තුන් හෙළය එක්සේසත් කළ දුටුගැමුණු යුගයේදී රත්නමාලී චෛත්‍යයේ ධාතු නිධානෝත්සවයෙදී තූර්යවාදනය පිළිබදව සඳහන් වෙයි. දෙවනපෑතිස් රජ සමයේදී ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ ජම්බුද්වීපයේ සිට වැඩමකරවන අවස්ථාවේදී විවිධ කුලවර්ග 18 ක පිරිස් මෙහි පැමිණියහ. බෝධි පූජා පැවැත්විම සඳහා ගන්ධබ්බ කුලයේ වාදක පිරිස් පැමිණිබවත් ශී‍්‍ර මහා බෝධිය වැඩමවීමෙදී පංචතූර්ය වාදනය කළ බවත් සඳහන්්වෙයි. එකල පංචතූර්ය වාදනය නොතිබෙන්නට හැකි ද ?
තගළිම් රැළ බෙර තම්මැට පං තත්තිරි ඹමුරූ
තඹමේ ඩැක බෙර බොම්බලි වීණා මිණ සුසිරූ
බෙර මද්දළ කහළම් රසු කිගළම් බඳ සොදුරූ
මෙසියල් මහ ගිඟුමෙන් පළ කෙරෙමින් සිදු අයුරූ
(තිසර සන්දෙශය)
බෙර අපේ සංස්කෘතික දායාදයකි. සිංහල සංස්කෘතියේ මෙන්ම බෞද්ධ සංස්කෘතියේද සුවිශේෂී භාණ්ඩයකි බෙරය.
මෙයින් පෘථිවි ජල, තේජස්, වායු යන සතරෙහි හට ගැන්මත් පැවැත්මත් සංකේතවත් වේ.සතර මහා භූතයන්ගෙන් හටගන්නා දෝෂ සමනයටද සමත් බෙරය ශබ්ද ධ්වනියෙන් යුක්ත ප‍්‍රාථමික වාi භාණ්ඩයකි. සතුරු උපායන්, පණිවුඩ යැවීමට, කාල වෙලාව දැක්වීමට, සේනා මෙහෙය වීමට, ජය පරාජය ප‍්‍රකාශකිරීමට, පී‍්‍රතිය ශෝකය ප‍්‍රකාශ කිරීමට,යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම් ආදී අභිචාර කටයුතුවලට ද, සංස්කෘතික හා කලා කටයුතුවලට ද සශී‍්‍රකත්වය දැක්වීම ආදියට ද මිනිසා බෙරය එදා භාවිත කෙළේය. අද ද භාවිතා කරයි. හෙටත් භාවිත කරයි. මිනිසා බෙරය හොඳ නරක දෙකෙටම යොදාගනී. ශාන්ති කර්ම වස් දොස් දෙස් දෙවොල් තැබීමටත් වස් දොස් මුදාහැරීමටත් බෙරය අතිශය බලවත් වාi භණ්ඩයකි.මගුල් බෙර, මළ බෙර, අණබෙර, රණබෙර, වදබෙර, මිනීබෙර, හේවාබෙර වශයෙන් ඒ ඒ අවස්ථා අනුව බෙරයට නම් ලැබේ. සිංහල අනන්‍යතාව සුරැුකෙමින් අන්ජාතීන්ට නොදෙවැනිවන්නට සිංහලයන් සතු කලානිර්මාණ සමත් වී තිබේ. සිංහල කලා අතර නැටුමත් බෙර වැයුමත් එකිනෙක හා බද්ධ වී ඉහළම ස්ථානයක පවතී. ආදීම සංගීත භාණ්ඩයක් වූ බෙරය කි‍්‍ර.පූ. 300 ට පෙර මෙසපොටේමියා ශිෂ්ඨාචාරයේ කලානිර්මාණ අතරත් ඉන්දියාවේ පෞරාණික ගල්කැටයම් අතරත් සටහන්වි තිබීම බෙරයේ ඓතිහාසික බව විරාජමාන කරයි. එසේම මිසරයේ පාරාවෝ පෙළපතේ සොහොන්කොත්හි ඇති රූප සටහන් අතර බෙර වයන්නන්ගේ සටහන්ද වෙයි. මෙම සොහොන් කොත් අවුරුදු 5000 ට වඩා පැරණිබව පුරාවිiත්මක මතය යි. එහෙයින් බෙරයේ ඉතිහාසය අවුරුදු 5000 ට පෙර කාලය දක්වා ගමන් කරයි. එසේම මොහෙන්දජාරෝ හරප්පා ශිෂ්ඨාචාරයේ නටබුන්වලත් බෙර අතින්ගත් දළ මිනිස් රූප බෙර වාදනයේ ඉතිහාසය පිළිබඳව සාක්කි සපයයි. වනචාරී ගෝති‍්‍රක ජනයා පවා යාග හෝම, ගිනි දෙවියන් පිදිම, යක්ෂයන් පිදීම, මළවුන් පිදිම ආදී කටයුතු සඳහා බෙර වාදනය කැර ඇතිබව විවිධ මූලාශ‍්‍රයන්හි දැක්වේ. පෙරදිග මෙන්ම අපරදිග සමාජයෙන් ද බෙර පිළිබඳ තොරතුරු අසන්නට ලැබේ. පෙරදිග රටවල් අතරින් ඉන්දියාවේ බෙර වර්ග විශාල සංඛාවක් ගැන අසන්නට ලැබේ. භාරතයේ ඇති විවිධ ආගමික හා සමාජයීිය පරිසරයන්හි ගායනය, වාදනය හා නර්තනය මුලික කර බෙරය මුල්තැන් ගනී . බෙරයේ විවිධ ධ්වනි ශබ්ද නිසා විවිධාකාර්ය සඳහා බෙරය යොදා ගැනෙයි. පටහ, මද්දල, හුඩුක්කා, මුරජ, තී‍්‍රවලී, ඩතුලි, ඩමරු, ඩක්කා, ඩමස, ඝටම්, දුන්දාහි, කුඩුක්කා, ඩක්කරී, තුම්බකී, වශයෙන් භේරී නාම විශාල සංඛ්‍යවක් භාරතීය සමාජයේ පැවතියේය. වර්තමානයේ මෘදංග, පක්චාඡ්, තබ්ලා, ඩෝල්, මාර්දෝල්, ඩොල්කි, නක්කරා, කෝල් වශයෙන් භේරී වර්ග ඇත. භේරී සංස්කෘත පදයේ සිංහල අර්තය බෙරය යි.ශී‍්‍ර ලංකාවේද බෙර වාදන ශිල්පයට ඉතා දීර්ඝ ඉතිහාසයක් ඇතත් ඒ පිළිබඳව සටහන් වී ඇත්තේ අඩුවෙනි. කි‍්‍රව 460-478 මහානාම හිමියන් විසින් ලියන ලද මහා වංශයයෙහි විජය කුමරු ලංකාවට පැමිණි දිනයේ සිරසවත්තු පුරයේ පැවති මංගල උත්සවයක තූර්ය වාදනයක් ගැන සඳහන් ය. එහි තූර්යවාදන භාණ්ඩ යනුවෙන් සඳහන් කළේ අවන්ද භාණ්ඩ විය යුතුය. හමක් බැඳ තට්ටුකිරිමෙන් ශබ්ද ධ්වනියක් උපදවා ගත හැකි භාණ්ඩ අවන්ධ භාණ්ඩය. පසු කලෙක ලියන ලද මහාවංශ ටීකාවෙහි තූර්යවාදන යන්න පංචතූර්ය යනුවෙන් දක්වා ඇත.
