IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


තුර්කිය ඇමෙරිකාවේ විද්‍යුත් නිෂ්පාදන වර්ජනය කරයි

ස්තාන්බුල්හිදීය (රොයිටර්)

 

ඇමෙරිකා එක්සත් ජනපද විද්‍යුත් නිෂ්පාදන සියල්ල වර්ජනය කරන බව තුර්කි ජනාධිපති තායිප් ඇර්දොවන් පවසයි. 

 

ක්‍රිස්තු ධර්මය පතුරුවන පූජකවරයකු තුර්කි පොලිස් අත්අඩංගුවට පත්වූ අතර ඔහු නිදහස් කරන්නැයි ඇමෙරිකා එක්සත් ජනපදය තුර්කියට අවධාරණය කළේය.

 

එහෙත් තුර්කිය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අතර තුර්කියට සම්බාධක පැනවීමට ඇමෙරිකා එක්සත් ජනපදය පියවර ගත්තේය. සම්බාධකවලට අමතරව තුර්කි ආනයන මත පනවන තීරුබදු ඉහළ නැංවීමට ද ඇමෙරිකාව පියවර ගත්තේය. 

 

දෙරට අතර ඇති වී තිබෙන අර්බුදය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව තුර්කි ලීරා මුදල් ඒකකය වාර්තා ගත ලෙස අවප්‍රමාණය විය. 

 

ඇමෙරිකා විද්‍යුත් නිෂ්පාදන වර්ජනය කරන බව කී තුර්කි ජනාධිපතිවරයා ආර්ථිකය යථා තත්ත්වයට ගෙන ඒමට අවශ්‍ය පියවර ගන්නා බව ද කීවේය.

 

ඇමෙරිකාව සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී දැඩි ස්ථාවරයක පිහිටා කටයුතු කළ යුතු යැයි ද තුර්කි ජනාධිපතිවරයා කීවේය. 

 

විදේශීය මුදල් ඒකකයකට මාරු වීම සතුරන්ට අවස්ථාවක් දීමක් යැයි ද තුර්කි ජනාධිපති තායිප් ඇර්දොවන් තවදුරටත් පැවැසීය. 

 



අදහස් (1)

තුර්කිය ඇමෙරිකාවේ විද්‍යුත් නිෂ්පාදන වර්ජනය කරයි

දේශ පාළු කුණුගොඩ Thursday, 16 August 2018 08:11 AM

කවුරුහරි ඇමරිකාවට තාක් කිට තරි කිට කියන්නට ඕනේ.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 325 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 423 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 396 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site