IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


අංකල්ට 68 යි දුවට 69 යි

(හික්කඩුව විශේෂ - අමරසේන විතානගේ) 
හැටඅට වැනි වියේ පසුවන පුද්ගලයෙකුට කාන්තාවක විසින් අංකල් යයි අමතා වැඩි වේලාවක් යන්නට මත්තෙන් ඇයගේ වයස 69ක් බව හෙළිවීමෙන් ලැජ්ජාවට පත්වීමේ සිද්ධියක් හික්කඩුව ආරච්චිකන්ද බාහිර රෝගීන්ගේ අංශයේ පෝලිමේ දී දැකගන්නට ලැබිණ. 


හැටඅටේ පුද්ගලයා උදෑසනම රෝහලට ගියේ තම පාදයේ ඇති වූ තුවාලයකට ප්‍රතිකාර කර ගැනීමේ අපේක්ෂාවෙනි. එදින සායන දිනයක් ද වූයෙන් රෝගීන් විශාල පිරිසක් තුණ්ඩු ලියවා ගැනීමටත් ප්‍රතිකාර සටහන් පොත් ලකුණු කරගැනීමටත් එක තැන පොරකන පෝලිම් දෙකකට රොක් වී සිටියහ. 


බාහිර රෝගීන්ගේ අංශයේ පෝලිමට එක් වූ මේ පුද්ගලයාට ඉදිරියෙන් සිටියේ ඔහුගේම වයසට ආසන්න පෙනුමක් ඇති කාන්තාවකි. 


අංකල් ඉන්නේ ඕ.පී.ඩී. එකෙන් බෙහෙත් ගන්න ද නැත්නම් සායනටය දැයි මේ කාන්තාව ඔහුගෙන් විමසා සිටියාය. තමා තරම් වියපත් පෙනුමක් ඇති ඇයගේ අංකල් ඇමතුමෙන් උරණ නොවී උපේක්ෂා සහගතව ඇයට පිළිතුරු දුන් ඔහුට ඇයගේ වයස කොපමණ දැයි දැනගන්නට හැකි වූයේ තුණ්ඩු ලියන රාජකාරියේ යෙදී සිටි සේවිකාව ඇයගෙන් වයස ඇසූ තැනේදීය. වයස 69 යයි. ඇය සේවිකාවට පිළිතුරු දුන්නාය. 


මට තවම 68යි. 69ක් වන ඔයාට මම ඇන්ටි කිව්වාට තරහ ගන්නට එපා හොඳේ යයි ලද පළමු අවස්ථාවම ප්‍රයෝජනයට ගත් ඔහු පිරිස ඉදිරියේම ඇයට පැවසු විට ඇය කිසිත් නොකියා ලැජ්ජාවෙන් බිම බලා ගත්තීය. 

 



අදහස් (1)

අංකල්ට 68 යි දුවට 69 යි

lal Wednesday, 07 August 2019 01:19 AM

රජයේ රෝහල්වල මේ වගේ සිද්ධීන් හරියට සිදු වෙනවා. කෙස් ටිකක් පැසුනු පුද්ගලයකුට සමහර ආච්චි අම්මලගේ වයස්වල ඉන්න හෙදියන් කතාකරන්නේ "සීයා" කියලා. මෙය මා සිතන්නේ නූගත් කම නිසා සිදුවෙන දෙයක්.

:       0       50

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site