(ගයාන් සූරියආරච්චි)
වසර 51 කට ඉහතදී බුස් ඇල්ඞ්රීන් විසින් පෘථිවියේ ඉහළ අභ්‍යවකාශයේ සිට ලබාගත් විශිෂ්ට සෙල්ෆි ඡායාරූපයක් අලෙවි කිරීමට නියමිතය.
මෙම ඡායාරූපය පවුම් 1200 කට අලෙවි කිරීමට නියමිත බව සඳහන් වේ. 1966 නොවැම්බර් මස සිදුකළ ජෙමිනි 12 අභ්‍යවකාශ මෙහෙයුමේදී ප‍්‍රථමවරට සෙල්ෆි ඡායාරූපයක් ලබාගත් ගගනගාමියා වනුයේ ඇල්ඞ්රීන්ය.
කඩින් කඩ තුන්වතාවකදී ඇල්ඞ්රීන් අභ්‍යවකාශ යානයෙන් පිටත පැය පහමාරක් පමණ ගත කළේය. මේවන විට ඇල්ඞ්රින් 87 වැනි වියේ පසුවෙයි. මෙම ඡායාරූපය අඟල් 8 ක් සහ 10 ප‍්‍රමාණයේ ඡායාරූපයකි.
මෙහි වර්තමාන අයිතිකරු මෙම ඡායාරූපය ජෙමිනි 12 මෙහෙයුමේ නාසා ඡායාරූප ශිල්පීන්ගෙන් මිලදී ගෙන ඇත්තේ 2015 වසරේදීය .
මෙය සැප්තැම්බර් 14 වැනි දා ප‍්‍රසිද්ධ වෙන්දේසියේ අලෙවි විකිණීමට නියමිත බව සඳහන් වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕල්ඩ්‍රින් මට එක වතාවක් හමුවන්න අවස්ථාවක් ලැබුණා. ඡායාරූපයක් ගන්න බැරි වුණා මම වැඩ කරමින් සිටි නිසා..
සල්ලි දීලා ගන්නේ මොකටද ඔය තියෙන්නේ?