හීන්බෝවිටියා ශාකය ශ‍්‍රීලංකාවේ පමණක් ඇති ඒක දේශික ශාකයකි. හීන් බෝවිටියා ශාකයේ දීප්තිමත් දම් පැහැති අලංකාරවත් මල දකුණු පලාත් පුෂ්පය වශයෙන් නම් කර ඇත. බෝවිටියා වර්ග ගණනාවක් ලංකාවේදී මෙන්ම ලෝකයේ ඉන්දියාව ඇතුලු රටවලදී ද දැකගත හැකිවුවද හීන්බෝවිටියා ශාකය ලංකාවේම පමණක් දකින්නට ඇති ඖෂධීය වටිනාකම් සහිත ශාකයකි.
හීන් බෝවිටියා ශාතයේ ගුණාත්මකභාවය පිලිබඳව ඌව පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ සහය මහාචාර්ය කෘෂි විද්‍යාඥ පියල් මාරසිංහ මහතා මෙසේ විස්තර කලේය.
ඖෂධීය ගුණාත්මක භාවයෙන් යුතු හීන්බෝවිටියා ශාකයේ කොළ හෙවත් පත‍්‍ර විශේෂයෙන් අක්මාවේ ආබාධ සුවකිරීමේ හැකියාවෙන් අනූනවූවකි. අක්මාව ආශි‍්‍රත පීඩාකාරී සෙංගමාල උණ රෝගයේදී ප‍්‍රත්‍යක්‍ෂ හා ප‍්‍රධානම ඖෂධය වශයෙන් දේශීය ආයුර්වේද වෛද්‍යවරුන් භාවිතා කරන ඔසුවකි.
අක්මාව ආශ‍්‍රි’ත අසාදන හා රෝගීතත්වයන් සමනය කර නිසි ක‍්‍රියාකාරිත්වයෙන් ප‍්‍රකෘති තත්වයට පත්කිරීමේ සුවිශේෂ හැකියාවක් හීන්බෝවිටියා ශාකයේ කොළවල සාරයෙහි ඇත. ඖෂධයක් වශයෙන් හා පාරම්පරික ආයුර්වේද වෛද්‍ය ප‍්‍රතිකාරවලදී භාවිත වෙයි. හීන්බෝවිටියා ශාකයේ කොළවල සාරයෙහි අක්මාව නීරෝගී සුවයෙන් ආරක්‍ෂා කිරීමේ ප‍්‍රබල හැකියාවක් ඇතිබව පාරම්පරික වෛද්‍යවරුන් පවසයි. එසේම පරයේෂණ මගින්ද ඒබව සනාථව ඇත. .
වර්තමානයේදී ශ‍්‍රී ලංකාවේ කෘෂි රසායනික වර්ග භාවිතයෙන් වගාකළ ආහාර වර්ග පරිහරණයදී මෙන්ම වෙනත් පරිසර දුෂණ තත්වයන්, ජල අපවිත‍්‍රවීම් වැනි ගැටලු හමුවේ මිනිස් සිරුරේ විශාලතම අභ්‍යන්තර ඉන්ද්‍රිය වන අක්මාව ආශ‍්‍රිතව ඇතිවන අසාදන, අහිතකර රෝගීතත්වයන් සමනය කර අක්මාව නිරෝගී ක‍්‍රියාකාරිත්වය ආරක්‍ෂා කර ගැන්මට මේ ශාකයේ කොළ සාරය භාවිතය වඩාත් සුදුසුවේ.
හීන්බෝවිටියා පත‍්‍ර කොළකැඳ වශයෙන් හා දළු කොටස් ඉතා නැවුම් ප‍්‍රණිත රසයකින් සම්බෝල වශයෙන් සකසා ආහාරයට එක්කර ගත හැකියි. මෙසේ විවිධාකරයෙන් හීන්බෝවිටියා කොළ හෙවත් පත‍්‍ර සහ ලපටි පත‍්‍ර හෙවත් දළු ආහාරයට ගැනීමේ ප‍්‍රවණතාව මෑතකාලීනව වර්ධනයව ඇත.
