උණවටුන ඩීගජීග සුගතපාල
විදේශ කතුන් තිදෙනෙකුගෙන් වැඩිපුර බස්ගාස්තුව අය කිරීමට උත්සහා කළ බස් කොන්දොස්තරවරයකුට එම විදේශීය කාන්තාවන් අපූරු පාඩමක් ඉගැන්වූ පුවතක් ගාල්ල ප්‍රදේශයෙන් වාර්තාවෙයිග වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.

වේලාව සවස හයයි තිහට පමණ ඇත. ගාල්ල බස් නැවතුම්පොළෙන් මාතර බලා පිටත්වූ පෞද්ගලික බස් රථයකිග උපකාරක පන්තිවලට ගිය සිසුන් ද සේවා නිමවා යන පිරිස් ද ඇතුළු මගීහු විශාල පිරිසක් බස් රථයේ වූහ.
මාගාල්ල බස් නැවතුම් පොළේ දී විදේශීය කාන්තාවෝ තිදෙනෙක් ද බසයට ගොඩවූහ.
බසයේ පිටුපස සිටි කොන්දොස්තර නිතරම ඉස්සරහට යන්න. ඉස්සරහට යන්න” කියමින් කෑගසන්නට විය. ඊළඟ බස් නැවතුමේ දී ඉදිරිපස දොරටුව වෙත ගිය කොන්දොස්තර පස්සට යන්නල පස්සට යන්න” කියමින් කෑ ගසන්නට විය. එසේ කියමින් ඔහු මගීන් තෙරපමින් සල්ලි එකතු කරමින් ඉදිරිපස සිට පිටුපසට ආවේය.
කොන්දොස්තර හිටගෙන සිටි විදේශික කාන්තාවන් තිදෙනා ළඟට පැමිණි විට එක් කාන්තාවක් මිරිස්ස යයි කියා ගණන කීයදැයි ඉංග්‍රීසියෙන් ඇසුවාය. කොන්දොස්තර අපහසුවට පත්වූ බවක් පෙනුණි. ඔහුට ගණන කියා ගැනීමට බැරි වුණත් අලුත් ක්‍රමයකට බස් ගාස්තුව කිව්වේය.
ඔහු අත තිබූ රුපියල් සීයේ නෝට්ටුවක් පෙන්වා එයින් තුනක් ඉල්ලා සිටියේ අතේ ඇඟිලි තුනක් ද දිගහැර පෙන්වමිනි. එවිට විදේශීය කාන්තාව වේගයෙන් යමක් කියාගෙන ගියාය. ගාස්තුව වැඩි බවත් මිරිස්සේ සිට ගාල්ලට පැමිණි බස් රථයේ කොන්දොස්තර එක් අයකුට ගත්තේ රුපියල් හැටක් පමණක් බවත් ඇය කීවත් කොන්දොස්තරට එය තේරුණ බවක් පෙනෙන්නට නොවිණි.
අනෙක් දෙදෙනා ද සමග කතා කළ ඇය මාරු සල්ලිවලින් රුපියල් එකසිය අසූවක් කොන්දොස්තර අත තැබුවාය. කොන්දොස්තර ද එය ගුලිකර ගත්තේය. මේ සිද්ධිය බලා සිටි අයකු කීවේ බස් ගාස්තුව අලුත් ක්‍රමයට කියන කොන්දොස්තරවරයකු දුටුවේ පළමුවරට බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොන්දොස්තරට ඉංග්‍රීසි බැරි එක... එයාගේ ප්‍රශ්නයක් නෙවේ. මේ රටේ 3 වසරේ ඉඳන් 12 වසර දක්වා ඉංග්‍රීසි උගන්වපු ගුරුවරුන්ගේත් ඒ කාලවකවානුවල් හිටපු අධ්‍යාපන බලධාරීන්ගේත් නොහැකියාව මේක හොඳ දර්ශකයක්...
සංචාරකයන්, රටේ ඉන්න සමහර "ලිඳේ ඉන්න මැඩියන්" නොවේ. ඔවුන් හොඳහැටි කරුණු හදාරා ලෝකයේ සංචාරය කර අත්දැකීම් ඇති අයයි. ඔවුන් අවංකව ගනුදෙනු නොකළොත් ඔවුන් ඒ බව ලෝකයට කියාවි...
රට රටවල් වල ගිහින් හොඳට තෙම්පරාදුවෙලා එන සුද්දන්ව අන්දන්න ගිහින් හැමදාම වෙන්නේ අපේ නූගත් මෝඩයන් ජාත්‍යන්තරේම ප්‍රසිද්ධ වෙන එක විතරයි..