බස් වර්ජනයෙන් පසු සටන් නායකයන්ට මරණය
ජවිපෙ ජාතික කම්කරු සටන් මධ්‍යස්ථානය මගින් 1988 නොවැම්බර් 7 සමස්ත මහා වැඩ වර්ජනයක් බලහත්කාරයෙන් අරඹනු ලැබීය. රජයේ තර්ජන ගර්ජන සහ මර්දන නීති රීති බිඳ හෙළමින් මෙම වර්ජනය හම්බන්තොට, අම්පාර, ත්‍රිකුණාමලය, මාතලේ, බදුල්ල, පොළොන්නරුව, අනුරාධපුරය, මොණරාගල වැනි දිස්ත්‍රික්ක දක්වා පැතිර ගොස් තිබිණි. සෞඛ්‍ය ජල සම්පාදන සහ විදුලිය වර්ජනයෙන් මුදාහැර තිබිණි.