැංකුවේ මැදිහත්වීම් සම්බන්ධයෙන් සංඛ්‍යාලේඛන සහිත වගුවක් ඉදිරිපත් කර තිබේ. එසේ තිබියදී රුපියලේ අගය 1976 අග භාගයේදී රුපියලේ අගය ඩොලරයට රුපියල් 8.83 සිට 2018 සැප්තැම්බර් වනවිට ඩොලරය රුපියල් 171 දක්වා අවප්‍රමාණය වී තිබේ. එහෙත් රුපියල අවප්‍රමාණවන්නට පටන්ගෙන ඇත්තේ, (මා ඉහත පෙන්වා දී ඇති පරිදි) ඊට බොහෝ කලින් ශ්‍රී ලංකාව නිදහස ලබාගත් 1948 පටන්ය.

ඔහු ඉදිරිපත් කරන කාරණය වන්නේ ඔහු මහ බැංකු අධිපති ධුරය ඉසුලූ 2006-2014 කාලය තුළ රුපියල වසරකට 3% යන සාමාන්‍යයක් යටතේ රුපියල් 29කින් අවප්‍රමාණය වූයේ මහ බැංකු සංචිත ඩොලර් බිලියන 2.3 දක්වා විකිණීම් ඉහළ යාමකදී පමණක් බවයි. එසේ වුවද 2011-2 කාලයේදී මහ බැංකුව රුපියල ආරක්ෂා කරගැනීම සඳහා ඩොලර් බිලියන 4ක් විකුණා තිබේ. මෙම කාලය තුළ ශුද්ධ අලෙවිය ඩො. බිලියන 2.3ට අඩු වූයේ 2009 දී මහ පරිමාණ මිලදී ගැනීම ඩොලර් බිලියන 2.3ක සිදු වූ නිසාය. මූලික වශයෙන් එසේ වූයේ රජයේ සුරැකුම් වෙළෙඳපොළ විදේශිකයන්ට විවෘත වූ නිසා මුදල් රට තුලට ගලා ඒම නිසාය. ඔහුගේ තර්කය වන්නේ ඔහු මහ බැංකුවෙන් ඉවත්ව ගිය පසු 2015-2018 සැප්. අග කාලය තුළ බැංකුව ඩොලර් බිලියන 2.5ක වෙළෙඳපොළ විකිණීම් සිදුකර ඇතත් රුපියල, රුපියල් 40කින් වසරකට 9%ක සාමාන්‍ය අවප්‍රමාණයක් සිදුව ඇති බවයි. මෙම ශුද්ධ අලෙවිය සැදුම් ලද්දේ 2015 අගෝස්තුවට පෙර කාලපරිච්ඡේ‏දයේ මහ බැංකුව විසින් කරන ලද ඩොලර් බිලියන 3.4 සහ තවදුරටත් 2016 දී අලෙවි කළ ඩොලර් බිලියන 1.9ක් වටිනා අලෙවි කිරීම් මගින්ය. එහෙත් කබ්රාල්ගේ කාලයේ මෙන්ම මහ බැංකු වර්තමාන කළමනාකරණයද වෙළෙඳපොළෙන් ඩො. බි. 1.7ක් ශුද්ධ පදනම යටතේ සංචිත වැඩි කරමින් 2017දී මිලදී ගෙන තිබේ.
දොස් පැවරීමේ සෙල්ලමේ ඉතිරි හරිය 

දැන් මෙය දොස් පැවරීමේ සෙල්ලමක් වනුයේ ඔහුගේ කාලය තුළ රුපියල අවප්‍රමාණ වීමත් විදේශ විනිමය සංචිතවලින් ශුද්ධ අලෙවියක් යන දෙකම ඔහු මහ බැංකුවෙන් ඉවත්ව ගිය කාල පරිච්ඡේ‏දයට වඩා අඩු වීමයි. එහෙත් දැන් රුපියල අවප්‍රමාණවීමක් සිදුවෙද්දී සංචිතද අහිමි වී තිබේ. කෙසේ වුවද මහ බැංකුව ආරක්ෂාකාරී මුහුණුවරක රැඳී කබ්රාල් හට පිළිතුරු දී තිබේ. (http//www.ft.lk/Opinion/Rupee depreciation C.B. respond on  -  misleading - article / 14-664390 හි ඇත.

