
(හර්ෂණ තුෂාර සිල්වා)
විදේශවල සේවය කරන්නන්ගෙන් මෙරට ලැබෙන ආදායම් බලාපොරොත්තු නොවූ ආකාරයේ වර්ධනයක් පෙන්නුම් කර ඇතැයි මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා කොළඹදී අද (30) පැවැසීය.
‘කොවිඩ්-19’ වසංගතය හේතුවෙන් මේ වසරේදී විදෙස් ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් මෙරටට ලැබෙන විදේශ ප්‍රේෂණ සියයට 15කින් අඩුවනු ඇතැයි මුලින් ඇස්තමේන්තු කළ ද එම අගය වෙනස් කිරීමට සිදුව ඇතැයි ද හෙතෙම කීය.
මුදල් අමාත්‍යාංශයේ අද (30) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව පැවැසීය. අවසන් මාස කිහිපයේදී විදේශ ප්‍රේෂණ ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කර ඇතැයි ද මේ වසර අවසානයේදී පසුගිය වසරේ අගය ද ඉක්මවා යෑමට හැකිවනු ඇතැයි ද කබ්රාල් මහතා තවදුරටත් කීය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ තාවකාලික දත්තවලට අනුව මේ වසරේ අගෝස්තු මාසයේදී විදේශ ප්‍රේෂණ ලැබීම්වල අගය රුපියල් බිලියන 122.9කි. පසුගිය වසරේ අගෝස්තු මාසයේදී එම අගය රුපියල් බිලියන 92.2ක් විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදේශ ශ්‍රමිකයිනි, කරුණාකර බැංකුමගින් ලංකාවට මුදල් එවීම පුළුවන් තරම් සීමා කරන්න... නැතිනම් මොවුන් ඔබලාගේ රටසල්ලි බලාපොරොත්තුවෙන් තව දුරටත් ගුවන් තොටුපළ වහලා දමාවි. මේ පාලකයන්ට වටින්නේ ඔබලා එවන රටසල්ලි පමණි. ඔබලාගේ ජීවිත පිළිබඳව කිසිම වටිනාකමක් මොවුන්ට නැත.
කොම්පැනි වලින් ගොඩක් අයට ග්‍රටිවිටි දීලා එවලා එකයි සල්ලි වැඩියෙන් ආවේ.
මහජනතාවට වගකිව යුතු මහබැංකුවේ ඉහළ නිලධාරීන්ගේ මෙවැනි හැසිරීම්? ජරාම කඩේයෑමක් නොවේද?
වැදි බණ...!!! ඒ කාලේ මේ රටේ ජනතාවගේ මුදල් ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය කරලා කෝටි ගණනක් නැතිකාලේ කවුද? මේ හාදයා ඇතුළු පවුලේ අය තමයි "පිරමිඩ" සූදුව කරන්නේ...
විදේශ රටවල සේවය කරන අයටත් මොකක් හරි සහනයක් දෙන්න.
ලංකාවේ ගුවන් තොටුපොල දිගටම වසා තබන්න ඕනෑ. එතකොට විදේශගත ලාංකිකයින් නොකඩවා මුදල් ලංකාවට එවනවා. ඒ විතරක් නොවෙයි, බටහිර යුරෝපය ඇතුළු සංවර්ධිත රටවල්වල කෝවිඩ් 19 සඳහා ජනතාවට ලබාදෙන සහනාධාර ලබාගෙනත් ලංකාවටම තමයි එවන්නේ. උපන් රටට ආදරේ නම් පිටරටකට ගොස් මුදල් හම්බකරලා මේ රටේ පාලකයින්ට රට සංවර්ධනය කරන්න උපකාර කළාම පව් සිද්ද වෙන්නේ නැහැනේ...
නිකම් ටයි කෝට් ඇඳගෙන විදේශවල ශ්‍රමිකයින් දහ දුක් විඳිමින් රටට එවන මුදල් ගැන වර්ණනා කළාට මදි. දැන් ඔය ශ්‍රමිකයින් බොහෝදෙනෙක් අමාරුවේ වැටිලා ඉන්න අවස්ථාවේ, ඒ අය නැවත රටට ගෙන්නා ගන්නට පිළිවෙලක් සකස් කළයුතුයි. බොහෝවිට, මෙසේ විදේශගත ශ්‍රමිකයින් ඔවුන් සිටින රටවල සිරකර තබා ඇත්තේ කෙසේ හෝ ඔවුන්ගෙන් රටට ලැබෙන මුදල් ලබාගැනීමට විය හැකිය.
මේ ගුවන් තොටුපළ දිගටම වහලා දමන්න ඕනේ. පිටරටවල තිබෙන ලංකාවේ තානාපති කාර්යාලත් වහලා දමන්න ඕනේ.. ගුවන් තොටුපළ ඇරියොත් පිටරටවල ඉන්න ලංකාවේ ඔක්කොම ලංකාවට එනවා. එතකොට මේ රට සල්ලි ලැබෙන්නේ නැහැ. ඔවුන් මළත් කමක් නැහැ රට සල්ලි එවනවා නම් ලංකාව පාලනය කරන ලොකු දේශපාලකයන්ට සහ අජිත් නිවාඩ් වැනි ලොකු නිලධාරීන්ට සුඛෝපභෝගි වාහන ගන්න, ජොලි කරන්න රට සල්ලි ඕනේ..