ගමන් යනෙන සොඳ රූබර තාලෙට ඇත්රජ ගමනට නික්මෙන්නේ
පවන් සලනවිට කන්පෙති සලමින් දෑලේ මිණි නද විහිදෙන්නෙ
පංචතූරිය ගී නද තාලෙට ඇත්රජ ගමනට පිවිසෙන්නේ
පෙරසිට පැවතෙන ගජගා වන්නම මේලෙසමයි ලොව පැවතෙන්නේ
රන්සිවිගේ ඇතු පිටින් වඩින කල දෙපයේ චාමර දිලිසෙන්නේ
පෙම්බර දෙපසේ ඉර හඳ කොඩියද රැලි මල්දම් වට දිලිසෙන්නේ
පංච එතූරිය ගී නද තාලෙට ඇත්රජ ගමනට නික්මෙන්නේ
පෙර සිට පැවතෙන ගජගා වන්නම මේ ලෙසමයි ලොව පැවතෙන්නේ
(ගජගා වන්නම) එසේම පණ්ඩුකාභය රජු චිත්තරාජ, කාලවේල, වෙස්සවණ, ව්‍යධදේව ආදි යක්ෂයන් සඳහා පූජාවිධි පැවැත් වූ බව සඳහන්ය. එහි පූජාවන්හිදී ගායන, වාදන, නර්තන කළ බවත් සටහන්වෙයි. එමකල්හි වාදන සඳහා බෙර භාවිතා කරන්නට ඇති. ගැටබෙර, පණා බෙර, එකැස් බෙර, මිහිඟු බෙර, මද්දල, පටහ, ලොහොබෙර, පටහ, ලොහොබෙර, යුවළ බෙර, මහබෙර, දැදුරු බෙර, රෝද බෙර, මුදඟු බෙර, ඝෝෂ බෙර, තල්ප්පර, තම්මැට, නාසන, රණ රඟ ඝෝෂා, වීරන්දම්, සමුද්‍ර ඝොෂා, අපුක්කුලි, තිඹ්ලිවු, දවුල්, මොරසු, මල්ලරි, සිරිවිලි තප්පු, ඩැක්කි, උඩැක්කි, ඖරසක්පඤච ආදී භේරී නාම ථූප වංශයෙන් හමුවෙයි. එසේම කුවේනි අස්න, සද්ධර්මාලංකාරය, අමාවතුර, චූල වංශය, ධාතු වංශය, කාව්‍යශේඛරය, උමංදාව, දළදාසිරිත, සැවුල් සන්දේශය, පරවි සන්දේශය, තිසර සන්දේශය, පරවි සන්දේශය, හංස සන්දේශය, සන්දේශ කාව්‍ය වැනි පුරාණ සාහිත්‍ය කෘතිවල විවිධ බෙරනාම සඳහන්ව ඇත. සක් සින්නම්හර- තන්තිරි පට-ගැට පහටු මහ බෙර-පනා බෙර-රන්සක් -රිදී සක්- ආදී වූ පංචාංගික තූර්ය නාදයෙන් (උම්මග්ග ජාතකය කි‍්‍රව 1303-1333) එමෙන්ම ලංකා ඉතිහාසය හැදැරීමේ දී අපේම විශිෂ්ට සටන්ක‍්‍රමයක් වන අංගම්පොර සටන් ශිල්පයේදී ද බෙර වර්ග භාවිත වෙයි. අංගම් පොර ශිල්පය රාවණ රජුගේ මුත්තා දක්වා අතීත පුරාණයකට උරුමයි. බෙර වාදනයේ ධ්වනිය සටන් රිද්මයට අනුගතව වාදනය කිරීමෙන් සටන්කරුටත් ජවය නියමාකාරයෙන් ග‍්‍රහණය කරගත හැකිය. එසෙම ඉන්දියාවේ සිට ලංකාවේ වෙරළට ගොඩබට දෙවොල් දෙවියන් සමගද දියුණු ශිෂ්ඨාචාරයක ජනයා පැමිණෙන්නට ඇත. දෙවොල් දෙවියන් යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම්හි බලවතෙකියි සඳහන්ය. එබැවින් එකල භේරී භාණ්ඩ නොතිබෙන්නට නොහැකිය. වර්තමාන ලංකාවෙහි උඩරට බෙරය හෙවත් ගැට බෙරය, පහතරට බෙරය හෙවත් යක් බෙරය, දවුල, රබාන, උඩැක්කිය, තම්මැට්ටම, තම්බෝරුව, බුං මැංඩිය, දළු බෙරය, යනාදී බෙර වර්ග භාවිතවෙයි. ඉහත සඳහන් භාණ්ඩ අනාදිමත් කාලයක සිට ලාංකික අනන්‍යතාව රැගෙන එන වාද භාණ්ඩයෝයි. පරම්පරාගතව පැවතෙන මෙම බෙරවාදන ශිල්පය බෙර තාක්ෂණය ඉතා දියුණු ශාස්තී‍්‍රය වාදන ශිල්පයකි. එමෙන්ම ලාංකික බෙර වාදන ශෛලිය සන්නිවේදන භාෂාවක් වශයෙන් වර්තමානයේ තාර්කික මත බිහිවෙමින් පවතී. ඉහත බෙර වර්ග අතරින් සිංහලයන්ටම ආවේනික බෙරවර්ග දෙකකි. ඒ උඩරට බෙරය, ගැට බෙරය සහ පහතරට යක් බෙරයයි. මෙම ගැට බෙරය සහ යක් බෙරය හා හැඩයට හා නිමාවට සමාන බෙර වර්ගයක් ලෝකයේ වෙනත් රටක මෙතක් නිර්මානය වී නැත. ගැට බෙරය හා යක් බෙරය අතීත සිංහලයන්ගේ ඉතා විශිෂ්ට අපූර්වතම නිර්මාණයකි. පහත රට රුහුණු නර්තන සම්ප‍්‍රදායයේ ප‍්‍රධාන අවන්ධ භාණ්ඩය යක් බෙරයයි. මෙම බෙරය පහතරට බෙරය, රුහුණු බෙරය, දික් බෙරය, ඝෝෂකය, දෙවොල් බෙරය, යක් බෙරය යනුවෙන් ද හැදින්වෙයි. බෙර උපත කවියෙන් දක්වා අති සැටි
තිලොවට උතු-ම් වන
මුනි දහම් මහ සඟ ගණ
වැඳ අත් බැඳ මුදුන
කියම් භේරිය උපත කවියෙන
රත් හඳුන් කඳ ගෙන
එරන් වරපටි සමගින
ගෝසත් මුව සමින
මෙසේ සාදා බෙරය ගසමින
එදා බුදු මඟුලට
රැස්වූ සුරන් එතනට
ගදඹ දෙවි එම විට
දැකුම් වැඳුමක් ගසා මෙලෙසට
