IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


චන්ද්‍රිකාගෙන් හර්ෂට මහ රෑ ආ ඇමතුම

නිදහස් මාවතේ චන්ද්‍රිකා මැතිනියගේ නිවසේ දී ප්‍රසන්ටේෂන් විග්‍රහය ආරම්භ වූයේ රාත්‍රි 9 ට පමණය. චන්ද්‍රිකා මැතිනිය මෙය නැරඹීම සඳහා අර්ජුන රණතුංග මහතාට සහ ආචාර්ය හර්ෂ ද සිල්වාට ද ආරාධනාකර තිබුණි. ඊට අමතරව එතුමියගේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයෝ කිහිපදෙනෙක් ඒ අතර සිටියහ. සියල්ල අවසානයේ අප තිදෙනාට රාත්‍රී භෝජනයද පිළිගැන්වීමට එතුමිය අමතක නොකළාය. ඊට පෙර විග්‍රහය අවසන් වූ වහාම ආචාර්ය හර්ෂ මා වෙත ඉතා උණුසුම් පිළිගැනීමක් ලබාදුන්නේය. 

කෙසේ වෙතත් දිනේෂ් වීරක්කොඩි මහතා විසින් රචිත ‘භදඩැපඉැර ඍැඩදකමඑසදබ’ කෘතිය එළිදැක්වුණු  අවස්ථාවේ දී විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා එහිදී දෙසුමක් පවත්වමින් ඉහත චන්ද්‍රිකා මැතිනියගේ නිවසේ දී සිදු වූ දේ මෙලෙස ආවර්ජනයකර තිබුණි. ඉංග්‍රීසි බසින් හර්ෂ කළ එම දෙසුමෙහි සිංහල පරිවර්තනය මෙසේය.


වේලාව රෑ නවය පහුවුණා පමණයි. මම හිටියෙ පරිගණකයෙ වැඩකරමින්. රාත්‍රී ආහාර ගැනීමට නියමිත වේලාවත් ලං වෙලයි තිබුණේ. ඇත්තෙන්ම මගෙ පවුලෙ උදවිය කෑම මේසෙ වාඩිවෙලා මම එනකම් බලාගෙන හිටියෙ. මගෙ දුරකථනය නාද වුණා. දුරකථන තිරයෙ වැටුණෙ ‘මැඩම් චන්ද්‍රිකා” කියලා. 


ඔව් මැඩම්, මොනවද මගෙන් කෙරෙන්න ඕනා? මම ඇහුවා.


හර්ෂ, මට වැදගත් කාරණයකට ඔයාව හමුවෙන්න ඕනා. ඔයාට එන්න පුළුවන්ද?


මැඩම් දැන්?


ඔව්. ඔයාට ගොඩක් රෑ වෙලා නැත්නම්.


මගෙ බිරිඳයි දුවයි ඇත්තටම හිටියෙ සතුටින් නෙවෙයි. ඒත් මම රෑ කෑම කන එක පැත්තකින් තියලා නිදහස් මාවතට වාහනය පදවගෙන ගියා. එතනදී චන්ද්‍රිකා මැඩම් සහ තවත් කිහිපදෙනෙක් මට ආචාර කරලා මාව පිළිගත්තා.


හඳුනගන්න මේ මලිත් ජයතිලක ඇය කිව්වා. එයා තමයි බුද්ධි මණ්ඩලය.


පවර් පොයින්ට් ප්‍රසන්ටේෂන් එක අවසන් වී, ඉන් අනතුරුව අපගේ සාකච්ඡාවත් අවසන් වන විට අළුයම 2.00 ට විතර ඇති. මලිත් දීර්ඝ විශ්ලේෂණයක් කලා.


අපි ‘ස්ලයිඞ් එකෙන් ස්ලයිඞ්’ එකට ගියා. එ.ජා.ප.යට වාසිදායක ඡන්ද කොට්ඨාස, ශ්‍රී.ල.නි.පයට වාසිදායක ඡන්ද කොට්ඨාස, වෙරළබඩ තීරය, කුරුණෑගල දිස්ත්‍රික්කය, මහනුවර, කෘෂිකාර්මික ප්‍රදේශ, ගොඩනැගමින් පවතින මධ්‍යම පන්තිය, මහරගම සංසිද්ධිය, මැදකොළඹ දෙමළ ජනතාව, පශ්චාත් දර්ගා නගරය. මුස්ලිම් ජනතාව වගේ කරුණු.