හීන් බෝවිටියා ශාකයේ සිහින් කොලය සහ මලෙහි නෙත් කළුවු වර්ණ සංකලනය වන දීප්තිමත් දම් පැහැයත් මලේ රේණුවල කහපැහයත් සහිතව එක යායට දක්නට ලැබෙන විට එය ඉතා චමත්කාර ජනක දසුනකි. එයද ගත සිත ප‍්‍රබෝධමත් කරවයි.
ඔසු ගුණයත් ඊට අමතරව ඉතා සශ‍්‍රීකව මල් පිපෙන හීන් බෝවිටියා ශාකයේ විසිතුරු වර්ණවත් මලේ පැහැයත් නිසා ගෘහ අලංකරණ පැලෑටියක් වශයෙන්ද මෙම ශාක වගාව සිදුකළ හැක.
ශ‍්‍රී ලංකාවේ තෙත් කලාපයන්හි සහ අතර මැදි දේශගුණික කලාපයන්හිද දකින්නට ලැබෙන එකම තැනක බහුලව ව්‍යාප්තවූ ශාක විශේෂයකි. හීන් බෝවිටියා ශාකය කුඩා කඳු ගැටිතිවලත්, බෑවුම් වැටි, පාංශු ස්ථිර සහිත ප‍්‍රදේශ සහ වන ලැහැබ වලද බහුලව ව්‍යාප්තව ඇත. රත්නපුර ශ‍්‍රීපාදය ආසන්න ගම් ප‍්‍රදේශවල මාර්ගය දෙපස බහුලව ඇති මෙම ශාකයේ ඉතාමත් සරුවට වැඩුණු මල් පිපුණ සුන්දර දසුන ඒ මාර්ගයේ ස්වභාවික අලංකාරය වර්ධනය කරවන්නකි.
නමුත් මෑත කාලීනව සංවර්ධනය සඳහා සහ වෙනත් වගාවන් සඳහා කැලෑ එළි කිරීමේදී සහ වෙනත් මිනිස් ක‍්‍රියාකාරකම් නිසා සීග‍්‍රයෙන් මෙම හීන්බෝවිටියා ශාක විශාල වශයෙන් හානියට පත්ව විනාශව ඇත.
මෙම හීන්බෝවිටියා ශාකය අඩි දෙකක් හෝ දෙකහමාරක් තරම් උස පැළෑටි වශයෙන් දැකිය හැකියි. එහි පත‍්‍ර තරමක් රළු ස්වභාවයකින් යුතුය. මාබෝවිටියා නැතිනම් මහ බෝවිටියා වශයෙන් හඳුන්වන ශාකයේ කොළ හෙවත් පත‍්‍ර විවිධ ප‍්‍රමාණවලින් ලොකු, කුඩා වශයෙන් පිහිටියත් හීන් බෝවිටියා ශාකයේ පත‍්‍රවල සිහින් ඒකකාරී ස්වරූපයක් දැකිය හැකියි. එකිනෙකට සමාන්තරව සිහින්ව පිහිටි හීන්බෝවිටියා පැළෑටියේ පත‍්‍ර තරමක් තද ඝන කොළ පැහැයක් ගනියි. එහි දළු එම පත‍්‍රවල දැකිය හැකි කොල පැහැයට සාපේක්‍ෂව තරමක් ලාපහැති කොළ පැහැයෙන් යුතුවේ.
හීන් බෝවිටියා ශාකයේ මල මහ බෝවිටියා ශාකයේ මලට වඩා කුඩා ස්වරූපයක් ගනියි. මෙම ශාක දෙකේම මලෙහි වර්ණය එක හා සමාන ස්වරූපයක් දරයි. නමුත් එම ශාක දෙකෙහිම පිපෙන මල් දෙස වඩා නිරීක්‍ෂණයෙන් බලනවිට හීන්බෝවිටියා සහ මා බෝවිටියා ශාකයන්හි මල් එකිනෙකින් වෙනස් ස්වභාවයකින් යුතුවන අතරම එම ශාකවල මල් පෙති සහ රේණුවල වෙනස්කම් ඇතිබව දැකගත හැකියි.