යක් බෙරය යක් බෙර උපත බෙරයේ උපත පිළිබඳව විවිධ වෘතාන්ත බෙහෝ වෙති. මේ කල්පයෙහි පළමුව බුදු බව ලද කුකුසඳ මුනිඳුන් බුද්ධත්වයට පැමිණියදා විශ්වකර්ම දිව්‍ය ප‍්‍රත‍්‍රයා බෙරයක් මැවූ බවත් පංචසිඛ ගාන්ධර්ව දිව්‍ය ප‍්‍රත‍්‍රයා එම බෙරය වැයූ බවත් දැක්වෙයි. එම විශ්වකර්ම දිව්‍ය ප‍්‍රත‍්‍රයා විසින් මැවූ බෙරය තෙගවු හෙවත් ගව් තුනක් විශාල බවත් බෙරකඳ රත් සඳුන් ලීයෙන් ද වරපට රනින් ද මැවූ බවත් සඳහන්ය. මහ බඹුගේ දිවෙන් වජ්ජාධිපති, නිපුණාධිපති, කරා ණාධිපති, සන්දාධිපති යනුවෙන් බෙර හතරක් උපත ලදැයි තවත් කතාවක සඳහන්ය.
මා මුනි ඉසිවරා
නෙර්ත කරනට සපුරා
බෙරයක් උර දරා
ගාන්ධර්වය තාල ඇදුරා
පළමු කල්පයෙහි ලොව පහළ වූ මහා සම්මත නිරිගේ බිසව මැණික්පාලයි. මැණික්පාල බිසවට වසවර්ති මාරයා විසින් කරන ලද විනයක් කැපීම සඳහා යාගයට අවශ්‍ය වාදනය සඳහා බෙරයක් අවශ්‍ය වීලූ. එවිට විශ්වකර්ම දිව්‍ය ප‍්‍රත‍්‍රයා ඉර්ෂීවරයනට බෙරයක් මවා දුන්නැයි ඉහත කවෙන් දැක්වෙයි.
දෙකක් බෙර බැඳ ගෙන
දෙන්නෙක් දෙපස සිට ගෙන
ගී තාලන් ලෙසින
ගසන් දෙසවන් බිහිරි කරමින
කෝලම්හි බෙර ගැන සඳහන් වන කවියකි භේරී තාලම
එදා මරු බුදුව වැඩහිඳ බෝමුලේ විදුරාසනේ සිට
සදාගත් ඩඹරු තෙගව් පමණින් ගදඹ ජය ගොස පතුර වන්නට
පුදා මුනිඳට මිණිපහන් දිව මල්ද නානා පසඟ තුරු කොට
එදා එතැනදි දෙවැනි ගැසුවේ භේරි තාලම් ගදඹ මෙලෙසට
භේරි ඝොෂාණක් හෘද මධ්‍ය ලංඡු තරිත්ක්කිනංභෙරි නාදංච පාදං කි‍්‍රණ කි‍්‍රණ තකු-දං තත් දිත් තොන් නන් ත්‍රෛලෝක්‍ය නාථං වන්දාම් බුධං තත් සව්දම
දන්නවද නුඹ සුසැට සව්දම් මිතුරෙ මා හා වාද වෙන්නට
ඉන්නවද ලොවෙ මෙමට වැඩියෙන් සමත් අය මා පරද වන්නට
දුන්න බැට පෙර එමූසිලයට දන්නවානම් එපා එන්නට
මෙන්න මේ තත් කියන සව්දම් පාර වැරදෙයි ගමට යන්නට
තත්ත තාතා තතා තාතා තක්ක තක්කිට තොක්කතා තක්ක කර්තක තතක තත තික තක්ක තක්කිත තෙක්කතා දිත් සව්දම
වාද කෙරුමට ආ නමුත් සකි උඹට මොකවත් නැත දැනෙන්නේ
නාද සතරක් ඇතේ පළමුව දන්නේ නැතිවද ඔහොම ඉන්නේ
මූද පීනා එතර වෙන්නට මොටද ඔය වීරිය කරන්නේ
යෝදයා මම තමයි දෙවනුව දිත් කියා සවුදම් ගසන්නේ
පදය දිත් දිත් තරි කඩ ගුරු පාදන් හඬ සුර හරයුම් දුන් දුන් දුන් දින් දින් දින් තවි තක්කුම් කුම් තූහර්ත තුන් දිම් දිම් දිම් දිම් තොන් සව්දම
මෙහෙම සව්දම් ගසනවා නම් දේය පණවන් සතුටු පඬු රට
තියනවා නම් ලොවේ විමසා ඉගෙනගන් ඔබ ගුරුන් ළඟ සිට
ගහනවා නම් ගසාපන් අද දෙන්න මෙතැනදි වාද වෙන්නට
දුවනවා නම් හෙඳයි තුන්වෙනු තොන් කියා සව්දම ගැසූවිට
තොන් ක‍්‍රතකඩ තක තරිංගු තක තෙයි ක‍්‍රතක තරිංගු කඩ තක තරි කිට තා නන් සව්දම
දන්නවා නම් සු සැට සව්දම් සිංහයා සේ වෙය සබාවට
දෙන්න තුටුවෙයි මගේ සෙල්ලම් බලා සිටියොත් තෑග මා හට
සම්බුදුන් හට එදා ගදඹය ගැසුව සව්දම් මෙමා සිහිකොට
නන් කියන සව්දම ගසන් නෙමි නුඹේ කන් යුග බිහිරි වන්නට
නන් කි‍්‍රෂ්ට කිඩි තක දිත් තලංගු රොමිකිට කිටි තක තා බෙරය සැකසීම බෙරයේ කඳ රත් හදුන් ලීයෙන් සැදූ බව විවිධ ජන මූලාශ‍්‍රවලින් හෙලිදරව් වෙයි. රත් හදුන් අරටුව ඉතා ශක්තිමත් හා පැලීයාමක් සිදු නොවන නිසා රත්හදුන් දැවයෙන් බෙර සදා ඇත. එහෙත් රත් හදුන් ඉතා දුර්ලභ දැවයකි. එනිසා කොහොඹ, ඇහැල, කොස් වැනි දැවයෙන්ද බෙර නිර්මාණය කර ඇත. පසුව කොහොඹ. ඇහැල වැනි දැව දුර්ලභ වූයෙන් තල්. කිතුල් දැවයෙන් ද බෙරකඳ නිමවා ඇත. එහෙත් කොහොඹ. ඇහැල වැනි දැවයෙන් සැදූ බෙර ඉතා යෝග්‍ය බව පැරණි බෙර වාදකයන්ගේ පිළිගැනීම යි. ධ්වනිය රඳවා ගැනීමේ විශේෂ හැකියවක් ඇහැල, කොහොඹ බෙර කෙ`දහි ඇතිබව විද්‍යානුකූලය. බෙර සැකසීමේ වත් පිළිවෙත් බෙර සෑදීමෙදී පැරණි