IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


පල්ලෙකැලේ ක්‍රිකට් බැලූ තරුණයෝ හෝටලයක රොටී පුච්චාගෙන කාලා

(වියලු‍ව වාර්තාකරු)
ආහාරපාන මුළුමනින්ම අවසන්ව තිබූ අවන්හලකට මැදියම් රැයේ ගොඩ වූ පිරිසක් අවන්හල් හිමියා පසෙකට වී බලා සිටියදී තමුන් අතින්ම පිටි අනා රොටී පුළුස්සාගෙන ලු‍ණු මිරිසක් ද හදාගෙන අනුභව කළ බව කියැවෙන පුවතක් ලංකාදීපයට වාර්තා විය.


සිද්ධිය මෙසේය.


දිනය ඉකුත් මාර්තු පළමු වෙනිදාය. මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති එක් දින තරගය නැරඹීමට ගොස් ආපසු එමින් සිටි තරුණ පිරිසකි. තරගය අතරතුරදී යහමින් මත්පැන් පානය කළද නිසි ආහාරයක් නොලැබූ ඔවුහු තරගය අවසන්ව ක්‍රීඩාංගණයෙන් පිටතට පැමිණියේ දැඩි කුසගින්නකිනි. නිවෙස් බලා යන අතරතුර මගදී හමුවුණ   ආපනශාලාවකින් රාත්‍රී ආහාරය ගනිමු යැයි කණ්ඩායමේ පිරිස යෝජනා කළේ ඊට විසඳුමක් වශයෙනි.


පල්ලේකැලේ සිට මහියංගන දෙසට කිලෝමීටර් හත අටක් පැමිණියද තරගය නැරඹීමට පැමිණි විශාල පිරිසක් ඒ වන විටත් මාර්ගය දෙපස තිබූ බොහෝ අවන්හල්වල සකස් කර තිබූ ආහාර පාන සියල්ලක්ම හිස් කර තිබිණි.


පිරිස ආපනශාලා කීපයකටම ගොඩ වුවද බිස්කට් පැකට් කීපයක් හැරුණු විට ඒවායේ කිසිදු ආහාරයක් දක්නට නොවිණි.


 අවසානයේ මාර්ගය අයිනේ තිබූ රොටී වෙළෙඳ සලකට ගොඩ වූ පිරිස එහි හිමිකරුගෙන් රොටී ඉල්ලා සිටියත් අනන ලද පිටි සියල්ල අවසන් බව ඔහු කියා සිටියේ තරුණ පිරිසගේ බලාපොරොත්තු සුන් කරමිනි.


  ඒ වන විටත් හොඳ හැටි පදම් වී සිටි පිරිසේ අයකු ‘‘එහෙනම් මුදලාලි අපිට පිටි ටිකක් දෙන්න අපි පිටි අනාගෙන රොටී හදාගන්නම්’’  යැයි කියා සිටියේ කුසගින්න නිවාගන්නට ඇති එකම විකල්පය එය බව සෙස්සන්ටද පවසමිනි.


දැඩි කුසගින්නේ සිටි කණ්ඩායමේ සෙසු පිරිසද එකපයින්ම සිය සගයාගේ යෝජනාව ස්ථීර කළේ වෙළෙඳසල් හිමියාට ද ඉන් ගැලවීමට ඉඩක් නොතබමිනි.


දවස පුරාම වැඩ කිරීම නිසා ඒ වන විටත් දැඩි වෙහෙසකින් මෙන්ම නිදිමතේ ද සිටි වෙළෙඳ සල් හිමියාට පසෙකට වී සිටින ලෙස පැවැසූ    ඉවුම් පිහුම් හොඳ හැටි පුරුදු කණ්ඩායමේ තරුණයකු පිටි අනා රොටී පිළිස්සීමට පටන් ගත්තේ තවත් සගයකුට ලු‍ණු මිරිසක් සකස් කරන ලෙසද පවසමිනි.


 පැයක් යන්නටත් මත්තෙන් ඇති තරම් රොටී පුළුස්සා ගත් පිරිස තවත් වාහනයකින් පැමිණි එවැනිම පිරිසකට ද ඔවුන් පිසූ රොටීවලින් සංග්‍රහ කළේ ඔවුන් සමගද හිතවත්කමක් ඇති කර ගනිමිනි.


අවසානයේදී දැඩි කුසගින්නේ සිටි පිරිස වෙළෙඳසල් හිමියාගෙන්  සමුගත්තේ රොටී වෙනුවෙන් නියමිත මුදලටත් වඩා වැඩි මුදලක් මෙන්ම  ඔහුට මත්පැන් උගුරු කීපයකින්ද සංග්‍රහ කරමිනි.



අදහස් (3)

පල්ලෙකැලේ ක්‍රිකට් බැලූ තරුණයෝ හෝටලයක රොටී පුච්චාගෙන කාලා

sunil gikiyanage Thursday, 05 March 2020 08:02 PM

ආපනශාලා හිමිකරු සහ තරුණ පිරිසද ගහමරාගන්නේ නැතිව ගැටලුවත් විසදගෙන තියෙනවා ඉතා හොද විදිහට.

:       0       73

sampath Friday, 06 March 2020 09:51 AM

මෙන්න මේ සහජීවනය තිබුනානම් ලංකාව කොයි තරම් හොද රටක්ද ලංකාවේ වතුර, ගස්වල එල, මුහුද පලතුරු සියල්ල තියෙනවා මිනිස්සුන්ගේ නොහොබිනා කම් ටික බලෙන් හරි ආගමෙන් හරි වෙන මොන ක්‍රමෙන් හරි මමනම් කියන්නේ මෙවෙනි ක්‍රියාකාරකම් වැඩ ප්‍රයෝගිකයි හදාගත්තොත් ලංකාව පෘතුවි තළයෙන්ම විශිෂ්ටම රාජ්‍ය කරන්න පුළුවන්.

:       0       105

Zaman Wednesday, 11 March 2020 02:23 PM

හොඳ ආදර්ශයක්....

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 64 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 900 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2526 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site