IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


පන්දාහේ සහනය අන්ති​ෙම් අසහනයක්

(ඌරුගස්මංහන්දිය - අමරසිරි රණසිංහ)
කසිප්පු පෙරන්න ගිහින් රජයෙන් ලැබුණු සහනාධාර මුදලත් අහිමිකරගත් තිදෙනෙකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ එක්තරා ගම්මානයකින් අසන්නට ලැබුණි.


තිදෙනාම කුලී වැඩ කරමින් දිවි ගෙවූ සමෘද්ධිලාභීහුය. එක් අයෙකුගේ නිවෙස ආසන්නයෙන් කුඩා දොළ පහරක් ගලා බසියි. හෙතෙම දොළ අසළ තමන්ට හිමි කුඩා ඉඩමෙහි සරුසාර මඤ්ඤොක්කා වගාවක් ද කරයි.


රජය මගින් පීඩාවට පත් ජනතාවට ලබා දෙන රුපියල් පන් දහස ලබා ගැනීම සඳහා පැමිණ සිටි පිරිස අතරේ මෙම සිද්ධියට අදාළ තිදෙනාද වූහ. නිලධාරි මහතා මුලින් පැමිණි අයට ගෙවීම් කරන තුරු අනෙක් අයට සමාජ දුරස්ථභාවය තබා ගනිමින් සිටින ලෙස උපදෙස් දුන් බැවින් යහළුවන් තිදෙනා අඹ ගසක් යටට වී සිටියහ.


තිදෙනා රටේ  තොටේ තොරතුරු කතා බහ කරමින් සිටින අතරේ එක් අයෙක් මෙසේ පැවසීය. ‘‘මේ දවස්වල වියදමේ හැටියට රුපියල් 5000 හැරෙන්නත් මදි. මට හිතෙනවා මේ සල්ලි වලින් කසිප්පු වඩියක් පෙරාගන්න’’


‘‘බය නැද්ද පොලිසියෙන් ඇල්ලුවොත් හිරේත් යන්න වෙනවා’’ අනෙකෙක් එයට පිළිතුරක් දුන්නේය.


‘‘අපේ ගේ පැත්තට කවුරුත් වැඩිය එන්නෙ නැහැ. දොළේ වතුරත් තියෙනවා. මගේ මඤ්ඤොක්කා ගස් ටිකට ඒ පැත්තම වැහිලා තියෙන්නේ. මේ රහස පිට කාටවත් දැන ගන්න නම් අපි තුන් දෙනාගෙන් පිට වෙන්න ඕනෑ.’’


සැක හැරගත් පසු තිදෙනා මුදල් ලබා ගැනීමෙන් පසු කසිප්පු පෙරීමට අවශ්‍ය බඩු මිලදී ගෙන ත්‍රිවීලයකින් පැමිණියහ. ඔවුන් පෙරන කසිප්පු තොග වශයෙන් ලබා ගැනීමට හතර වැන්නෙකු ඉදිරිපත් වූ අතර ඔහුගේ ත්‍රිවීලයෙන් බඩු ටික නිවෙසට ගෙන ඒමට ලැබීම ද ඔවුන්ට සහනයක් විය.


තිදෙනා සමග බැරල් දෙකකට ගෝඩා මිශ්‍රණය සකස් කර මඤ්ඤොක්කා ගස් අතරේ සඟවා කොළ අතුවලින් ආවරණය කළේය.
‘‘අපි තුන් දෙනා මෙතන සිටියොත් දකින කෙනෙක් සැක කරන්න පුළුවන්. අපි මිදුලට ගිහින් ඉමු. රෑට ඇඳිරි නීතිය නිසා  කවුරුත් එන්නෙ නැහැ’’


අඳුර වැටී ටික වෙලාවකින් තිදෙනා තම තමන්ගේ නිවෙස්වලට ගොස් නිදා ගත්හ. පසුදා රාත්‍රි නිදිවැරීමට තිබෙන බැවිනි. 


පාන්දරම තිදෙනා එක්ව පල්වෙන්නට දමන ලද ගෝඩා බැරල් බැලීමට ගියහ. පෙරදින රාත්‍රි ඌරන් රංචුවක් පැමිණ මඤ්ඤොක්කා ගස් ටික පෙරළා කා දමා ඇති අයුරු හා මඤ්ඤොක්කා අල ගලවා ගැනීමට දැඟලීමේදී ගෝඩා බැරල් දෙකම ගඟට පෙරළී තිබෙනු දුටු ඔවුහු මුහුණට මුහුණ බලා ගත්හ.



අදහස් (0)

පන්දාහේ සහනය අන්ති​ෙම් අසහනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 608 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 515 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 430 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site