(තිහගොඩ
උපසේන ලියනගම)
දකුණු පළාතේ දෙවියන් ගැන කියැවෙන උපනගරයකි.

එහි පදිංචි මේ පවුලේ මව, පියා සමග සිටියේ පිරිමි දරුවන් දෙදෙනකු පමණකි. ලොකු පුතා ඉගෙනීමෙහි අදක්ෂයකු නිසා පසුකලෙක පවුලේම කටයුතුවලට යොමු වුවත් පොඩිපුතා දක්ෂ ලෙස විභාග සමත්වී අගනුවර විගණන කටයුතු පිළිබඳ ආයතනයක මාණ්ඩලික නිලධාරියකු වී එහිම පදිංචි විය.
පසුගිය දා පියාට හෘදයාබාධයක් වැළඳීම නිසා අයියා මල්ලීට දුරකතන ඇමතුමක් දුන්නත් ඔහු ආවේ නැත. එහෙත් ප්‍රතිකාර ගත යුතු වෛද්‍යවරුන් හා එම කටයුතු කෙරෙන ආකාරය කී ඔහු “අයියා වියදම් කරන්න මම ආවම ඔක්කොම බිල ගෙවනවා” කීවේ විස්තර සහිතවය.
රැකියාවක් නොමැති ඔහු අමාරුවෙන් ජීවත් වුවත් දහ අතේ ණය වී පියාට ප්‍රතිකාර කළේ මල්ලී ආපසු ඒවා ගෙවන බව කී නිසාය.
පියා සුවපත් වූ බව දත් මල්ලී මාසය අගදී එහි ආවේය. සුහද කතාබහෙන් පසු අයියා වැයවූ මුදල් ගැන කී විට “මට ඔය ඔක්කොම ගෙවපු ඒවාට බිල්පත් දෙන්න ඕනෑ. මං සේරම ගෙවන්නං” කීවෙන් අයියා විමතියට පත්ව දැන් බිල්පත් ගෙවීමට දස අතේ දුවනවා ලු.
COMMENTS
අමුතුවෙන් අහන්න දෙයක් නැහැ. විගණන ආයතනයකනේ වැඩ කරන්නේ.
මට නම් මේකේ වරදක් පෙන්න නැත. රෝහලට වියදම් කළා කියනවනම් බිල්පත් තිබිය යුතුය.
මල්ලි බලන්නේ බිල් ටික අරගෙන එය දාපු ඉන්ෂුවරනස් එකකින් ක්ලේම් කරන්න. කපටි අය එතනිනුත් සල්ලි වියදම් කරන් නැතුව මැච් එකක් ගහන්නේ.