මෙහිදී පෙන්වා දී තිබෙන්නේ බැංකුව අතීතයේදී හුවමාරු අනුපාතිකය ස්ථාවරය තබාගන්නට හොඳම දේ කර තිබුණත් රුපියලටත් විනිමය අනුපාතිකයේ ස්ථාවර බව තබා ගැනීමට කරන උත්සාහයන්ට එරෙහිවත් බලපෑම් කරන, වාසිදායක නොවන බලවේග ක්‍රියාත්මක වන බවකි. එහි ප්‍රධාන තර්කය වී ඇත්තේ වර්තමාන කාලය තුළ විදේශවලින් නිදහසේ ණය මුදල් ගෙන, එම ණය බර රට මත පැටවූ විට ඒවා ආපසු ගෙවා දැමීමේ අරමුණ 2011/12 සහ 2015දී කළාක් මෙන්, ඒ ආකාරයට අතීතයේ මෙන් මහා පරිමාණ මැදිහත්වීම් නොකළ යුතු හා කළ නොහැකි බවකි. මුදල් අමාත්‍යාංශය පවසන පරිදි මෙම බැඳීම් නොසලකා හැරීමට තරම් තත්ත්වය විශේෂයෙන් 2019 සහ 2020 වෙද්දී අවදානම් සහගත වනු ඇත. මෙම තත්ත්වය දොස් පැවරීමේ සෙල්ලම තවදුරටත් සිදුවීමට හේතු සාධක වී තිබේ. 

පසුකාලීනව කළ මැදිහත්වීම්වලදී කබ්රාල් මහා බැංකුවේ රුපියල ස්ථාවරව පවත්වා ගැනීමේ දැනුම ප්‍රශ්න කරමින් එය ඩොලරයකට රු. 200, රු. 250, රු. 300 දක්වා පහත වැටේදෝ යන්න ප්‍රශ්න කර තිබේ. මෙම දොස් පැවරීම් කරමින් කරන ක්‍රීඩා රුපියලටවත්, ආර්ථිකයටවත් උපකාරී නොවන නිසා ඒවා නවත්වා අවප්‍රමාණය කරා තනි අතට යන රුපියලේ ශෝචනීය ගමන වැළැක්වීම උදෙසා ස්ථිරසාර විසඳුමක් සොයාගැනීමට ක්‍රියා කළ යුතුය. 

රජයේ වගකීම වන්නේ ස්ථිරසාර විසඳුමකි.

බැංකුවට පිටතින් ඇති ආර්ථිකය විසින් එහි ක්‍රියාකාරී බවට උපකාරී නොකරන්නේ නම් මුදලේ අගය ස්ථාවරව තබා ගැනීම උදෙසා මහ බැංකුවට කළ හැකි කාර්යය අල්පය. මුදලේ අගය අවප්‍රමාණය වීම බැරෑරුම් ව්‍යාකූලත්වයක රෝග ලක්ෂණයක් විනා රෝග නිධානයක් නොවේ. එසේ වුවද මහ බැංකුවකට යම් කෙටි කාලයකට, තම මූල්‍ය ප්‍රතිපත්ති අනුව, විදේශ විනිමය හුවමාරුව අනුව සහ වෙළඳපොළ වෙත මැදිහත්වීමේ ප්‍රතිපත්ති අනුව මුදලේ අගය ස්ථාවර මට්ටමක තබාගත හැකිවේ. මුදලේ අගය යම් ස්ථාවර මට්ටමකට වරක් ගෙන ආ පසුව, දීර්ඝ කාලීනව පවතින ස්ථාවරභාවයකට ගෙන ඒම සඳහා ක්‍රියාමාර්ග ගැනීම බලයේ පවතින රජයේ වගකීම වේ. නව තාක්ෂණය හඳුන්වාදීම සහ ආර්ථිකය තුළ හැම මට්ටමකම තරගකාරී බව වර්ධනය කිරීම හරහා ඵලදායිතාව වැඩි කිරීම මගින් සිංගප්පූරුව විසින් කරන ලද්දේ මෙම කාර්යයයි. 

