IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


චාල්ස් කුමරු උපන් දා බකිංහැම් මාළිගාව හෙල්ලූ ලංකාවේ නර්තන ශිල්පියා

 

නැටුමකට එක් වී... දකුණේ සිට පස්වැන්නා

 

1997 දී ඉරිදා ලංකාදීපයේ පළ වූ ලිපිය

 

පොදු රාජ්‍ය මණ්ඩලීය 23 වැනි සමුළුව පැවැත්වෙන මේ දිනවල බොහෝ දෙනා බොහෝ දේ ඒ ගැන කතා කරති. පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටවල් 60 කට ආසන්න ප‍්‍රමාණයේම මව ලෙස සැලකෙන්නේ මහා බි‍්‍රතාන්‍යයයි. මහා බි‍්‍රතාන්‍යයෙන් පොදු රාජ්‍ය මණ්ඩලයට සහභාගි වන්නේ මහා බි‍්‍රතාන්‍යයේ කිරුළ හිමි චාල්ස් කුමරුයි. අප මේ කියන්නට යන්නේ චාල්ස් කුමරු උපන්දා බකිංහැම් මාළිගාවේ උඩරට නර්තනයක් ඉදිරිපත් කර රටවල් 40 ක් අභිබවා පළමු තැන දිනා ලංකාවට කීර්තියක් ගෙනා ලෝක ප‍්‍රකට නර්තන ශිල්පියෙකු ගැන යටපත්ව ඇති අපූරු කතාවකි.

ඔහු මහනුවර තිත්තපජ්ජල පදිංචිව සිටි තිත්තපජ්ජල සුරඹා ගුරුන්නාන්සේයි.

අද ඔහු ජීවතුන් අතර නැති වුවත් පොදුරාජ්‍ය නායක සමුළුව ලංකාවේ පැවැත්වෙන මේ මොහොතේ යටපත්ව ඇති ඒ අතීත කතාව දිග හරින්නට අවස්ථාවක් කර ගන්නට සිතුවෙමි.

1997 ජූනි මස 22 වැනිදා ඉරිදා ලංකාදීප පුවත්පතේ සුරඹා ගුරුන්නාන්සේ පිළිබඳව විශේෂාංගයක් පළ වූ අතර එම ලිපිය සකස් කිරීම සඳහා මා ඔහු හමු වූයේ ඒ ලෝක ප‍්‍රකට කලා කරුවා මිය යන්නට ටික කලකට පෙරයි. මේ රස බර කතාව එදා ඔහු මා සමඟ කී ඒ කතාව ඇසුරෙන් සකස් කර තිබේ.
”මට වයස අවුරුදු 11 පමණ වන විට මම උඩරට නර්තන කලාව හදාරන්න ආරම්භ කළා. 1927 දී එවකට දියවඩන නිළමේ ලෙස කටයුතු කළ සී.බී. නුගවෙල මහතාගේ ප‍්‍රධානත්වයෙන් තිත්තපජ්ජල ගලේ පන්සලේදී සිදු කෙරුණා.

තිත්තපජ්ජල සුරඹා ගුරුන්නාන්සේ මා සමඟ කී පරිදි ඔහු මුල් කාලයේ පටන්ම රටවල් රැසක සංචාරය කළේය. ඒ අතර 1940 ගණන් වල අග භාගයේදී ඔහු මහා බි‍්‍රතාන්‍යයට ද ගියේය.

එම කාලය වන විට බි‍්‍රතාන්‍යයේ රජ පවුලට දීර්ඝ කාලයක් කිරුළ හිමි කුමරෙකු නැති වීමේ අඩුව පුරවමින් චාල්ස් කුමාරයා ඉපදුනේය. චාල්ස් කුමාරයා උපන් ප‍්‍රීතිය මුළු බි‍්‍රතාන්‍යයේම උත්සවශ්‍රීයෙන් සැමරීය. මේ අවස්ථාව නියෝජනය කරමින් ලෝකයේ විවිධ රටවල කලා කරුවන් විවිධ සංස්කෘතික අංග ඉදිරිපත් කිරීමට කටයුතු කළහ. මේ කාලය වන විට මහා බි‍්‍රතාන්‍යයේ ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස්වරයා වූයේ ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක මහතායි. චාල්ස් කුමාරයා උපන් දිනයේ ලෝකයේ අනෙක් රටවල් සංස්කෘතික අංග ඉදිරිපත් කරද්දී ලංකාවෙන් ඒ සඳහා සංස්කෘතිකාංගයක් නොමැති වීම ඔලිවර් ගුණතිලක මහතාට ලොකු අඩුවක්ව දැනින.
 

සුරඹා ගුරුන්නාන්සේ එදා

මේ අවස්ථාවේ ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක මහතාට සුරඹා ගුරුන්නාන්සේ එංගලන්තයට පැමිණ ඇති බව ආරංචි විය. වහාම ඔහු කැඳවූ ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක මහතා චාල්ස් කුමාරයා උපන් මේ අවස්ථාවේ ලංකාවේ ප‍්‍රීතියත් එක් කරන්න උඩරට නැටුමක් ඉදිරිපත් කරන ලෙස ඔලිවර් ගුණතිලක මහතා සුරඹා ගුරුන්නාන්සේගෙන් ඉල්ලීමක් කළේය. ඒ අවස්ථාවේදී නැටුම ඉදිරිපත් කිරීමට හැකි වුවත් ඒ සඳහා බෙර ගැසීම සඳහා කෙනෙකු අවශ්‍ය බව සුරඹා ගුරුන්නාන්සේ ඔලිවර් ගුණතිලක මහතාට දැන්වීය. ඒ අනුව එංගලන්තය පුරා සොයා බලා සුරඹා ගුරුන්නාන්සේගේ ඥාතියෙකු වන පුද්ගලයෙකු සොයාගෙන නැටුම ඉදිරිපත් කරන්නට පියවර ගත්තේය.