හීන්බෝවිටියා ශාකසාර ගුණයෙන් ඉහල ගුණාත්මක අගයකින් යුතුවේ. හීන්බෝවියා ශාකයේ ඉතා කලාතුරකින් ඇතිවිය හැකි දක්නට ලැබෙන සුදුමල සහිත හීන්බෝවිටියා ශාකය ඖෂධීය ගුණාත්මක භාවයෙන් ප‍්‍රබල ශ‍්‍රීලංකාවේම පමණක් ඇති ඉතාම දුර්ලභ හීන්බෝවිටියා ශාකයකි. මෙය එලබෝවිටියා වශයෙන් හඳුන්වයි.
මෑතකාලිනව සොයාගත් මෙම එල බෝවිටියා ශාකය, හීන්බෝවිටියා ශාකයේ ඇලි තත්වයක් බව ඒ පිලිබඳව පර්යේෂණ සිදුකරන ඌව පලාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ සහය මහාචාර්ය කෘෂි විද්‍යාඥ පියල් මාරසිංහ මහතා පවසයි. ඉහල ඖෂධීය ගුණාත්මක බවින් පිරිපුන් එල බෝවිටියා ශාකය කොතැනක හෝ දුටුවහොත් එය සංරක්‍ෂණය කිරීම ලාංකීය අපට පමණක් නොව ලෝකයටම කරන සත් කාර්යයක් බවද ඒ මහතා ප‍්‍රකාශ කලේය.
මෙහි එම එල බෝවිටියා ශාකයේ සුදු පැහැති මලෙහි ඡායාරූපය ඇතුලත් කර ඇත. එම එල බෝවිටියා මලෙහි ඡායාරූපයද අපවෙත ලබාදුන්නේ මහාචාර්ය කෘෂි විද්‍යාඥ පියල් මාරසිංහ මහතා විසිනි. පාඨක ඔබ වෙනුවෙන් එම දුර්ලභ ඡායාරූපය ලබාදීම සහ මෙම ලිපිය සැකසීමේදී අපට සුවිශේෂි තොරතුරු ලබාදෙමින් දැනුවත් කිරීම සම්බන්ධව අපගේ ගෞරව ප‍්‍රණාම ස්තුතිය ඒ මහතා වෙත පුදකර සිටිමු.
අක්මාව ආශ‍්‍රිත රෝගවලදී හීන් බෝවිටියා ශාකයේ මෙහි කොළවල සාරය ඉතා ගුණැති ප‍්‍රත්‍යක්‍ෂ ඖෂධයක් වන අතරම මෑත කාලීනව මිනිස් ශරීරයේ රුධිරගත රෝගී තත්වයන් පාලනය කරන ඖෂධයක් වශයෙන්ද ප‍්‍රතිකාර සඳහා මේ ශාකයේ කොලවල සාරය භාවිතා කරන බව දේශීය වෛද්‍යවරු පවසති.![DSCF4065[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/DSCF406511.png)
![ELA_BOVITIIYA[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/ELA_BOVITIIYA1.png)
![0000[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/00001.png)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ ලිපි පලකරනවට ලංකාදීප පුවත්පතට බෝම පින් (බ)
මම හීන් බෝවිටියා මල දැකලා තිබුනත් අද තමයි මේ ශාකයේ උද්භිද විද්‍යාත්මක තොරතුරු නිවැරදිව දැනගත්තේ. මහාචාර්යතුමාට මෙන්ම මෙම ලිපිය ඉදිරිපත් කළ අප්සරා මහත්මියටත් බොහොම ස්තුතියි. (නි)
