(තුසිත කුමාර ද සිල්වා)
පාස්කු ඉරිදා සිදු වූ ප්‍රහාරයෙන් පසු ගතවූ දින 25 ක කාලය තුළ අලුත්ගම බේරුවල සංචාරක කලාපයේ සංචාරකයන් නොමැතිකමින් මැණික් හා ස්වර්ණාභරණ ව්‍යාපාරික ස්ථාන 90% වසා දමා ඇතැයිද, තම වෙළඳ ඉලක්ක කඩාවැටී ඇතැයිද ව්‍යාපාරිකයෝ ප්‍රකාශ කරති.
විදෙස් සංචාරකයින් බේරුවල සංචාරක කලාපයට පැමිණීම 100% අවලංගු කර තිබීමෙන් තම වෙළඳ ඉලක්ක කඩාවැටී ඇති බව ඔවුහු ප්‍රකාශ කරති.
මැණික් හා ස්වර්ණාභරණ ව්‍යාපාරවල කාර්ය මණ්ඩලයට නිවාඩු ලබාදී ඇතැයිද ආයතන කිහිපයකම නිලධාරීහු පැවසූහ.
මෙම ප්‍රහාරවලින් යූරෝ, ඩොලර් ලක්ෂ ගාණක පාඩුවක් ගතවූ කාලය තුළ සිදුවී ඇති බව මැණික් හා ස්වර්ණාභරණ ආයතන හිමිකරුවකු වන තිස්ස චන්ද්‍රා ද සිල්වා සහ සජිත් ප්‍රියංකර යන ව්‍යාපාරිකයෝ කීහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි.....
මේ තත්වය උදාකළ ජනපතිට සහ අගමැතිට ස්තූතියි....
සුනිල් මයා. ඇයි ඡන්දේ දුන්නු අයට ස්තූතියි කියන්නේ නැතිද?