IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


ඔට්ටුව දිනූ බිරිඳට සැප පුටුව දී සැමියා ලිප් බොක්කේ

සිය බිරිඳ සමග ඡන්ද ඔට්ටුවක් ඇල්ලූ තරුණ දෙදරු පියෙකුට සතියක කාලයක් සිය නිවසෙහි සියලු මෙහෙවර කිරීමට නියම වූ පුවතක් මාතර නගරය සමීපයේ ගමකින් වාර්තා වෙයි.


පෞද්ගලික ආයතනයක සේවයේ නිරත සැමියා ප්‍රධාන පක්ෂයක ජනාධිපති අපේක්‍ෂකයකුට සහය පළ කළේය. ඔහුගේ බිරිඳ අනෙක් අපේක්‍ෂකයා ජයග්‍රහණය කරන බවට ස්ථිරවම ප්‍රකාශ කරමින් ඔට්ටුවක් ඇල්ලීමට ඇය සිය ස්වාමි පුරුෂයාද එකඟ කර ගෙන තිබුණි.  ඔවුන්ගේ ඔට්ටුව මේ අයුරින් තීරණය වී තිබුණි. බිරිඳ ජයග්‍රහණය කළහොත් සැමියා බිරිඳට උණු ජලය, කෑම බීම, සාත්තු- සප්පායම් ඇතුළු දරුවන්ගේ සහ නිවසේ සියලුම කටයුතු  සතියක් ඉටුකළ යුතුය.


සැමියා ජයග්‍රහණය කළ හොත් බිරිඳ සැමියාට පෙරකී සියලු සත්කාර සමග නිවසේ සියලු කටයුතු තනිව කළ යුතුය. අවසානයේ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත්වීමත් සමඟ බිරිඳ ජයග්‍රහණය කළ අතර සැමියා ඡන්ද ඔට්ටුව ඉටු  නොකර මගහැර සිටින්නට උත්සාහ කළේය. එහෙත්  ඡන්ද ඔට්ටුව තරයේ සිහිපත් කළ බිරිඳ මැතිවරණයෙන් සති දෙකකට පසු නිවසේ සියලු කටයුතු අතහැර සාලයේ සැප පුටුවක් මතට වී රුපවාහිනිය නැරඹීම ආරම්භ කළාය.


සැමියාට පාසල් යන දරුවන් දෙදෙනාගේ අවශ්‍යතා සොයා බලන්නට, කෑම පිසින්නට බිරිඳට ජලය  උණුකර දෙන්නට, නිවස අතුපතු ගා පිරිසුදු කිරීමටද සිදුව තිබේ.


පෞද්ගලික ආයතනයක සේවය කරන මොහු දින කිහිපයක්ම අසනීප නිවාඩු වාර්තා කර ඔට්ටුව ඉටුකළ බවට අවට හිත මිතුරන්ටද සැලවී තිබේ. ඡන්ද ඔට්ටුව නිසා සැමියා සහ බිරිඳ දින කිහිපයක්  යන තෙක් කිසිඳු වචනයක් කතා නොකර තරහකාරයන් ලෙසින් හැසිරුණු බව ගමේ අය කියති.
කැකනදුර ගයාන් දර්ශන



අදහස් (0)

ඔට්ටුව දිනූ බිරිඳට සැප පුටුව දී සැමියා ලිප් බොක්කේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 146 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 363 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 375 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site