බෙරවාදකයෝ විවිධ වත් පිළිවෙත් අනුගමනය කර ඇත්තාහ. ශුභ මුහුර්තියක් බලා ගසක් තේරීම සඳහා යන වාදන ශිල්පියා සුදුසු වෘක්ෂයක් තෝරා ගනියි. ගස තේරීමෙදී හෙන පහර වැදී මියැදුණු ශාක, ගසේ කඳට හානිවූ ශාක වෙනත් ආයුධයකින් කැපූ ශාකයන් තෝරා නොගනී. පසුව ශුභ නැකතින් ගසවෙත යන ශිල්පියා ගස වටා ගොක් රැුහැන් ඇද මල් පහනින් සුවඳ දුමින් වෘක්ෂ දේවතාවුනටත් සතරවරම් දෙවියන්ටත් ගැන්ධර්ව දෙවියන්ටත් භූමියට අරක්ගත් බහිරවයන්ටත් පිං දි වෘක්ෂය කැපීමට අවසර පතයි. සතර වරම් කවි, ශ්ලොක, ස්තෝත‍්‍ර, යාදිනි, සැහැලි ගයමින් අවසර පතයි. මෙවැනි පුද පූජා සඳහා බුද දිනක් හෝ ශනි දිනක් යොදාගනී. පූජාවෙන් පසුව අමාවක දිනෙක ගස කැපීම සඳහා යොදාගනී. එදින මන්ත‍්‍ර ජපකර සුභ නැකතකින් ගස කපා ගනී. තුන් වියත් තුනඟුල් දිගටත් එක් වියත් තුනඟුල් මුවවිට වනසේත් බෙර කොටය සකසා ගනී. කොටය හාරන්නේ අස්විද නැකතිනි. පුසුව හෙන යෝගය නම් නැකතින් බෙර කොටයේ දෙපසට හම් එලාගනී. අවුරුදු 10 ට වරක් යෙදෙන මෙම හෙන යෝගය වාද්‍ය භණ්ඩ සැදීමට ඉතා යෝග්‍ය නැකතක් බව පැවසේ.
ඇසල මස බුද දින
පසළොස්වකට පැමිණෙන
පුවසල නැකත යෙන
දනුව බුද හෝරාව ලත් හෙන
මෙලෙස හෙන යෝගෙට
යොදමින් නැකත් නිසිකොට
බෙරය ගෙන සුරතට
තබා මළහම් එලා වටකොට
බෙරය නිමවා වාදනයට පෙර ජීවප‍්‍රාණ මන්ත‍්‍රයෙන් මතුරා බෙරයට දුම් අල්ලා ප‍්‍රාණ පිහිටුවා ගත් බවත් දැක්වේ. කඳ සැකසීම දැව ව්ශේෂයෙන් සකසා ගන්නා ලද බෙර කඳ අඟල් කාලක් පමණ ගනකම සිටින සේ හාරයි. පසුව හෑරූ කඳ පදම්කළ යුතුය. මද පවනේ වියලාගත යුතුය. එසේ වියලා ගැනීමෙදී කඳ මඳක් හෝ ඇද නොවන සේ තබා ගැනීමට කඳ ඇතුළත කුහරය තුළ ලී මුක්කු ගසයි. බෙර කඳ හොදින් වියලූණු පසුව වායුව පිටතට නොයන ලෙස හා කෘමී සතුන්ගෙන් වන හානි වැළැක්වීමට දුම්මල උණුකර බෙරකඳෙහි අතුළත ආලේප කරයි. ගැටි වැල් හම් යෙදීම බෙරයේ දෙපස ඇස් දෙකට හම් යෙදීම සඳහා ගැටි වැල් යොදාගනී. කැප්පිටිය, රත්මල්, රතඹලා, රදලිය, මල්කෑර, සියඹලා කෝටු මේ සඳහා යොදාගනී. මෙම කෝටු පවනේ වියළාගෙන පොත්ත හැර පොල් තෙල් ගා මද ගින්නේ රත්කරමින් අවශ්‍ය පරිදි නවාගනී. සිහින්ව කැපූ රෙදිපටියක් දවටා බෙර ඇසට මනා ලෙස සවිකරගනී. මෙම ගැටි වැල් සඳහා කැප්පිටියා කෝටු ඉතා යෝග්‍ය වේ. කැප්පිටියා ගසේ ඇති විශේෂිත රසායනයන් නිසා කෘමි සත්තු ඊට හානි නොකරති. බෙරයේ කට හෙවත් බෙර ඇසේ දෙපැත්තම එක හා සමාන විශ්කම්භයෙන් යුක්තය. එනම් එක් වියත් තුනඟුලකි. බෙරයේ ඇස හෙවත් තට්ටුව සාදනු ලබන්නේ හරක් කිරි බොක්කෙනි. සාදා නිමකළ පසු දෙපැත්තම ශබ්ද මාධූර්යයෙන් යුක්තය. එකිනෙකට වෙනස්ය. මෙයින් එක් පැත්තක් හයි පැත්තය. බෙර ඇසමත පොඟවන ලද හරක් බොක්ක ගැටිවැල මත තබා රැලිනොවැටෙන සේ ඇදබදී. වරපට බෙරහම බෙර කඳේ රඳවාතැබීම සඳහා ඇද බැඳගන්නා පටිය වරපටයි. මේ සඳහා හරක් හම් යොදා ගනී. රවුමට කපාගත් හරක් හමකින් පළල මිමි 6-8 අතර වන සේ සිහින් තීරු වශයෙන් මෙම සම කපාගනු ලැබේ. කපාගත් සම හොඳින් වියළාගනු ලැබේ. කැපුම් හමේ ගෙතුම් වැල් හෙවත් ම්ම් 4ක් පමණ සිහින් වරපට වෙනිවර නමින් හඳුන්වයි. බෙරය වාදකයාගේ ඉනේ රඳවා තබාගැනීමට අවශ්‍ය ලණුව රැදවීම සඳහා යොදන කන්වැල ද සකසා ගන්නේ මෙම වෙනිවර ගොතා ගැනීමෙනි. පසුව කැපුම් හම ඒ මත තබා වරපටිවලින් ඇද සකස්කරගී. වරපටි ඇදගැනීමට තුරන් සිදුරු 12 -14 ක් කපා ගනී. ඒ මත උඩ යට සිටින සේ වරපටියක් ඔතාගනී. මෙහි ලණුවක් සේ ඔතන්නේ වෙනිවර කැරැල්ලයි. එම සියල්ල වෙනිවර කැරැල්ල කැපුම් හම ගැටිවැල හැක්ම නමින් හදුන්වයි. ඉන්පසු කැන්වරය යොදයි. පහතරට බෙරයේ වරපට අඟල් කාලක් පමණ වෙයි. එහි දිග බඹ 7ක් පමණ වේ. ඉන