අපි සල්ලි එවනකොට හොඳයි. ලංකාවට එනකොට අපේ බෑග්එකේ තියෙන ඇපල් ගෙඩියයි, අරක්කු බෝතලයයි සේරම කස්ටම් එකෙන් ගන්නවා. මේවා කැත වැඩ..
පිස්සුද, එහෙම කරාම අපේ දේශපාලකයින් ටික ඔයගොල්ලෝ එවන විදේශ විනිමයෙන් සුර සැප විඳින්නේ කෙසේද?
මෑතකදී හොඳ රැකියාවක් කරන විදේශීය සේවකයින්ට ඔවුන්ගේ රැකියාව අහිමි විය. මෙම වසර අග සිට විදේශ ප්‍රේෂණය අඩු කරනු ඇත. කෝවිඩ් නිසා විදේශ රැකියා සඳහා ඇති ඉල්ලුම අඩු වේ. මාසයක දත්ත පමණක් බලා "පුරෝ කථන" ලබා නොදෙන්න
ඒකනම් ගිනස් පොතට යන්න ඕනි අමුතු වර්ධනයක්.
මේ වගේ කෙනෙක් තව නෑ මේ ලෝකේ.
ශ්‍රී ලංකාව හැර වෙනත් රටවල සේවය කරන ඔබ සියලු දෙනා ශ්‍රී ලංකාවට මුදල් යැවීම නැවැත්විය යුතුය. ඔබ ඔබේ ආදරණීයයන්ට මුදල් යවන විට එයින් වැඩි ප්‍රමාණයක් ඔබගේ ආදරණීයයන් විසින් නාස්ති කරනු ඇත. ඔබ වැඩ කරන අතරතුර ඔබේ මුදල් භුක්ති විඳින පවුල් සහ දරුවන් දෙස බලන්න. ශ්‍රී ලංකා රජය ඔබේ මුදල් සඳහා කෑදරයි. වඩාත් වගකීමෙන් කටයුතු කිරීමට ඔබේ පවුලේ අයට සහ ශ්‍රී ලංකා රජයට උගන්වන්න.
කෝවිඩ් බෝම්බය ශ්‍රී ලංකාවට ගෙන නොයා යුතුය, නමුත් ඔවුන් සියළුම ඉතුරුම් මෙහි යැවිය යුතුය.
මේ කතාව බොරුනම්...
ලංකාවට මුදල් නොයෙවා දැන් පිටරට ආයෝජනය කල හැකි ලාභදායි ක්‍රම බොහෝ තියෙනවා.
මට මතක් වෙනවා කොරෝනා මුල් කාලේ රට විරුවෝ ලංකාවට එද්දී රටේ මිනිස්සු මොනවද කිව්වේ කියලා.
ශ්‍රී ලංකාවේ ජීවන වියදම ඉතා ඉහළ මට්ටමක පවතින අතර යම් ආකාරයක මූල්‍යකරණයක් ලබා නොගෙන රටින් බැහැරව ජීවත්වන ආදරණීයයන්ගෙන් ඔවුන්ගේම පුද්ගලයින් රැකබලා ගැනීමට ඔවුන්ට බල කෙරෙයි.
පිටරටින් විදේශ විනිමය ගෙන එන විදේශ ශ්‍රමිකයන්ට කිසිම සහනයක් නැහැ.
අන්න විදේශ සේවා එකේ ටෙලිෆෝන් බිල ගෙවාගන්න බැරුව ටෙලිෆෝන් කපලා. මෙයා මෙහේ බයිලා ගහනවා.
විදේශ බෝම්බ කියලා නේද ඉස්සෙල්ලා ඔවුන්ට කතා කලේ ?
මේ කතා කරන්නේ අප එවන මුදල් ගැන සහ අපේ මුදල් මත ජීවත් වීම ගැන ය. නමුත් ගුවන් යානා නොමැති බැවින් අපට ශ්‍රී ලංකාවට යා නොහැක. මොනතරම් ආත්මාර්ථකාමී ද.?
ඔබතුමන්ලා කතා කරන්නේ විදේශ රටවල සේවය කරන්නන්ගෙන් ලැබෙන ආදායම් ගැන විතරයි. කෝවිඩ් 19 කාලවල්වල විතරක් නෙමෙයි අනික් කාලවලත් අපි කොච්චර දුක්විඳලාද මේ සල්ලිටික යවන්නේ... දරු පවුල බේරගන්න. අපි ගැන කිසිම කැක්කුමක් නැහැ ආදායම විතරක් බැලුවම ඇතිද? විදේශ ශ්‍රමිකයින්ට රජයෙන් ලැබෙන සහනය මොකක්ද? ඇමතිවරුන්ට ලැබෙනව පර්මිට්... අඩුගානේ අපට වාහන පර්මිට් එකක්වත් දෙන්න හිතෙන්නැතිද? මුදල් ආදායම් ගැන වර්ණනා කළාට මදි මහත්තයෝ... අපි ගැනත් තවත් හිතන්න.
අපිව හූරගෙන කාපල්ලා. කිසිම පහසුකමක් සලසන්නේ නැතිව එම්බසිවල ඉන්න හාල්පාරුවෝ අපේ සල්ලිවලින් වැජඹෙනවා. ඒ අය ඉන්නේ මාලිගාවල් වගේ තැන්වල. අපේ අහිංසක ළමයි... පාරේ අගුවල නිදාගන්නේ. කෑම නැහැ, බෙහෙත් නැහැ. ආරක්ෂාවක් නෑ. මේකම ශාපයක් වෙන්නේ නැද්ද?