IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


උපාසක අම්මාගේ අයිඩින්ටියෙන් පූස්පැටවුන්ගේ වත ගොත හෙළිවෙලා

(ගල්ගමුව නිහාල් ජයවීර)
පන්සල් වත්තට ගෙනැවිත් දමා තිබූ පූස් පැටවුන්ගේ අනන්‍යතාව උපාසක අම්මාගේ හැඳුනුම්පතකින් අනාවරණය කර ගැනීමට හැකි වීමේ පුවතක් ගල්ගමුව ප්‍රදේශයේ ගමකින් දැන ගැනීමට ලැබිණි.


ආගමට දහමට දනට පිනට ලැදි සතර පෝයටම සිල් ගන්නා උපාසක මාතාවක් එගම වෙසෙයි. මේ උපාසක අම්මාගේ ආදරය, කරුණාව ලබමින් ඒ නිවසේ විසූ බැළලිය පැටවුන් තිදෙනකු පූස්‍රත කළාය. කල්යත්ම  පැටවුන් ගේ පුරා දුව පැන යාමටත් ඇඳන් පුටුවල නිදා ගැනීමටත් පටන් ගෙන තිබේ. පැටවුන් කෙරෙහි උපාසකම්මාගේ සි​ෙත් නුරුස්සනා බවක් ලියලන්නට විය.


උපාසකම්මාගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගියාය.


මේ අතර ඇයට සුළු අසනීප තත්ත්වයක් හටගෙන තිබේ. ගම ආසන්නයේ වූ ග්‍රාමීය රෝහලෙන් බේත් ටිකක් ගැනීමට ඇය ලක ලෑස්ති වූවාය. කොතනට ගියත් රැගෙන යන ගමන් මල්ල ගැනීමට ඇය ඇඳ ළඟට යන විට දුටුවේ එකට ගුලිවී සැපට නිදන බළල් පැටවුන් තිදෙනාය.


උපාසකම්මාට ගණ දෙවි නුවණ පහළ වූවාය. පැටවුන් ගමන් මල්ලට ඔබා ගත්තාය. ඉස්පිරිතාලයට කෙටිම මග වැටී ඇත්තේ පන්සල් වත්ත හරහාය. පන්සල් වත්තට පැමිණි වහාම ඇය මල්ල බිමට හරවා ආවාස ගේ ළඟින් පන්සල් ඉඩම හරහා තාර පාරට ගියාය.


ඊට සතියකට පමණ පසු උපාසකම්මා පන්සල් වත්ත හරහා යද්දී ඇයට ආවාසගේ පිටුපස සිටි විහාරාධිපති හිමි දැක ගැනීමට ලැබී තිබේ. වහා උන්වහන්සේ වෙතට ඇදුණූ උපාසකම්මා පසඟ පිහිටුවා නමස්කාර කළාය.


හිමි පාමුළ අසල වූ භාජනයකින් පිටිකිරි බොන පූස් පැටවුන් තිදෙනා උපාසකම්මා දුටුවාය.


අපේ හාමුදුරුවනේ පූස් පැටව් උපාසකම්මාට කියැවිණි.


ඒකනේ උපාසකම්මේ කිරි වරලත් නැති පැටව්නේ මේ පන්සලට පූජා කරලා තියෙන්නේ හිමියෝ කීහ.


සහතික ඇත්ත හාමුදුරුවනේ බල්ලෝ බළල්ලු ඇති කරන්න බැරි නම් ඇති නොකර ඉන්න ඕනෑ. දැන් පැටවු ගැහුවාම පන්සලටයි. පාරටයි දාන එක සහගහන පවක්. නේද අපේ හාමුදුරුවනේ. උපාසකම්මා බලවත් කම්පාවකින්  කීවාය.


මට අදහා ගන්ඩ බැරි මේ හතර පෝයට ම සිල් ගන්න උදවියත් මෙහෙම වැඩ කරන එකනේ හිමියන් පවසන විට උපාසක අම්මා මඳක් තැති ගත්තාය. අපේ හාමුදුරුවනේ මට සුනංගු වෙනවා එහෙනම් අවසරයි. කී උපාසකම්මා ස්වාමීන් වහන්සේට නමස්කාර කිරීමට සූදානම් වෙද්දී උන්වහන්සේ පවසා ඇත්තේ එදා මේ පූස් පැටව් පන්සල් වත්තේ හිටපු තැන උපාසකම්මාගේ අයිඩින්ටියත් තිබ්බා. ආන් ඒක මං පරිස්සම් කරලා තියෙනවා. ඒකත් අරන්ම යන්න කියාය.


සතර පෝයට සිල් ගත් උපාසකම්මා ටික කාලයක සිට සිල් සමාදන් වීමට නොපැමිණි හේතු විමසුවිට ඇයට හිතවත් උපාසිකාවකටත් විහාරාධිපති හිමි දායකයන්ටත් දුන් පිළිතුරු නිසා මේ පුවත ගමේ ප්‍රචලිත වන්නට විය.

 



අදහස් (2)

උපාසක අම්මාගේ අයිඩින්ටියෙන් පූස්පැටවුන්ගේ වත ගොත හෙළිවෙලා

Pradeep Saturday, 16 May 2020 04:07 PM

දැන් ඉන්න ගොඩක් උපාසක අම්මලා ඔය වගේ තමයි. කරන කලට පව් මිහිරිය මි සේ, විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ..

:       0       19

ලසන්තWednesday, 20 May 2020 01:22 AM

තමාගේ නිවසේ සුරතලයට ඇතිකරන බල්ලන්, බළළුන් පැටවුන් බිහි කළාම පන්සල් පල්ලි ළඟටත් සමහර නිවාස ළගටත් ගෙනවිත් දැමීම දැන් පුරුද්දක් වෙලා.පසුගිය දිනක එක් රජයේ නිළධාරියෙක් ඔහුගේ නිවසේ ඇතිකළ බැල්ලියට පැටවු ලැබුනාම අල්ලපු වසමේ පාරක් අයිනේ දමාගොස් තිබුනා. මෙය කළ කෙනා කවුදැයි කවුරුත් දන්නවා. නමුත් ඔහුටත් මතු ආත්මයක මෙසේම හිසට සෙවණක්, කුසට අහරක් නැතිව මෙසේම දඬවම් ලැ‍බේයැයි සිතා එම සතුන්ට එම මාර්ගයේ සිටින කෙනෙකු ආහාර දෙමින් සෙවණ දෙමින් කටයුතු කරනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 970 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1026 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 407 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site