බදින ලණුව රෙදිවලින් සැදු පටියකි. බෙර වාදකයා බෙර වාදකයා ආගම ධර්මය පිළිපදින සිහිනුවනින් යුත් අයකු වීමත් අනිවාර්යයි. එසේම නිසි ලෙස ශාරීරික අංගෝපාංගයන්ගෙන් යුත් නිසි ශරීර සෞඛ්‍යයකින් යුත් අයෙක් විය යුතුය. දෑත නිසියාකාරව මාංශ පේශීන්ගෙන් යුත් ඇඟිලි අනවශ්‍ය ලෙස දිගින් අඩුනොවී, මහතින් වැඩිනොවී නිසියාකාරව පිහිටිය යුතුය. ගොළුවූවන්, බිහිරිවූවන්, කොරවූවන්, අත්පා අවයව සිඳුනෝ, උන්මාද රෝගියෝ, අඟුටු මිට්ටෝ, වක් වූ ශරීර ලක්ෂණ ඇත්තෝ අංගවිකල වූවෝ අත් පා බරවා රෝගයට ගොදුරු වූවෝ බෙර වාදනයට නුසුදුසු වෙති. බෙර වාදක ඇදුම බෙරවාදක ඇම උඩරට, පහතරට, සපරගමුව හා එක් එක් නර්තන විලාශවල අනුව වෙනස් වෙයි. යක්බෙරය වැයීමේදී ද සුදුසු ඇදුම් ආයිත්තම්වලින් සැරසීම සිරිතකි. මේ සඳහා හිසට - උරමාලය පළඳියි සතර රියනක් පමණ සුදුරෙද්දක් හිසවට කරකවා හිසමත පළදියි. ගසම් පටිය නම් අලංකාර පටියක් මේ වෙළුම මත බඳියි. ගෙලට පබළු මාලයක් පළදියි. පැරණි වාදකයන් රිදී මාල පැළඳි බව ද සදහන් වේ. දෙකනට කඩුක්කන් පැළඳිය යුතුයි. ඒවා රිදියෙන් හෝ පබළුවලින් සකසා ඇත. ළැමට වර්ණවත් පබළුවලින් සැකසූ රෙදිවලින් තැනූ රැළිමන්තයක් පළදියි. දෑතට රිදියෙන් හෝ පිත්තලෙන් සැකසූ බන්දි වළලූ පළදී. ඉණට රැළි තබා වම්පසට නෙරිය තබා අඳින සේලයක් මේ සඳහා රියන් හයක පමණ සුදුරෙද්දක් ගනී. බඳට අඟල් දහයක් පමණ පච්ච වඩම් (රතුරෙදි) පටි වෙලූමකි. සමහරු රිදී හවඩියක්ද මේ මත බඳින බව සඳහන්වෙයි. උරහිසට -ශුභ නූල ශාස්ත‍්‍රයෙහි නිපුණබව හැඟවීම සඳහා ගුරුන් විසින් මෙම නූල පළඳවයි. කහ වර්ණ මිමි 3 ක් පමණ නූලකින් සකසාගන්නා ශුභ නූල මුතු පබළු යොදා අලංකාරකරගනී. දෙපයට වළලූ කරට කුඩා රැලි පටියකි. සලම්බුද පය ලන බව සඳහන්ය. පහත රට බෙර ඇදුම් කට්ටලය (මාතර සම්ප‍්‍රදාය) 1.මේස් කලිසම 2.ලොවිච්චි 3.සිලම්බු 4. සුදු සේලය 5. ඉණ දවටන සුදු රෙද්ද බෙර වාදනය පහතරට බෙර ශිල්පය මාතර හා බෙන්තර යනුවෙන් පරම්පරාගතව පැවතෙයි. එම රටා දෙක අතර සුළු වෙනස්කම් තිබුණේ වුවත් මේ බේදය බෙර වාදන ශිල්පයේ දියුණුවට බාධාකාරී වී ඇත. බෙර වාදනය ඉතා සියුම්ව හැදෑරිය යුතු කලාවකි. එසේම මනා සංයමයකින් යුතුව ප‍්‍රගුණ කළ යුතු ශිල්පයකි. බෙර වාදන කලාව පාරම්පරිකව පැවත එන හෙයින් මනා ගුරු ගෝල සම්බන්ධතාව මත මෙම ශිල්පය පැවත ඇත. කුලමල බේද මත බෙරවාදන කලාව අත්හැරි පිරිස්ද වෙති. එසේම බෙර වාදන කලාවට අළුතින් එක්වූ පිරිස්ද වෙති. කෙසේ වෙතත් බෙරවාදන කලාවට එක්වන ආධුනික මෙන්ම ප‍්‍රවීන ශිල්පීන්ද බෙර අක්ෂර අනුව ශිල්පය හැදෑරිය යුතුයි. බෙරයේ සමට තට්ටුකළ විට කම්පනයක් ඇතිවේ. එයින් ශබ්ද ධ්වනි ඇතිවේ. එම ඇතිවන ශබ්ධ ධ්වනි බෙර අක්ෂර ලෙස හැදින්වෙයි. බෙරවාදකයා ශබ්ද ධ්වනියේ විපුලතාව, අල්පතාව, තාරතාව , මන්ද්‍රතාව, ඉතා සියුම්ව හැදෑරිය යුතුය. පූර්ණ අක්ෂර, ඌණාක්ෂර යනුවෙන් බෙර අක්ෂර කොටස් දෙකකි. ග, ධ්, ත, ධ යන අක්ෂර වෙනත් අක්ෂරයක සහායක් නොමැතිව උපදවාගත හැකි බැවින් පූර්ණ අක්ෂරය. ර්, ර, න්, හිං, හූ, හි, ධ්, ත්, රි, යන අක්ෂර වෙනත් අක්ෂරයක සහාය ලබාගෙන උපදවාගත යුතු හෙයින් ඌනාක්ෂර නම් වේ. ක් - තක්, දික් ර - හුර රි - තරි, දරි න් - නොන් , නන් ද් - ගද්,, ධගද් ධ් - ගධ් බෙර අක්ෂර, බීජාක්ෂර සහ ගර්භාක්ෂර යනුවෙන් තවත් ප‍්‍රභේද දෙකකි. බීජාක්ෂර සහ ගර්භාක්ෂර සම්මිශ‍්‍රණය වීමෙන් පද නිපැදවෙයි. උඩරට හා පහතරට බෙරවාදන ශෛලීන් දෙකෙහෙදිම තත්, දිත්, තොං, නං යන ශබ්ද ධිවනි සතර බීජාක්ෂර වෙයි. ශිල්පය ආරම්භයෙහි වාත මේඝය නිසා සිව් දිසාවෙන් තත්, දිත්, තොං, නං යන සතර ඇතිවූ බව මේ පළිබඳ ඇති මතයකි.