ඇත්ත වශයෙන්ම ඔහු එම විස්තරාත්මක ‘ප්‍රසන්ටේෂන්” එක සකස් කරලා තිබුණෙ හිටපු ජනපති මහින්ද රාජපක්ෂට. ඔහුට විස්තර කරන්න ඕනෑ වෙලා තිබුණෙ හිටපු ජනපති ඔහුගේ පක්ෂය ගෙනගොස් අතිශය ජාතිවාදී ස්ථාවරයෙන් ඉවත්වුවහොත් මිසක ඔහුට හදිසි ජනාදිපතිවරණයක් ජයග්‍රහණය කළ නොහැකි බවයි. එක්සත් ජනතා නිදහස් සන්ධානය තවත් මාධ්‍යය වෙත ගමන් කළයුතු බව පෙන්වීමට සංඛ්‍යා ඔහු සතුව තිබුණා.
පෙනෙන හැටියට, ඒ ප්‍රෂන්ටේෂන් එක රාජපක්ෂවරුන්ට එතරම් හරිගියේ නැහැ.


ඒ වගේම ඔහුට තව දුරටත් අරලියගහ මන්දිරයෙන් පිළිගැනීමක් ලැබුණෙ නැහැ.


නමුත්, ඒ කඳවුරේ බොහෝ දෙනෙක් මෙය තේරුම් ගත්තා. තවත් බොහෝ දෙනකුත් මෙය තේරුම් ගත්තා. නමුත් එය පිළිගැනීමට බියවුණා.


මේ විශ්ලේෂණයේ දී උපකල්පනය කෙරුණු අපේක්ෂකයා පොදු අපේක්ෂකයෙකි. මලිත් හිතුවා ශක්තිමත් සමඟි සන්ධානයක් ගොඩනගන්න හැකිනම් පොදු අපේක්ෂකයාට ජයග්‍රහණයක් ලැබීමේ හොඳ අවස්ථාවක් ඇති බව.


මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා වීම හා එ.ජා.ප.යේ එකතුවීම සමඟ ඡන්ද ව්‍යාපාරය හොඳින් හැසිරවුවහොත් අපිට එය කරන්න පුළුවන්. සුළඟ හමන්නේ අප ගමන් කළ යුතු දිශාවටයි. නමුත් යාත්‍රාව නැව්ගත කළයුතුයි. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විශ්වාසවන්තයකු වන අතරම එහි උපායමාර්ගය මෙහෙය වූ එන්ජිම වුණේ මලිත්.


ඔහු හිටියේ ඉතා ප්‍රබෝධයෙන්.


මම එතැනින් පිටත්වෙනවිට චන්ද්‍රිකා මැඩම් කිව්වා මේ විශ්ලේෂණය ඔයාගෙ පැත්තෙන් දැකපු පළමු වැනි කෙනා ඔයා. ඔයාගෙ පර්යේෂණ පසුබිමත් එක්ක ඔයා මේකට කැමතිවෙයි කියලා මම හිතුවා.
පහුවදා උදේම මම නායකතුමා හමුවුණා. සර් මාකස් ප්‍රනාන්දු මාවතේ ඔහුගේ කාර්යාලයෙදී. ඔහුට කෙටියෙන් විස්තර කළා. මම රහසේ බැලීමට සම්බන්ධ වූ විශ්ලේෂණය ගැන. ඔහු මට කිව්වා ඒ සමග ටිකක් ඉන්න කියලා.


එදා දහවල් මලිත් ඒ ප්‍රසන්ටේෂන් එක නායකතුමාටත්, සමඟි සන්ධානයේ හිටිය නායකයින් කිහිපදෙනකුටත්, සමීප උපදේශකයින් කණ්ඩායමකටත් ඉදිරිපත් කළා. සිරිසේන මහතා එතැනට ඇවිත් ටික වේලාවකින් එතැනින් ගියා. ඔහු එය කලින් දැක තිබුණ නිසා.


මලිත් හිටියෙ පීඩනයකින්. ඔහු එහෙ මෙහෙ ගිය වෙනස් කාර් රථවලින්.


ප්‍රසන්ටේෂන් විග්‍රහය ඉදිරිපත් කිරීමට චන්ද්‍රිකා මැතිනියගේ නිවසට ගිය මාහට එහිදී මුස්ලිම් ව්‍යාපාරිකයකු හමුවිය.

 

