IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


අලුත ගෙනා මනමාලිගෙ කිරි හොද්දෙන් මූණු ඇඹුල්වෙලා

විවාහ වී මනාල මහතාගේ නිවසට පැමිණ සති දෙකකට පසුව කිරි හොද්දක් සාදා ගැනීමට තේරුමක් නොමැතිව දුරකථනයෙන් පුත්තලමේ පදිංචි සිය මවගෙන් විමසීමක් කළා යැයි කියන තරුණ මනමාලියක පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.


වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.


කිරි හොද්දක් සාදන ආකාරය පිළිබඳ සිය මවගෙන් දුරකථනයෙන් විමසුවා යැයි කියන තරුණ මනමාලිය පුත්තලම ප්‍රදේශයේ උපන්නියකි. ඇගේ වයස අවුරුදු 25 කි. මනාලිය උපාධිධාරිනියකි. වැඩිමහල් සහෝදරයන් දෙදෙනකු සිටින ඇගේ මව්පියෝ තවමත් පුත්තලමේ රජයේ රැකියා කරති. 


මනාලිය කුඩා කල සිටම මව්පියන් ඉතාමත් ආදරයෙන් රැකවරණයෙන් අත් උදව්කාරියකගේ සහයෝගයෙන් ඇති දැඩි කළාය. ඒ පවුලේ එකම එක ගැහැනු දරුවා නිසාය. විවාහය දක්වාම ඇය කවදාවත්ම තමන්ගේ රෙදි ටික සොදා වේළා ගත්තේ නැත. හදිසියකට කවදාවත් බතක් උයා සම්බෝලයක් හැදුවේ ද නැත. සියල්ල මව්පියන් අතින් හා අත් උදව්කාරිය අතින් සිදු කෙරිණි. 


ඉකුත් දිනෙක ඇගේ විවාහ මංගල්‍යය මහත් උත්සවශ්‍රීයෙන් සිදු කෙරිණි.


මනාලයා දින දෙකකට පසුව සිය මනාමාලිය ඇගේ  නිවසට කැන්දාගෙන පැමිණියේ උඩරට වෙස් නර්තන කණ්ඩායමක් ද පෙරටුකොට ගෙනය. 


සති දෙකකට පසුව මනාලයාගේ මව රාත්‍රි කෑමට ඉඳිආප්ප තම්බා කුකුල් මස් වෑංජනයක් සමඟ සම්බෝලයක් ද සාදා ඇඟපත සෝදා ගැනීමට යාමට සූදානම් වූවාය. ඊට පෙර “දුව පොල් බෑයක් ගාලා කිරි හොද්දක් හදන්න. මම ඉක්මනට ඇඟපත සෝදාගෙන එනවා”_යි පවසා මව කුස්සිය දොරෙන්ම පහළ ළිඳට ගියාය. මනාලිය පොල් බෑය ගා ගත්තද කිරි හොද්ද සාදන්ට තරම් දැනුමක් නොවීය.


 “කිරි හොද්ද හදලා තිබ්බේ නැති වුණොත් වස ලැජ්ජාවයි”_ මනාලිය තනියම කල්පනා කළාය. පසුව ඇය දුරකථනය රැගෙන පුත්තලමේ පදිංචි මවගෙන් කිරි හොද්දක් සාදා ගන්නා ආකාරය පිළිබඳ විමසුවාය. 


එහිදී මව සිය දියණියට කිරි හොද්දක් සාදා ගන්නා ආකාරය පිළිබඳ කියා දී තිබුණද පසුව ඇය කිරි හොද්ද සෑදූ අවස්ථාවේදී පොල් කිරි  කැටිගැසී තිබූ බව ද වාර්තා වෙයි. 


පසුව පවුලේ සියලු දෙනා රාත්‍රි ඉඳිආප්ප කෑමට කෑම කාමරයේ මේසයට ගිය අවස්ථාවේදී  අලුත ගෙනා මනමාලි හැදු කිරි හොද්දෙන් හැමෝගෙම මූණු ඇඹුල් වී ගියාලු.
(කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න)

 



අදහස් (0)

අලුත ගෙනා මනමාලිගෙ කිරි හොද්දෙන් මූණු ඇඹුල්වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 31 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 144 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 992 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site