මහ බැංකුව කළ මූල්‍යමය යුද්ධය 

සෑම මහ බැංකු අධිපතිවරයකුම මෙම බලපෑම් හමුවේ කටයුතු කරන අතර ඔහුට කළ හැක්කේ කුමක් කළ යුත්තේද යන්න ගැන දේශපාලන නායකත්වයට උපදෙස් දීම පමණයි. ආප්තෝපදේශයකින් කියන්නා සේ ඔහුට අශ්වයා වතුරට බැස්සවිය හැකිය. එහෙත් වතුර පොවන්නට ඔහුට නොහැකිය. 2007-2009 කාලයේ රට මුහුණ දුන් දරුණු විදේශ විනිමය අර්බුදයේදී, රට එල්.ටී.ටී.ඊ.ය සමඟ කළ යුද්ධයේ උපරිමයට පැමිණ සිටි අවස්ථාවේ, යුද පෙරමුණේ සොල්දාදුවන් කළ යුද්ධයට අමතරව මහ බැංකුව මූල්‍ය යුද්ධයක පැටලී සිටියේය. ශ්‍රී ලංකාව ආයුධ හිඟව පැවති අතර එහි ප්‍රධාන අවි සැපයුම්කරුවා වූ චීනය, මෙරටට ණය කාලසීමාව දීර්ඝ කළේ මාස 3ක් දක්වා පමණි. ලංකා බැංකුවට දින යෙදූ ණයවර ලිපියක් නිකුත් කරන්නට සිදු වූ අතර මහ බැංකුවට ඒ සඳහා ඩොලර් සම්පාදනය කරන්නට සිදු වූයේය. වර්තමාන මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමිට ගත් ණය ගෙවීමේ වගකීම ඉදිරියේ හිඟවූ විදේශ විනිමය සංචිත රැකගන්නට සිදු වූවාක් මෙන්, එදා මෙම භාරධුර කාර්ය ඉටු කරනු පිණිස, ප්‍රමුඛතා පදනම යටතේ රටට විදේශ විනිමය ඉතිරි කරගත යුතු වූයේය. 

මහබැංකු අධිපති කබ්රාල්ට පැසසුම් ලැබිය යුතු කටයුතු 

මෙම තත්ත්වය සාර්ථක ලෙස කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් කබ්රාල් සම්මානයට පාත්‍ර විය යුත්තේ, යුද්ධය හමාර කිරීම සඳහා සොද්දාදුවන් හට අඛණ්ඩව ආයුධ ගලායාම සඳහා පහසුකම් සැපයීම වෙනුවෙනි. රජයෙන් ඩොලර් මිලියන 500ක රාජ්‍ය බැඳුම්කර පළමුවරට නිකුත් කළ අවස්ථාවේ 2007 වර්ෂයේ ඔහු ලෝ වටා විදේශ ආයෝජකයන්ගේ ඉල්ලීම් කරමින් ගිය ආකාරය මට සිහිපත් වේ. අද පවතින තත්ත්වය හා සැසඳූවිට එය සුළු කටයුත්තක් වුවද එම කාර්යය කරනු ලැබූවේ රට තුළත්, පිටතත් තිබූ බලවේගවලට එරෙහිව යමින්ය. එහෙත් විදේශ විනිමය අවශ්‍යතා සෑහෙන තරම් ඉහළ මට්ටමක තිබුණු නිසා එය ප්‍රමාණවත් නොවීය. ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මිතුරකු යයි සැලකෙන මොහොමඞ් ගඩාෆිගෙන් උපකාර බලාපොරොත්තුවෙන් ඔහු ලිබියාවට පිටත්ව ගියේය. එහෙත් ඔහු හිස් අතින් ආවේය. 

