IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


චිත්‍රපටය අස්සේ අනංග නාටකයක සටන් ජවනිකාවක්

එක ටිකට්පතකින් චිත්‍රපටයක් සහ නාට්‍යයක් නැරඹීමට සිනමා රසිකයින්ට ලද අපූරු අවස්ථාවක් පිළිබඳව ලංකාදීපයට වාර්තා විය.


මෙම සිදුවීම සියැසින් දුටු බොහෝ දෙනකු පැවසූ අන්දමට කතාව මෙසේය.


එක්තරා මැදිවියේ අයකු තම අනියම් බිරිඳ සමග චිත්‍රපටියක් බැලීමට සිනමා හලකට ගොස් ඇත. අනියම් සබඳතාව පිළිබඳ නියම බිරිඳට තොරතුරු දැන ගැනීමට ලැබී ඇති අතර එය අතටම අල්ලා ගැනීමට ඇය බොහෝ වෙහෙස මහන්සි වූවාය.


මේ අතර අහවල් සිනමා ශාලාවේ ජෝඩුවම චිත්‍රපටියක් බලන බව නියම බිරිඳට දුරකතන ඇමතුමකින් දැනගන්නට ලැබුණි. වහා ක්‍රියාත්මක වූ බිරිඳ ත්‍රිරෝද රථයකින් සිනමා ශාලාවට ගොස් දුරකතන ඇමතුම අනුව පළමු පන්තියේ දෙවන පේළියේ කෙළවරට ගොස් බලනවිට දෙදෙනා තුරුළු වී සිටින අයුරු දැක ඇය අතෙහි වූ කුඩයෙන් අනියම් බිරිඳට හා තම සැමියාට නොනවත්වා පහර දීමට පටන් ගත්තාය. නොසිතූ පරිදි හිසට උරහිස්වලට වැදුන පහරවල් නිසා අනියම් බිරිඳ කෑ ගසන්නට පටන්ගෙන ඇත.


මේ අවස්ථාවේ සිනමා ශාලාවේ ලයිට් සියල්ල දමා බලනවිට චිත්‍රපටිය නරඹන පිරිසට දැකගත හැකිවූයේ නියම බිරිඳ අනියම් බිරිඳට පහර දෙන ආකාරය හා සැමියා එය වැළැක්වීමට දරණ උත්සාහයයි. චිත්‍රපටිය බලමින් සිටි අයට මෙය අපූරු නාට්‍යයක දර්ශනයක් වී ඇත. විනාඩි දහයක් පමණ කාලයක් තුළ පැවති මෙම නාටකය අවසන් වූයේ තම සැමියාගේ අතින් අල්ලා ඇදගෙන ඔහු ත්‍රිරෝද රථයේ නංවාගෙන එතනින් ඉවත් වූ පසුවය. චිත්‍රපටිය යළි ආරම්භ වී ඇත.


සිනමා ලෝලීන් පවසා ඇත්තේ ‘අද මරු දවස එක ටිකට් එකෙන් චිත්‍රපටිකුයි නාට්‍යයකුයි බලන්න ලැබුණා.” යනුවෙනි.
(ඇහැලියගොඩ රාමචන්ද්‍ර ගුණසේකර)

 



අදහස් (0)

චිත්‍රපටය අස්සේ අනංග නාටකයක සටන් ජවනිකාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 694 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site