ඔහු හා තරමක් දොඩමලු වීමේදී හෙළිවූයේ ඒ මහතා ජනප්‍රිය ‘ෂර්ට්’ සමාගමක් වන ‘එමරල්ඞ්’ ආයතනයෙහි අයිතිකරු බවත් තම පියා බණ්ඩාරනායක අගමැතිතුමන් සමඟ ශ්‍රී.ල.නි.ප දේශපාලන කටයුතුවල නිමග්න වූ අයකු බවත්ය. ඒ සමඟම ඔහු අත තිබූ  පොටෝ ඇල්බමයක් මා හට පෙන්වූ ඔහු බණ්ඩාරනායක මැතිනිය අගමැති සමයේ තමා හා තම පියා සමඟ විවිධ අවස්ථාවන් හිදී ගත් ඡායාරූප ගණනාවක්ම පෙන්වමින් ඒවා විස්තර කළේය. තවද, ඔහු සමඟ චන්ද්‍රිකා මැතිනිය කථාකළ ආකාරය අනුව එතුමියටද ඔහුත් සමඟ දීර්ඝකාලීන දැනහැඳිනීමක් තිබෙන බව දිස්විය. ඒ අතර මගේ ක්ෂණික මතකයට නැගුණේ 2014 මැයි මාසයේ සිදු වූ බේරුවල සිද්ධියයි. බේරුවල සිංහල - මුස්ලිම් ගැටුම සිදු වූ දිනයේ රාත්‍රී 7.00 ට පමණ මගේ මිත්‍රයකු වූ නන්දන කරුණාසේන මා හට කථාකරමින් බේරුවල සිද්ධියෙන් තමාගේ මුස්ලිම් හිතවතකු දැඩි ප්‍රශ්නයකට මුහුණ දී සිටින බව පැවසීය. එනම්, මීගහතැන්නේ පිහිටි එමරල්ඞ් කර්මාන්තශාලාව ගිනිතබා විනාශ කිරීමට එම රාත්‍රියේ යම් පිරිසක් උත්සාහ කරන බවත් එහි අයිතිකරුවන් වන ඔහුගේ මිතුරන් ධර්ගා නගරයේ සිරවී සිටින බවත්  නන්දන වැඩිදුරටත් පැවසීය. මෙම තත්ත්වයෙන් ඔවුන් මුදවාගැනීමට කළහැකි උපකාරයක් තිබේදැයි නන්දන මගෙන් විමසීය. මම වහාම හමුදාපති දයා රත්නායක මහතා ඇමතීමි. මීගහතැන්නේ පිහිටි ‘එමරල්ඞ්’ කර්මාන්තශාලාව පත්ව ඇති උවදුර පිළිබඳ තත්ත්වය මම ඔහුට විස්තර කළෙමි. “එමරල්ඞ්” කර්මාන්තශාලාවේ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම තහවුරු කරන බවට හමුදාපතිවරයා මට සහතිකවිය. එම කථාව එපමණකි. අයිතිකරු කවුරුන්දැයි මම නොදනිමි.


කෙසේ වෙතත් මට මුණගැසුණු එහි හිමිකරුවාට මම එම අතීත සිද්ධිය කීවෙමි. ඊට ස්තූතිවන්ත වූ ඔහු තමන්ද ශ්‍රී.ල.නි.ප පාක්ෂිකයකු වුවත් තමන්ගේම ආණ්ඩුවක් යටතේ මෙම බේරුවල ඛේදවාචකය සිදු වූ බවත් එය එසේ වුවත් චන්ද්‍රිකා මැතිනිය හා මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිබඳ විශ්වාසය තබන බවත් ඔහු මට එහිදී පැවසීය.


පසුදින පෙරවරු 10.00 ට මා හට විපක්ෂ නායක කාර්යාලයට යාමට නියමිතව තිබුණි. ඒ පොදු අපේක්ෂකයාට සහාය දක්වන දේශපාලන පක්ෂ නායකයන්ගේ කමිටුව රැස්වන නිසාය. සාමාන්‍යයෙන් එම කමිටු රැස්වීම විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහාතගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර අවස්ථා කිහිපයකදී ඉඩ ලද ආකාරයට මෛත්‍රී ඇමතිතුමාද ඊට සහභාගී විය. ඊට අමතරව චම්පික, රාජිත යන හිටපු ඇමතිවරු දෙදෙනා ද එ.ජා.ප.ය නියෝජනය කරමින් කබීර් හෂීම්, තිස්ස අත්තනායක, රවී කරුණානායක, මලික් සමරවික්‍රමද බොහෝ අවස්ථාවන්හි දී ඊට සහභාගී වූ අතර අවස්ථා කිහිපයක දී පමණක් මංගල සමරවීර හා ආචාර්ය හර්ෂ වැනි අයද රනිල් වික්‍රමසිංහ මහතාගේ කැඳවීම මත එහි අසුන් ගත්තේය. එලෙසම රතන හාමුදුරුවෝද ඉඳහිට ඊට සහභාගි වූහ. මේ අතර මම එම කමිටුවේදී පොදු අපේක්ෂක මෛත්‍රී ඇමතිතුමා නියෝජනය කළෙමි.

 

 

 

 

 


සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්

 



අදහස් (1)

චන්ද්‍රිකාගෙන් හර්ෂට මහ රෑ ආ ඇමතුම

රටවැසියා Sunday, 11 February 2018 01:56 AM

මේක විප්ලවයක් නොවේ . මේක රටට එරෙහිව කරන ලද කුමන්ත්‍රණයක්. පළාත් පාලන ඡන්ද ප්‍රතිඵල වලින් ජනතාව පිලිතුරු දීල තියෙනව කියල පේනව.

:       3       160

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17591 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site