අනතුරුව ඔහු ශ්‍රී ලංකාවට වඩාත් අවශ්‍ය වූ ඩොලර් දීමට සූදානම්ව, විදේශවල ශ්‍රී ලාංකිකයන්ගෙන් සහයෝගය ඉල්ලීමට ප්‍රධාන රටවල් සමූහයට ජ්‍යෙෂ්ඨ මහ බැංකු නිලධාරී කණ්ඩායම් පිටත්කර යැව්වේය. ඔස්ටේ්‍රලියාව හා නවසීලන්තයට ගිය කණ්ඩායම්වල නායකත්වය මා දැරූ අතර මෙල්බර්න්, සිඞ්නි, කැන්බරා සහ වෙලින්ටන්වල වෙසෙන ශ්‍රී ලාංකිකයන් හමුවී මම ඔවුන්ගේ සහයෝගය ආයාචනාත්මකව ඉල්ලා සිටියෙමි. ඔවුන් ඉතා අනුකම්පා සහගත වුවද මස් රාත්තලම රජයෙන් ඉල්ලමින් ද්විත්ව පුරවැසිභාවය උදෙසා අය කෙරෙන ගාස්තුව අඩු කරන ලෙසත්, සුපිරි පාසල්වලට ඇතුළත්වීමේ වරම් දෙන ලෙසත්, තම රටට ආපසු ඔවුන්ගේ නෑයින්ට තීරු බදු රහිත වාහන ලබාදෙන ලෙස ඔවුහු ඉල්ලා සිටියෝය. ඒ නිසා එය අසාර්ථක විය. 

මූලාශ්‍ර නැතිවූ විට කබ්රාල් ෂඵත්‍ (අන්තර් ජාතික මූල්‍ය අරමුදල) වෙත හැරුණේය. ඔවුන් ඉල්ලීමට ඇහුම්කන් දුන්නේ  එල්.ටී.ටී.ඊ. හිතවාදීන්ගෙන් එන පීඩනය හමුවේය. සාකච්ඡා මේසය වෙනස් වූයේ ඉන්දියානු මුදල් අමාත්‍ය ප්‍රනාබ් මුඛර්ජි ඉදිරිපත් වී එඩිතර ප්‍රකාශයක් දෙමින් ශ්‍රී ලංකාව බලාපොරොත්තුවෙන් සිටින ණය ෂඵත්‍ අනුමත නොකළහොත් රටට අත්‍යවශ්‍ය වේලේ එම අරමුදල් ඉන්දියාවෙන් ලබාදෙන බව කී විටය. එම නිසා කබ්රාල් දැන් දොස් තැබීමේ සෙල්ලමට අවතීර්ණ වෙමින් වර්තමාන මහ බැංකු කළමනාකරණයේ වැරදි සෙවීම සාධාරණ නොවන්නේය. 

අතීත මහ බැංකු අධිපතිවරුන්ගේ අසාධාරණකම් මහ බැංකු අධිපතිවරුන් අතීතයේ යම් විටෙක අසාධාරණ කටයුතු කළද යම් ඉවක් දැනුණ විට ඔවුහු ඉදිරියට පැමිණ සහයෝගයදී ආයතනය බේරා ගත්හ. 1996 මහ බැංකුව ඉදිරිපිට රුදුරු බෝම්බය පුපුරාගිය අවස්ථාවෙන් පසුව මේ වනවිට අභාවප්‍රාප්ත එච්.එන්.එස්. කරුණාතිලක, එවකට මහ බැංකු අධිපති ඒ.එස්. ජයවර්ධන වෙත ප්‍රසිද්ධියේ දොස් පවරමින් එල්ලවිය හැකි එල්.ටී.ටී.ඊ.  ප්‍රහාරයකින් බැංකුව ආරක්ෂා කර ගන්නට ඔහු අසමත් වූ බව කීවේය. එසේ කොට තමා විසින් බැංකුවට පිවිසෙන ස්ථානයේ ඉදිකළ යකඩ බැරියරය හේතුවෙන් බැංකුව සියල්ල විනාශ නොවී ආරක්ෂා වූ බව කියමින්, තමාටම නිවැරදි ලෙස සම්මානය පවරා ගත්තේය. එම බැරියරය ප්‍රසිද්ධ වූයේ කරුණාතිලක බැරියරය යන අන්වර්ථ නාමයෙනි. ඒ.එස්. ජයවර්ධන රූපවාහිනියට පැමිණ එය ජාතික ආපදාකාරී අවස්ථාවක් බවත්, මහ බැංකුවේ හිටපු අධිපතිවරුන් බැංකුවේ සහයෝගයට ආයුතු බවත් කී වේලේ කරුණාතිලක නැවත කලින් කී වදන් කියමින් කන්කෙදිරි ගෑවේ නැත. ඉන්පසු 2006දී කබ්රාල් මහ බැංකු ධුරයට පත්වූ අවස්ථාවේ කරුණාතිලක නැවත දොස් කියන සෙල්ලමට බැස, ඔහුව පෞද්ගලිකව විවේචනයට ද ලක් කළේය. කබ්රාල් තම සුපිරි මහජන සම්බන්ධතා නිපුණතා භාවිත කරමින් බැංකුවේ දිවා ආහාරය හා එක්ව සංවිධානය කළ රැස්වීමකට හිටපු අධිපතිවරුනට ආරාධනා කරමින් එවකට රට මුහුණපා සිටි සැබෑ තත්ත්වය පැහැදිලි කරන විට එම දෙස් තැබීම නැවතුණේය. අවප්‍රමාණයට හේතුව ඉහළ දළ දේශීය නිෂ්පාදිතයත් (ඨෘඡ) පහත මට්ටමේ පවතින අපනයනුත්ය. 

