මාතර සිට අම්බලන්ගොඩ දක්වා දිවෙන පෞද්ගලික බස් රථයකි. සති අග දිනයක් වූ නිසා බසයේ විශාල පිරිසක් වූ අතර බොහෝ දෙනෙක් හිටගෙන සිටියහ.

ගැබිනි මව්වරුන් සඳහා වූආසනයේ වියපත් කාන්තාවක් සහ මැදිවියේ වූ තැනැත්තෙක් වාඩි වී සිටියහ. වාඩි වී සිටි ඔහු සරම කමීසය ඇඳි ගැමියකු බව පෙනිණ.
හික්කඩුව ප්‍රදේශයේ දී බසයකට නැග්ගේ බටහිර යුරෝපීය ඇඳුමැති තරුණ කාන්තාවකි. ඇය තරබාරුය. ගැබිනි අසුනේ වාඩි වී සිටි තැනැත්තා මේ කාන්තාවගේ උදරය දෙස කීපවරක් බලා තීරණය කළේ ඇය ගැබිනියක බවය.
‘‘අපි මේකේ වාඩිවෙලා යන එක හරි නෑ. ඔය නෝනා වාඩි වෙන්න’’ ඔහු නැගිට කීවේ ගැබිනියන්ට පමණක් වූ දැන්වීම් තහඩුව දෙස බලමිනි.
එදෙස බැලු කාන්තාව ඔහු දෙස රවා බලා ‘‘ඕකෙ වාඩි වෙන්න මට ඕනකමක් නෑ එහෙම ලෙඩක් මට නෑ’ කීවේ වට පිටද බලමිනි.
වඳින්න ගිය දේවාලය හිස පිට කඩා වැටුන බව දැනගත් මගියා යළි වාඩිවීමට ගියත් අසල සිටි කාන්තාවක මේ කතා මැද එහි වාඩිවීම නිසා ඔහු අන්දමන්ද වුණාලු.
(තිහගොඩ උපසේන ලියනගම)
COMMENTS
අයියෝ... බඩ හින්දා අපේ පිරිමින්ට වෙන දේවල් .
ගැබිනි මාතාවන් උදරය දිහා බලලම තීරණය කරන්න අමාරුයි. මේ අය හඳුනාගන්න විශේෂ අත් පළඳනාවක් හඳුන්වා දුන්නා නම් හොඳයි. එතකොට කවුරුත් අපහසුතාවයට පත්වෙන්නේ නැහැ. අනුමානෙන් හිතලා තීරණ ගන්නත් බැහැ... ඒ වගේම සමහර කාන්තාවන්ට ගැබිනි මාතාවක් බව පේන්නෙම නැහැ... අපිට නම් ඕක බලලා තීරණය කරන්නත් බැහැ... එහෙම බැලුවොත් වෙන කතන්දරයක්... ඒ නිසා යම් පටක පළඳනාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් හඳුන්වා දෙන්න. ඒ පළඳනාවේ රුධිර වර්ගය සහ ගර්භනි ඉතිහාසය ඇතුළත් කරන්න.. හදිසි අවශ්‍යතාවයකදී වෛද්‍යවරුන්ට පහසුවෙන් හඳුනාගන්නත් එක්ක...