(දයාරත්න ඇඹෝගම)
විලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රදේශ රැසකට ජලය හිඟවීමෙන් තම අතිරේක බෝග වගාවන් විනාශයට පත්ව ඇතැයි ගොවිහු පවසති.
තන්තිරිමලය කිඹුලෑව, දන්ගස්වැව, බිල්ලෑව ඇතුළු ගම්මානයන්හි අක්කර තිහක පමණ ගස්ලබු වගා කර තිබේ.
විලච්චිය, තන්තිරිමලය ප්‍රදේශවල විශාල වශයෙන් ගස් ලබු ,පේර වගාවන් සිදු කරන අතර ජලය නොමැති වීමෙන් එම වගාවන් විනාශයට පත්වෙමින් පවතී. මේ හේතුවෙන් නිසි ඵලදාව ලබා ගත නොහැකි වී ඇතැයි ගොවීහු කියති.
කෙසෙල්, පොල් ඇතුළු අතිරේක බෝග වගාවටද මේ තත්වය උදාවි තිබේ. තවද වන අලින් වගා බිම් විනාශ කර දැමිම විශාල තර්ජනයක් බවද ඔවුහු පෙන්වා දෙති.
ජල හිඟය සහ වල් අලි තර්ජනය නිසා හානි වෙමින් තිබෙන ගස්ලබු වගාව පිළිබඳව අදහස් දක්වමින් තන්තිරිමලය කිඹුලෑව පදිංචි ජේ.ඒ ජයවර්ධන මහතා මෙසේ පැවසීය.
‘යල කන්නයේ හරියට වැස්සක් නැති නිසා මේ ගැටලු තියෙන්නේ. ළිංවල වතුර නැහැ. මට අක්කර එකහමාරක විතර පැපොල් වගාවක් තියෙනවා. භාගයකට විතර වතුර දාද්දි ළිදේ වතුර ඉවරයි. ඒ වගේමයි ගස්ලබු වගාවට රෝග වැළදිලා තියෙන්නේ. ‘
“මේ වෙද්දි ඵලදාව හට ගන්න කාලේ. ඒත් වතුර නැති නිසා හරි අස්වැන්නක් ගන්න බැහැ. ගස් ලබු ගෙඩියක් බර උපරිම කිලෝග්‍රෑම් එක හමාරක් දෙකක් විතර වෙනවා. කෘෂි පර්යේෂණ නිලධාරියොත් ඇවිත් උපදෙස් දෙනවා. ඒත් ජලය හිඟවීම තමයි ගැටළුවක්ව තිබෙන්නේ.
තවත් පැල තවාන් කර තිබෙනවා. ජලය නැති නිසා වැස්සක් ලැබෙයි කියා බලා ඉන්නවා. අදාළ නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා. නමුත් තවමත් නිසි ක්‍රියාමාර්ගයක් නෑ. අපි ගැන අවධානය යොමු කර වගාවන් දියුණු කර ගැනිමට අවශ්‍ය සහය ලබා දෙනවනම් හොඳයි” යැයි ඒ මහතා පැවසීය.

2025 දෙසැම්බර් මස 18
225
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
171
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
974
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වතුර නැති නිසා විලච්චියේ ගොවීන් අමාරුවේ