අජමහස වා වැද
එයින් නැගුණේ සිව් නද
නයනු සහ දි යනුද
තො යනු නයනුත් මෙ සිව් අකුරුද
මේ ශබ්ද සතරා
මුලට ගෙන පෙර ඇදුරා
ගැසු බෙර උර දරා
එපද මේ සැටි දනුව ඉඳුරා
එසේම ආපෝ, තේජෝ, වායෝ, පඨවි යන සතර මහා භූතයන් නිසා මේ ශබ්ද හතර උපන් බව තවත් මතයකි. ගර්භාක්ෂරබීජාක්ෂර හැරුණු විට නිපදවා ගත හැකි අනෙකුුත් සියලූ අක්ෂර ගර්භාක්ෂර වෙයි. එක් ශබ්දයක් උපදවාගැනීමට එක් අක්ෂරයක් හෝ අක්ෂර කිහිපයක් ගැනීම සිදුවෙයි. මෙසේ යෙදෙන අක්ෂර ගනන අනුව ගර්භාක්ෂර කොටස් කිපයට වෙන්කරගත හැකිය. ඒකාක්ෂර - එක් අකුරකින් පමණක් ශබ්ධ උපදවා ගැනීම ග , ධ , ත ද්විත්වාක්ෂර - අකුරු දෙකක් එක්කිරීමෙන් ශබ්ද උපදවා ගැනීම ගත් , ධිත් , දැහිං ති‍්‍රත්වාක්ෂර -අකුරු තුනක් එක් කිරීමෙන් ශබ්ද නිපදවා ගැනිම.තතොඟ , තහුර චතුර්තාක්ෂර - අකුරු හතරක් එක්කිරීමෙන් ශබ්ද උපදවා ගැනීම තක්කිත , ධෙගදිත පංචාක්ෂර - අකුරු පහක් එක්කිරීමෙන් ශබ්ද උපදවා ගැනීම,තක්කිනං , රෙඟදකත් එසේම තිත්වාක්ෂර දෙවරක් යෙදීමෙන් ෂඩාක්ෂරද ති‍්‍රත්ව චතුර්ථ අක්ෂර එක් කිරීමෙන් සප්තාක්ෂරද , චතුර්තාක්ෂර දෙවරක් එක්වීමෙන් අෂ්ටාක්ෂරද නිපදවාගත හැකයි.

පද සංයොජනත සංයෝජන

ත-  තදිකින තිතෙය තත- තදිමත තිරි තක- ත්ධොං තිරිකිට තක්- තතත්ත තිතෙත්ත තක- ත්කකිට තෙයි තරි- තක්කිනං තොං තකට- තත්තොඟ තොඟ තහුර- තත් තරිකිට තොංකින තහුරෙං- තා තොහින තත්ත- තාකිට ත‍්‍රිං තංතාඟ- තාදිත් තරිඟුන්- ති තරිකිට- හිති තරිතත්- තිත් ධ සංයොජන ධ- ධුන්න ධග- ධුධන ධගද්- ධෙගධ ධගුං ධෙගත් ධිත්- ධෙගධත් ධිං ධෙගත ධිත්ත ධෙගඳ ධිත්තං- ධෙගදිත ධිතං -දෙගුඳත් ධිරි -ධෙග්ගුඳ ධම් -දොන් දිම්ම් -දොංත ධිකට- දොංගධ ධික්ක්ට- දොතෙත් ධිකු- ද්‍රංද්‍රංත ධ්කුඳ- ද්‍රොමිත ධ්කුඳක- දොමිතත් ධ්ගධං -දොංගඩ ධ්හුර- දොහොකඩ ධ්හුර- දොහොකඩ ධහුං- රං දැහිං ධුන- දැහිංත ග සංයොජන ග-ගධ් ගධ- ගධිං ගධ්- ගත ගධං- ගති ගධග- කූහිති ගධ්ධ- ගුඳං ගධිත- ගුඳත් ගධිතං- ගූංද ගතිත- ගුදංත ගදත්- ගුගුඳ ගධිතකු- ගුඳිත ගධිකිට- ගුං දොංත ගද්දිත- ගුං දගත් ගද්දිරිකිට- ගුංදත් ගධිං- ගුංඳගුඳං ගහිති - ගුංදිරිකිට ර සංයොජන රිං රිංත රෙගධ රෙගත රෙගධත් රෙගුඳ රෙගත් රෙගධිත රෙගුඳිත රෙඟුදත් රෙගුඳගත් ක සංයෝජන කකු කුරු කුරුං කිට කිටි කිනං ක‍්‍රතත් ක‍්‍රතක කධ හ සංයෝජන හුර හුරගධ් හුරගධ හුරගත හුරගත් හුරකධත් හුරගුං හුරකුඳ හුරතත් හ්රිංභුද් නැටුම් දෙව් රජදෙව්යන් අතර නමගිය නැට්ටුවා ඊශ්වර, ඉසිවර හෙවත් ඉසුරුය. නටරාජා යනු ඊශ්වරයන්ට තවත් අන්වර්ථ නාමයකි. පහතරට නෘත්‍ය සම්ප‍්‍රදායේ ඊශ්වර නැටුම මිශ‍්‍රව ඇත. තත් තාලය / අ/සන් සුන් නා රජ පෙර සිටිමින් එහි සහ නොයෙකුත් සැම දෙවියන් පිරි වර මින් සුර වදුරන් බඔ පුත් සව්සැට සෙනග මවාගෙන කෙරුව නෙර්ත පෙරපින් ඇති නිරිඳුගෙ ඉදිරිපිටට පැන ගැසුවා ගදඹය සුරලූත් යොම් කරතත් යන තාලය කකුසඳ මුනිඳුට, දැකුම් ලෙසට ගැසුවා පද එක් කර පදයතත් තකතා, හුජෙන් තත්තා, ජෙනකිට තක තන්ත‍්‍රා දිත් තාලය /ඔ/කියන්න නම් මම දන්නව තාලම් පැවතුණු සැටි පෙර කාලෙක සොඳ ලෙසඅසන් න සිත කැමතිව නම් මහතුනි කියන්න පුලූවනි පෙර සිට එන බසබලන්න මෙහි සිටි මැති සහ පිරිසට, නෙර්තය කර සිට ගදඹය එළි බැස ගසන්න දෙවනුව පැමුණුනි මුණිදුට, දිත් යන