IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


සද්දෙකට හොල්මන් වෙලා ස්පීකරෙත් එක්ක ගහෙන් බිමට වැටිලා

(වියලුව වාර්තාකරු) 
උත්සවයක් වෙනුවෙන් රැගෙන ආ ශබ්දවිකාශන ස්පීකරයක් ගස් බඳිමින් සිටියදී කිසියම් අයෙකු විසින් හිටි වනම එය ක්‍රියාත්මක කිරීම නිසා කලබලයට පත් ගසේ සිටි පුද්ගලයා  ස්පීකරයද සමග ගසින් බිමට ඇද වැටී තුවාල ලබා රෝහල්ගත කිරීමට සිදුවීමේ පුවතක් වාර්තා විය.


සිද්ධිය මෙසේය.


එය ප්‍රදේශයේ එක්තරා ආයතනයකි.


එහි සේවක පිරිස සංවිධානය කළ උත්සවයකි.


සංග්‍රහ කටයුතු, සැරසිලි ආදී සියල්ල සූදානම් කළ ඔවුහු උත්සව දින සවස් යාමයේ එය ප්‍රදේශයටම ඇසීමට සැලැස්වීම සඳහා ශබ්ද විකාශන යන්ත්‍රයක් යෙදවීමටද තීරණය කර තිබිණි.

අනුව ගස් නැගීමට හැකියාවක් තිබූ තරුණයෙකු ස්පීකර් කට්ටලයද රැගෙන ගසකට ගොඩවී එය ගසේ ඉහළම අත්තකට තබා ගැටගසන්නට උත්සාහ කළේ  ඉන් වැඩි ප්‍රයෝජනයක් අත්කර දීමේ අරමුණෙනි.


ඒ අතරතුර එහි අනෙක් කෙළවරෙහි තිබූ යාන්ත්‍රික කොටස්වලට වයර් සම්බන්ධ කරමින් සිටි කාර්මිකයකු එය නිසි පරිදි ක්‍රියා කරන්නේද දැයි සොයා බැලීම සඳහා එය ක්‍රියාත්මක කරනු ලැබූ අතර ඉන් පිටවූ අධික ශබ්දයෙන් දැඩි සේ කලබලයට පත් ගස උඩ සිටි පුද්ගලයා අඩක් ගැටගසා තිබූ ස්පීකරයද සමග අඩි විස්සක් පමණ වූ ගසින් පහළට ඇදවැටුණේ ආයතනයේ සෙසු සේවක පිරිසද අන්ද මන්ද කරමිනි.


වාසනාවකට මෙන් සුළු තුවාල කිහිපයක් සිදුව තිබූ ඔහු රෝහල්ගත කොට පැය කීපයකින් යළිත් උත්සවය වෙත කැඳවාගෙන ඒමට ආයතනයේ පිරිස් කටයුතු කළහ.

 



අදහස් (0)

සද්දෙකට හොල්මන් වෙලා ස්පීකරෙත් එක්ක ගහෙන් බිමට වැටිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 85 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 356 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site