ලෝකයේ රටවල් 40 කට වැඩි ප‍්‍රමාණයක් චාල්ස් කුමාරයා උපන් ප‍්‍රීතිය නිමිත්තෙන් සංස්කෘතිකාංග ඉදිරිපත් කළ අතර එයින් ලංකාව වෙනුවෙන් සුරඹා ගුරුන්නාන්සේ ඉදිරිපත් කළ උඩරට නර්තනය ප‍්‍රථම ස්ථානය දිනා ගන්නට සමත් විය. එම ජයග‍්‍රහණයත් සමඟ ලංකාවට පැමිණි සුරඹා ගුරුන්නාන්සේට තවත් භාරදුර කාර්යයක් ඉටු කිරීමට සිදු විය. ඒ වන විට බුරුමයේ කලබලයක් ඇතිව තිබූ අතර ඒ වෙනුවෙන් මහාමාන්‍ය ඞී.එස්. සේනානායක මහතා දළදා වහන්සේ බුරුමයට වැඩම කිරීමේ වගකීම තමන් වෙත පැවරූ බවත් තවත් කිහිප දෙනෙකු සමඟ තමන් ඒ කාර්යද මනාව ඉටු කළ බව සුරඹා ගුරුන්නාන්සේ එදා මා සමඟ කීය.

ලංකාවේ පිහිටවූ ප‍්‍රථම කලායතනය වන ශ්‍රී ලංකා දේශීය කලායතනය අද වන විටත් සුරඹා ගුරුන්නාන්සේගේ පුතණුවන් දෙදෙනා වන සුමනවීර සහ සමරවීර යන දෙදෙනා විසින් පවත්වාගෙන යනු ලබයි. තම පියා මෙන්ම ඔවුන්ද උඩරට නර්තන කලාව වෙනුවෙන් සිය උපරිම කැපකිරීම කර තිබෙන අයුරු එහි දක්නට ඇත.

 

 



අදහස් (0)

චාල්ස් කුමරු උපන් දා බකිංහැම් මාළිගාව හෙල්ලූ ලංකාවේ නර්තන ශිල්පියා

චතුරංග Thursday, 21 November 2013 10:46 PM

නියමයි (නි)

:       0       0

රවී Monday, 18 November 2013 11:35 AM

ඔහුට නිවන් සුවය පතමි. (ස)

:       0       0

මනීෂ ගිම්හාන් Saturday, 23 November 2013 06:26 PM

සුපිරි වැඩ කාරයා.(නදී)

:       0       0

ඇෆ්ගන් සරීඩ් Wednesday, 20 November 2013 12:54 AM

සෙහාන් ඇත්තටම ඔබ හරි.(අ)

:       0       0

අනුර නාවලපිටිය Saturday, 23 November 2013 07:51 PM

මේවගේ ගෞරවනීය මිනිසුන් ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුයි (අ)

:       0       0

ෂෙහාන් Tuesday, 19 November 2013 07:21 AM

මොහොමඩ් ආසික්,ඔබ ගැන ආඩම්බරයි... (නි)

:       0       0

මුහමඩ් හිල්මි Tuesday, 19 November 2013 01:41 PM

මෙවැනි කලාකරුවන්ගේ අඩුවක් දැන් අප රටේ පවතිනවා. මෙවැනි අද්විතීය කලාකරුවන් අප කවදත් අගය කල යුතුමයි. මාධ්‍ය හරහා කලාකරුවන්ව නිතරම ඇගයීමකට ලක් විය යුතු බව මාගේ අවංක හැගීමයි. (ස)

:       0       0

ලියොන් ගුණවර්ධන Monday, 24 November 2014 06:33 PM

මීට 75 වසරකට පෙර උඩරට නැටුම විශ්ව කීර්තියට පත්කළ සුරඹා ගුරුන්නාන්සේගේ පිළිරුවක් තනා අපේ කලාගාරයේ ප්‍රදර්ශනය කළොත් හොඳයි නේද? (නි)

:       0       0

අංජන ආතාවුද Monday, 18 November 2013 03:38 PM

අපේ උරුමය රකින සමරේ අයියා ඔබට සුබ පැතුම්. (ස)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 23 November 2013 03:00 PM

ලේඛකයාට ස්තුතියි අපිව දැනුම්වත් කෙරුවාට.(නදී)

:       0       0

සශිමාල් Monday, 18 November 2013 10:28 AM

ඉතා හොඳ ලිපියක්.අපිට ආඩම්බරයී අපේ කලාකරුවො ගැන.ඔහුට නිවන් සුවය පතමි. (ස)

:       0       0

සමීර Thursday, 21 November 2013 08:49 PM

මොහොමඩ් ආශික් ඔබ ගැන ඇත්ටටම ආඩම්බරයි (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 653 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 839 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 359 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site