අගනා ලිපියක් . (අ)
මෙවැනි දේශීය ඖෂධ ශාක පිලිබඳව පාඨකයා දැනුවත් කරනවනම් ඒක ලොකු පිනක්. වර්තමාන පරපුර මෙවැනි දේශීය ඖෂධීය ශාක ගැන දන්නෙම නැති තරම්. මෙවැනි ලිපි හැකිනම් දිනපතා පල කරන්න කියල කර්තෘ තුමාගෙන් ඉල්ලා සිටිනවා (හේ)
මම නම් හරිම කැමතියි මේ වගේ දේශීය දේවල් වලින් අපේ තරුණ පරපුර දැනුවත් කරන එක ගැන. අපි දන්නා බෙහෙත් ජාතිවලින් 1/100 ක්වත් දැන් ළමයි දන්නේ නැහැ. ඉබේ වැවෙන මොණරකුඩුම්බිය, වැල්පෙනෙල, පොල්පලා, තිකිරිඳිය, ගෙඳ, ලුණුවිල දැන් ළමයි අඳුරනවද කියලත් හිතෙනවා. මේ වගේ අද සමාජය දැනුවත් කිරීම ගැන අනේක වාරයක් ස්තුති කරමි. (නි)
අපේ රටේ ඉබේ වැවෙන හැම ශාකයක්ම වගේම බෙහෙත් සඳහා භාවිතා කළහැකි වීම ගැන අප සතුටු වියයුතුයි. කණගාටුවට කරුණ මේවා ගැන අපේ අයට නිසි අවබෝධයක් නැතිවීම (නි)
ඉස්සර විශාල ඉඩම් තිබුනා. මේවා ඊනියා ඉඩම් සංවර්ධන කියලා ඡන්ද ගන්න බලාපොරොත්තුවෙන් රජයට පවරාගෙන කට්ටි කරලා දුන්නා. ශාක ගහණය ටිකක් අඩුවුණා. ඊටපස්සේ, පවරාගන්නවට බයෙන් ලොකු ඉඩම් තිබුණු මිනිස්සුත් ඉඩම් වෙන්දේසිකාරයන්ට ඉඩම් විකිණුවා. එතකොට බූල්ඩොසර් දමා ඉඩමම ශුද්ධකරලා රතු පස් පෙන්නලා සංවර්ධනය කරලා විකිණුවා. අනේ, මේවගේ කොපමණ ඖෂධ ශාක තිබිලා වඳ වෙලා ගියාද? අද ගමක මිනිසුන්ට බෙහෙතකට පැලයක් හොයාගන්න නැහැ. (නි)
මෙම බෙහෙත් පැළෑටිය මාගේ දියණියගේ රෝගී තත්වයක් සඳහා ආයුර්වේද වෛද්‍ය නියමය පරිදි පාවිච්චිකර සාර්ථක ප්‍රතිඵල ලබාගත් පුද්ගලයෙක්මි. මෙවන් බෙහෙත් පැළෑටි අප විසින් රැකගත යුතුය. (නි)
අපි පුංචි කාලයේ මේවායේ මල් කටේ දාගෙන හපනවා. (නි)
මේක මම අත්දුටු බෙහෙතක්. කවුරුවත් පේටන්ට් එහෙම ගන්න උත්සාහ කරනවා නෙවෙයි. හැබැයි පෙත්තක් හදලා දෙන්න පුළුවන් නම් අක්මා රෝගීන්ට සෙතක් (නි)
ඇත්තටම මේ හීන් බෝවිටිය ගහ හොඳ බෙහෙතක් (නි)
කොතල හිඹුටු වලට වුණා වගේ මේ පැලෑටියෙත් පේටන්ට් බලපත්‍ර පිටරැටියන් ගන්නාතුරු බලා ඉඳිමුද? (නි)
