IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


නවීන් මහින්දට ‘බෑ’ කියයි

 

තුන්වැනි පන්තියේ සමාජ ව්‍යාපාරයට අනුව ‘ඉල්ලන් කෑම’ හොඳම එක නොවැම්බර් 28 වැනිදා සිදුවිය. ඒ එ.ජ.නි.ස ජාතික ලැයිස්තු මන්ත්‍රී ඒ. එච්. එම් අස්වර් මහතා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වූ අතර එම මන්ත්‍රී ධූරය රිෂාඞ් බදියුදීන්ගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කළ නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී අමීර් අලී වෙත පිරිනමන ලදී.


මෙම මන්ත්‍රී ගනුදෙනුව හුදෙක්ම ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ඒ වන විට ආණ්ඩුවෙන් ගිලිහෙමින් තිබුණ මුස්ලිම් ජන බලවේගය නැවත ආණ්ඩුව දෙසට හරවා ගැනීම සමඟ රිෂාඞ් බදියුදීන් සතුටට පත් කොට සන්ධානය තුළ රඳවා ගැනීම මූලීක උපක්‍රමය වූවාට සැක නැත. මේ අනුව අමීර් අලිහට මන්ත්‍රී ධූරය ලබාදුන් අතර දෙසැම්බර් 13 වැනි දින ඔහු පාර්ලිම්න්තුවේ දී දිවුරුම් දෙන ලදී. ඉන් අනතුරුව ඔහුට නියෝජ්‍ය අමාත්‍ය ධූරයක් ද පිරිනැමීය. එහෙත් ඒ සියලු තනතුරුද සමඟ ඉන් දින කිහිපයකට පසුව ඔහු රිෂාඞ් සමඟ පොදු අපේක්‍ෂකයාට සහයෝගය දැක්වීය. සැබවින්ම එය හාස්‍යොත්පාදක දේශපාලන ප්‍රහසනයක් බඳුය.


එවැනිම හාස්‍ය උත්පාදක ප්‍රහසනයක ආරම්භයක් ලෙස ‘මා ළඟ ඔය කාගෙ කාගෙත් ෆයිල් තියෙනවා’ යනුවෙන් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා විසින් කරන ලද ප්‍රකාශය ද සැලකිය හැකිය. ජනාධිපතිතුමාගේ එම ප්‍රකාශයට ‘කට කහනවට මෙන්’ පිළිතුරක් දුන් රෙජිනෝල්ඞ් කුරේ ඇමතිතුමා ‘ජනාධිපතිතුමා හොරකම් කරපු එවැනි ඇමතිවරුන්ගේ ෆයිල් එතුමාගේ අතේ තබාගෙන හංගගෙන එම මැති ඇමැතිවරුන් බයකරනවා නම් ඒකත් වැරදි. එමඟින් කියවෙන්නේ ජනාධිපතිතුමා හොරුන් රකින බවයි’ යනුවෙන් ප්‍රකාශ කළේය. සැබවින්ම ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු අතර පළ වූ රෙජිනෝල්ඞ් කුරේ මහතාගේ මෙම අදහසට ජනතාවගෙන් ලැබුණේ ඉහළ ප්‍රතිචාරයකි.


මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා නෙළුම් පොකුණ රඟහලෙහි පැවති පූජා භුමි සන්නස් පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවයකට නොවැම්බර් මස 28 වැනි දින සහභාගි වූයේය. මේ වන විට විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම යන විපක්‍ෂයේ සටන් පාඨය එතුමාට දැඩි දේශපාලන අතුල් පහරක් බවට පත්ව තිබුණි. ඊට ප්‍රතිචාර දැක්වූ ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ විධායක ජනාධිපති ධූරය අහෝසි කළ හැක්කේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය හිමි තමන්ට පමණක් බවයි. එහෙත් එය අහෝසි කිරීමට තමා ද ඉදිරියේ දී කටයුතු කරන බවක් එතුමා තුළින් ප්‍රකාශ නොවීය.


තවද, එදිනම ජනාධිපතිවරණ උණුසුම තීව්‍ර කරන මට්ටමේ දානමය පින්කමකට මුල පිරිණි. ඒ ඊට වසරකට පමණ පෙර මියගිය ආර්. අයි. ටී. අලස් මහතාගේ දානමය පින්කමයි. එම දාන ගෙදරට පැමිණි පිරිස අතර මහින්ද රාජපක්‍ෂ මැතිතුමා, ගෝඨාභය රාජපක්‍ෂ, චම්පික රණවක, සජිත් ප්‍රේමදාස හා උදය ගම්මන්පිල එකම කාමරයක් තුළ හිඳ සුහදව කථාබහක නිරත වූහ. මේ අතරින් වඩාත්ම දේශපාලනමය වටිනාකමක් සහිත ද්විපාර්ශ්වික කථාව බවට පත් වන්නේ උදය ගම්මන්පිල මහතාගේ බිරිඳ හා ටිරාන් අලස් මහතා අතර වූ කථාබහ වන්නට ඇත.