වර්තමාන මහ බැංකුවේ කළමනාකරණයට කබ්රාල් සහයෝගය දිය යුතු තවත් හේතුවක් ඇත. ඒ රුපියලට අදාළ ගැටලුවේ බරපතළකම 2006 සිට 2014 දක්වා කාල පරිච්ඡේදයට මුල් අද තිබෙන නිසාය. එම කාලය තුළ රුපියලේ අගය පවත්වා ගැනීමේ අවශ්‍යතාව මත ආර්ථිකය පුම්බා තබමින් අපනයන වර්ධනයට අඩු අවදානමක් දී ජංගම ගිණුමේ හිඟය අතහැර දමා තිබිණි. 2වැනි සටහනේ දැක්වෙන පරිදි 2006දී ඨෘඡ (ද.ජා.නි) යම් තරමකින් වර්ධනය වූවද අපනයන පැවතියේ එක තැන ඇණහිටලාය. 

මෙම තත්ත්වය උදාවූයේ රුපියලේ අගය ස්ථාවරව තබා ගැනීමට ඨෘඡ (ද.ජා.නි) පුම්බා තබමින් පවතින ඉහළ වර්ධන අංකයට ගැළපෙන්නට රුපියල්/ඩොලර් අනුපාතය වැඩි අගයක තබා ගැනීම නිසාය. මෙය 3 වැනි රූප සටහනෙන් පැහැදිලි වේ. එහි අපනයන ද.ජා. නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ගත් අගය 2002 සිට පහත වැටෙන්නට පටන් ගනිද්දී ජංගම ගිණුමේ හිඟය අඩු වැඩි වශයෙන් එකම මට්ටමේ තිබී ඇත. 

ඒ ආකාරයට වර්තමාන මහ බැංකු කළමනාකාරීත්වය අද පුනපුනා කරන්නේ ද ශ්‍රී ලංකාව අතීතයේ පෙන්නුම් කළ දේමය. එම නිසා ආර්ථිකය කෙරේ උනන්දුවන සැමගේ වගකීම වන්නේ එකට එක්වී මේ පවතින රෝගවලට ස්ථිරසාර විසඳුමක් සෙවීම විනා එකිනෙකා වෙත චෝදනා එල්ල කර ගැනීම නොවේ. 

අවශ්‍යතාව වන්නේ සියලු දෙනා විසින් දරන වේදනාබර වියදම් හකුලා ගැනීමයි. 

රජය සහ මහජනයා විසින් දරන වියදම් ප්‍රමුඛතා පදනමක් මත හකුලා ගැනීම මේ සඳහා අදාළ විසඳුම් ඇතුළත් ප්‍රධාන අංගයකි. ජංගම ගිණුමේ හිඟය නොපිරිහුණ මට්ටමෙන් තබා ගැනීමකින් තොරව කිසිම රටකට තම මුදලේ අගය ස්ථාවරව පවත්වා ගැනීම ගැන සිතන්නට නොහැකිය. මේ වනවිට එකිනෙකාට දොස් කියා ගැනීමේ සෙල්ලමේ යෙදී සිටින පාර්ශ්වකරුවන් සියල්ල එකට එක්වී ඉහත කී චිත්‍රපට කතාවේ (ී‘්කසබිනස ගේ කතාවේ) කීවා සේ ‘අනේ වස්තුවේ මම දරුවා පිම්බුවා, දැන් ඉතින් හරි අමාරුයි. ඒ වුණාට හරි හැටි වැඩදායී යමක් කරන්න වෙනවා’ කීම වඩා යෝග්‍ය වේ.