තාලය ගදඹය නොවලස පදය දිත් කිට ජෙන කිට තක තත්තා තක් කිට කිට කිටි තක කුජෙන් කිට කිට තරිකිට ජෙ ජෙ ගත්තත් තරිකිට කිටිතක දොමි කිට තා තොත් තාලය/ට/මින් ඉස්සර පෙර කාලෙක බුදුවුණ කකුසඳ මුනිඳුන් සව් සත දැකුමටදැන් මම පවසන සව්දම් තාලම්,වෙන් වෙන් වශයෙන් පවසමි පෙරසිටපින් ඇති මුනිඳුගෙ ඉදිරි පිටට පැන,ගැසුවා ගදඹය සුරලූත් ගනනටතොන් යන තාලය පැවතුණු සැටි පෙර කියන්න බැරිනම් නාරිනු නුඹකට පදයතොන් කඩ කඩ තක දිත් කූන් දත් හුදිම් හුදිම්කිට ක‍්‍ර තක තත්තා නන් තාලය/ද/දුකි යන සසරින් ගොඩලන්නට පෙර කකුසඳ මුනිඳුට ගුණ මෙලෙසින්එක එක වෙන වෙන තාලම් සමගින්, පවසම් දන්නා පමණ යසින්හකු හිරි වැටෙමින් අරින්න බැරිකට නොකිවොත් තාලය උත්පත්තිය නන්කකු සඳ මුනිඳුට දකින්න සොඳ ලෙස ගැසුවා ගදඹය නන් යන තාලන් තත් දිත් තොන් නන්සිදුහත් කුමරා සම්බුද්ධත්වයට පත්වූදා මිනිස් ලොවට පැමිණි දෙවියෝ විදුරසුන් අබියස තත් දිත් තොන් නන් යන සිව් මහා ශබ්දයන් යටත් දෙසිය සොලොස් වැදෑරුම් නැටුම් ගැයුම් වැයුම් එක්ව මංගල උත්සව කළාහු ය. පදය නන් ජෙක කුකුජෙන් තක ජෙන් කුකුජිත් තක ජෙන්තු තක්කිට තකදොන් තත් තගති තගති තකිට ගතතිට තරිකිට කුද කුකුද කිට තා අත්මාරු හරඹයක්කුදිත ගදිත ගදි ගදා ගුදිත ගදිත ගදි ගදාගුදිත ගදිත ගදි ගද ගුදාගුදිත ගදිත ගදි ගදා වන්නමතෙතෙන තෙතෙන තෙන තෙනම් තෙතෙ නම තෙන තෙන තෙනම් තෙනෙන තෙනෙන තෙනෙ නම් තෙන තෙනෙන තෙනෙන තෙන තෙනම් පුරාණ තාල ශාස්ත‍්‍රයෙහි පැවසෙන හැටියට, තත්, දිත්, තොන්, නන් යටතේ ගැයු වැයු තාල නමින් එන අන්‍ය අවස්ථාද ඇත්තේය. තත් තාලයසක් රජ අසුරන් සහ යුදටයන් ජයගත් සමයෙදි පොරනේවික් මැති සුරඟන ඇවිදින් නැටුවලූ එදා සක‍්‍ර බවනේඑක් වී සැම සුර දෙවියන් සමගින් පංච සිකය එදිනේතත් යන තාලය පළමුව ගැසුවේ සක් රජහට එදිනේ පදයදෝං ගත්තත්, ගතත් තත් දැහිං ශ්ලෝකයසුරේන්ද්‍ර· ප‍්‍රථම· කාලො ලද්ධ්‍යවා නෙර්ජරාස් පදංවිබුධා පංච සිඛිතනු තකාරෙ වෙන තත් විද· ස්වස්ති ශී‍්‍ර සාර විමල විපුල, යශෝ කීර්තිධර සර්ව නිර්ජරාධිපති, ශක‍්‍රදිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ අසුර බල පරම විද්ධ්වංශනය කොට, උභය දිව්‍ය ලොකාධිපති ශක‍්‍ර දිව්‍ය රාජ්‍යශී‍්‍රය ලත් දා සර්ව ප‍්‍රකාරවූ ප‍්‍රතිහීත වාදයෙහි දක්ෂ සුශික්ෂිත පංචශිඛ නම් දිව්‍ය පුත‍්‍ර තෙම ත කාරය මුල් කොට තත් තාලය ගායනය කළේ යැයි දැක්වෙයි. දිත් තාලය (ක) ඇත් රජ සමගින් සිවලූන් යුද කොට ලජ්ජාවුන ලෙසිිනේලැජ්ජාවී යන්නට වෙයි මෙනුඹට කීවොත් මට මෙදිනේඑක්මැති උමයංගනා දේවිගේ සෝකය යන ලෙසිනේදිත් යන තාලය පළමුව ගැසුවේ ඊශ්වර දෙවි විසිනේ ශ්ලෝකයවියොග·් පාර්වතී පූනද්‍රඃ තත‍්‍රඛො ගිරි සො නමො දිර්ඝ රූප ගුණං වර්ණං, දිත් තාලංච ප‍්‍රකාශයෙත් (වෘෂභ වාහනාරූඩ ක්‍යාල හස්ත, තිනෙත්‍රො පලක්ෂිත* ඊශ්වර දිව්‍ය රාජොත්තමයාණන් වහන්සේ වියෝගවූ පාර්වතිය සනසනු තකා, ඡුත‍්‍රාංග නම් භෙරිය නිර්මාණය කළේ ආතත විතතාදිය මුල්කර දිත් තාලය ගායනය කළේ යයි දැක්වෙයි. තොන් තාලය (ඩ)පින් ඇති අපෙ මුනි බෝමැඩ විදුරස්නේ වැඩවුන් සඳනේබිම්බර මවමින් ඒ ආ වසවත් පැරද ගියා සොඳනේපින් ඇති මුනිඳුට ඉස්තුති කරමින් සක් දෙව් රජ විසිනේතොන් යන තාලය පළමුව ගැසුවේ සක් දෙව් රජ තොසිනේ ශ්ලෝකය දිත් තො සුගත පදං ප‍්‍රාප්‍ය, තත‍්‍ර කාලො සුජීම් පති දීර්ඝ රූප ගුණා වර්ණං, තොන් තාලන් ප‍්‍රභවිස්පති, ත්‍රෛතල තිලක, සකලඥය සාගර පාර ගතාශෙෂ, නෛක ගුණරත්න මන්දිරායමානවූ අප තථාගත, සම්‍යක් සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ, පංච මාර පරාජය කොට, බොධිදෘම මූලයෙහි වැඩ උන්කල්හි ශක‍්‍ර දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ ත කාරය මුල්කොට තොන් තාලය ගායනා කළේ යයි දැක් වේ. නන් තාලය (න)පින් ඇති අපෙ මුනි දක්නට අසුරිඳු අසුර පුරෙන් පැමිනේගම්බිර මුනිඳුගෙ සීලේ බලයට අසුරිඳු කර දමනේදම් දෙසමින් මුනි ආ සුරිඳුන් හට පන්සිල් දී සොඳිනේනන් යන තාලය රාහු අසුර තෙම මුනිඳුට ගැසු එදිනේ ශ්ලෝකයබාහුල්‍යං දීර්ඝපති දිත්‍ය, දින පාදං පමාණතෙ නන් සර්ව වෙපවිත් තාලං, නන් තාල උග‍්‍රඝොෂනී කනක ගිරි ශෘංගාභිජාත, සහශ‍්‍ර කිරනඡ්වලිතවු, චන්ද්‍ර සූය්‍ය උභය මණ්ඩලය එකැගිල් බලෙන් වසාලන්නට සමර්ථවූ, සාර දහස් අටසියයක් යොදුන් උස ඇති රාහු අසුරේන්ද්‍රයන් න කාරය මුල්කොට නන් යන තාලය ගායනය කළේ යයි දැක්වෙයි. මෙසේ තත්, දිත්, තොන්, නන්, සතර ගයා අනතුරුව ඒ හා එන වන්නම ගයයි. තෙනෙන තෙනම් තෙන තෙන තෙනෙ නම් තෙනතෙනෙන තෙනෙම් තෙනතෙන තෙනෙ නා. පඤ්ච තාලය යන තාල විසිතුරුද මෙකී තත්, දිත්, තොන්, නන් වෙනුවෙන් දිරි දෙන බව එහි වූ පද සමුදාය සෑදී වැඞී ඇති අයුරින් පැහැදිලි වේ. තන් තාලය /උ/බැන්ද සුර බරණින්ම සැරි ගෙන පියුම් පිට නටනා පදෙන්සින්දු පදයට නාද එක යුරු ගීත නාදය කී ලෙසින්නන්ද විසිතුරු පාද ලස්සන නටා සිව් සැට තාල මෙන්පන්ච තාලේ කවුත්තම් පද තත්ත තරිකිට යන පදෙන් පදයතත් තරිකිටතා තක දිත තරිතක් කින කින ජෙක්කුන්තක රොමිදික්කිටි තක දොමිකිට තක රොමි දින් දිත් තාලය /ග/සවු සැටක් බරණයන් සැරසී පෑපු රඟමඩලට තොසින්ගවු තුනක් දිග බෙරෙන් තාලම වයන නෙර්තය දිවපුරෙන්දෙවු සුරන් හා නටන තාලම නෙර්ත ගීතය නාදයෙන්දෙවුනු ගැසුවයි නෙර්ත තාලය දිත්ත දිමිතක යන පදෙන් පදයදිත්ත දිමි තක තරි දින්තක තරිකිට කිනන් කිනන් දිත් තතකින ජෙක්කුන්කුරුමන කුරුමන තොන් තොන් තාලය /ණ/තුන්ග සරබින් වයන තාලම නෙර්ත ගීතය නාදයෙන්බැන්ද සුර බරණින් සැරසිගෙන ඉසිවරන්ගේ නෙර්තයෙන්සින්දු පදයට නාදයෙන් රසු ගීතයෙන් පද තාල මෙන්තුන් වෙනුව ගැසු නෙර්ත තාලය තොන්ග තදිකින යන පදෙන් පදය තොන්ග තදිකින තොහොවර තකතරි රෙජෙන කි ජෙන්තක තොන්ග තතරිජෙකුතදින්නකු තොන් කිට තාම් නන් තාලය /ප/සිව් වරම් සුර බඹ දෙවිඳු සක් රජ වරම් දුන් නෙර්තයෙන්දෙව් සුරන් ගන පෑපු බරණින් තිස් දෙකක් පද තාලමින්සිව් වරම් දෙවි සමග පිරිවර වයන පද මේ තාලමෙන්සිව් වෙනුව ගැසු පද කවුත්තට නන් තකුම් තරි යන පදෙන් පදයනන් තකුම් නාරායන කිනන් තත් දිත් තොන් නන් තක දික තා තාතදික්කු තොම් කිට තොම් තවද තත් සවුදම, දිත් සවුදම, තොන් සවුදම, නන් සවුදම යනුවෙන් ඒ ඒ අක්ෂර වලට බල දෙමින් සවුදම් සතරක් ද ඇත. තත් සව්දම /එ/දන්නවද නුඹ සුසැට සව්දම් මිතුරෙ මා සහ වාද වෙන්නටඉන්නවද ලොවෙ මෙමට වැඩියෙන් සමත් අය මා පරද්දන්නටදුන්න බැට පෙර එමූසිලයට දන්නවා නම් එපා එන්නටමෙන්න මේ තත් කියන සව්දම් පාර වැරදෙයි ගමට යන්නට පදයතත්ත තාතා තතා තාතා තක්කතක්කිට තොක්ක