මේ අතර බොහෝ දෙනකු අපේක්‍ෂාවෙන් සිටි දේශපාලනමය පුවත නොවැම්බර් 29 වැනිදා අසන්නට ලැබුණි. ඒ නුවරඑළිය දිස්ත්‍රික් එ.ජ.නි.ස මන්ත්‍රී නවීන් දිසානායක මහතා යළි එ.ජා.පයට එක්වීමය. ඔහු සන්ධානයෙන් ඉවත් වීමෙන් පසුව විපක්‍ෂ නායක කාර්යාලයේ දී මාධ්‍ය සාකච්ඡාවකට ද සහභාගි වූ අතර එහිදී තමාට සිදුවූ දේශපාලන අසාධාරණය පිළිබඳ දිර්ඝ විස්තරයක් කළේය. තවද, තමා සන්ධාන මන්ත්‍රීවරයකු හා ඇමතිවරයකු ලෙස කටයුතු කළ ද නුවර එළිය ජනතාවට කිසිදු වැදගත් සේවයක් ඉටු කිරීමට අවස්ථාව නොලැබුණු බවද ඔහු පැවසීය. පොදු මාධ්‍ය සාකච්ඡාවේ දී නවීන් දිසානායක මහතා හෙළිකළ ආකාරයට ඔහුට මෙම තීරණය නොගෙන සිටීම වෙනුවෙන් ආණ්ඩුව මිලියන සියයක් ලබාදීමට උත්සහ කළ බව ද පැවසීය. කෙසේ වෙතත් නවීන්ගේ මෙම ප්‍රකාශය පිළිබඳ රහස් පොලීසිය විසින් පරීක්‍ෂණයක් ද ආරම්භ කරන ලදී.


මෛත්‍රී ඇමතිතුමාගේ පළමු ප්‍රචාරක රැස්වීම පොළොන්නරුවේ දී පැවැත්වූයේ නොවැම්බර් 30 වැනිදාය. පොළොන්නරුවේ පොදු අපේක්‍ෂක මැතිවරණ ව්‍යාපාරය බාරව සිටියේ පේෂල ජයරත්න හා ඩඞ්ලි සිරිසේනය, ඒ වන විට පොළොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කළ කිසිදු එ.ජා.ප. මන්ත්‍රීවරයකු නොවීය.

 

 

 

 

 

 

 

 

 

 


සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්



අදහස් (0)

නවීන් මහින්දට ‘බෑ’ කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

කොලම

වෙල්ගමට පහර දුන්නැයි දෙදෙනකු අත්අඩංගුවට
2022 මැයි මස 27 4970 0

පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතාට සහ ඒ මහතාගේ පුද්ගලික ආරක්ෂක පොලිස් නිලධාරියාට හා රියදුරුට පහර දී එම මෝටර් රථයට ගිනි තබා විනාශ කිරීම සම්බන්


සජිත්ගේ අලසකම්
2020 මාර්තු මස 28 14799 2

සජිත් ප්‍රේමද‌ාසට පමණක් නොව ප්‍රේමද‌ාස පවුලේ හැමටම ඉංග්‍රීසි භාෂාව ඉගැන්වූ රාජකීය විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා ගුරුභවතෙකු ලෙස සේවය කළ වත්තල සාහීඩ් සර


පක්ෂ ඇතුළේ බල පොර
2020 මාර්තු මස 28 5825 0

‘‘ජාතියේ පියා’’ ලෙස විරුද‌ාවලී ලත් නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාත්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමා 1952 මාර්තු 22 වැනි දින ගාලු මුව දොර ව්‍යායාම් ක


සාම කතා මැද මතුවූ කොටින්ගේ පාවෙන අවි ගබඩාව
2020 මාර්තු මස 28 583 0

‘‘කමක් නැහැ. ඔය ප්‍රදේශයේම රැඳී ඉන්න. අපට ලැබුණු තොරතුරු ඉතාමත් විශ්වාසනීයයි’’ ‘‘රොජර් (එසේ කරන්නම්) සර්’‘


ඇමතිවරුන්ගේ නොකෙරෙන වැඩ
2020 මාර්තු මස 14 1455 0

දිනක් මා දන්නා ඥාති සහෝදරියකගේ නිවසට ගොඩ වූයේ කලක් තිස්සේ අසනීපව සිටින ඇයගේ අම්මාගේ සුවදුක් සොයා බැලීම පිණිසය. මා එහි සිටි අවස්ථාවේ එම ඥාති සොයුරිය එක


යුද බිමේ ඔත්තුකරුවෝ
2020 මාර්තු මස 14 2595 0

2003 වසරේ අප්‍රේල් මාසයේ දෙවැනි සතියේ නැවත වරක් L.T.T.E. ආයුධ නෞකාවක් නැගෙනහිර මුහුදු ප්‍රදේශයට ඒම පිළිබඳව සංඥා පණිවිඩයක් නාවික හමුදා මූලස්ථානයෙන් ලැබිණ. සෝ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 492 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1358 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 349 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site