1963 වර්ෂයේ මගේ බාල නංගිට කහ උණ හැදුනා. යටිපතුල්වල සිට ඇස්දෙක දක්වා කහ පාට වෙලා. කුරුණෑගල ඉස්පිරිතාලයේ වෙදකම් කරලා අන්තිමට ගෙදර එව්වා මින් එහාට වෙදකමක් නැහැ කියලා. අපි අඬ අඬා නංගිව ගෙදර ගෙනාවා. අපිට ආරංචියක් ලැබුනා හේරලියාවල, මල්කඩුවාව කිට්ටුව හාමුදුරුකෙනෙක් වෙදකම් කරනවා කියලා. අපි එතනට ගියාට පස්සේ උන් වහන්සේ හීන් බෝවිටියා මල්, කොළ සහ මුල් තම්බලා කිතුල් හකුරු එක්ක දෙන්න කිවුවා. සුමාන දෙකක් දෙනකොට හොඳ පැත්තට හැරී, සම්පුර්ණ සුවය ලැබුනා. මෙම ප්‍රතිකර්මය නැවතත් මගේ මිත්‍රයෙකුට කළා 1970 දශකයේදී . කරුණාකර මෙම අත්දුටු ප්‍රතිකර්මය මුළු ලංකාවටම හඳුන්වා දෙන්න (නි)
ස්තුතියි වෙදැදුරාණනි, සෙංගමාලයට හීන්බෝවිටිය කැඳ දුන් ගමන් රෝගය නිට්ටාවටම හොඳයි. අත්දැකීමෙන් කියන්නේ. බටහිර ක්‍රමයට බෙහෙත් කරමින් දිනපතා ටෙස්ට් කරමින් ඇදි ඇදී ඉන්නකොට අපේ ගමේ වෙදමහත්තයා දුන්නේ හීන් බෝවිටියා කැඳ. විශ්වාස කරන්න දින දෙකෙන් මගේ දරුවා සනීපුවණා. එික නිසා මේ ඖෂධය ගෙදර වවාගන්න. නිතර එහි කොළ සම්බෝල වශයෙන්වත් ආහාරයට ගන්න. අක්මාව නිරෝගීව තිබේවි. (නි)
ඉතා හොඳ ලිපියක් (නි)
මහ බෝවිටියා ගෙඩි හරිම රසයි. හීං බෝවිටියා නම් ටිකක් ඇඹුල් රසයි (නි)
අපි චූටි කාලේ හීන් බෝවිටියා කොළ කනවා, ඇඹුල් රසය නිසා. (නි)
ස්තූතියි මේ ලිපියට! (නි)
ඉතා හොද පුවතක්. ගොඩක් ස්තුතියි (ම)
ඉතා හොඳ පුවතක්. වෙදැදුරාණනි, ගොඩක් ස්තුතියි (නි)
බෝවිටියා දං පලු වාරේ දැන් දකින්නවත් නැති එක ගැන නම් දුකයි (නි)
අභය, මනෝජ්, ඔයාල කියන දේ හරි මමත් මගේ පොඩි කාලේ මේ මල් කටේ දල කාල තියෙනවා. අපේ ගෙවල් ළඟ ඉස්සර තිබුණ විශාල බෝවිටිය පැදුරු . දැන් නම් මම දැක්කේ මේ ගස් තියෙනවා . මම හිතුව බෝවිටිය පැදුරක් මගේ මිදුලේ වවන්න. (අ)
උසස් පෙළ උත්භිද විද්‍යාව ඉගෙන ගන්න ළමයෙක් වත් මේ ශාක ගැන දන්නේ නැහැ. මේවා අධ්‍යාපන ක්‍රමයට එකතු නොකර කොහොමද අලුත් පරපුර මේ ව ගැන දැන ගන්නේ. (ර)
ලිපියට ස්තුතියි... ඒක ගොඩක් වැදගත්...
සිරෝසීස් තත්වයට පත්වෙලා, හීන් බෝවිටියා ඇතුලු අනෙකුත් සිංහල බෙහෙත් කරලා, සුවතාවයක් ලබාගත්තු කෙනෙක් ඉන්නවා නම් මට පොඩ්ඩක් කියන්න. එහෙම සිරෝසිස් රෝගීන් සුවකරන තැනක් තියනවද? තියනවා නම් කියන්න මට