
SME සතු මූල්‍ය විනයට SME ණය සුදුසුකම් ශේණිගත කිරීමේ රාමුවක් ස්ථාපිත කරයි
භානුක අමරසිංහ
මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගතවීම එම ව්‍යාපාරවල මෙන්ම රටේ ආර්ථික වර්ධනයටද අවස්ථාවක් බවත්, එම ව්‍යාපාර සතුව ආයතනික පාලනය සහ මූල්‍ය විනය නොමැතිවීම එම අවස්ථාව මගහැරීමට බාධාවක් වී තිබෙන බවත් ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ (CA Sri Lanka) සභාපති ටිෂාන් සුභසිංහ මහතා පැවසීය.
මෙම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්හි මූල්‍ය විශ්වාසනීයත්වය ශක්තිමත් කරගැනීම ඉලක්ක කරගනිමින් CA Sri Lanka මගින් ස්ථාපිත කර ඇති SME ණය සුදුසුකම් ශ්‍රේණිගත කිරීමේ රාමුව නිල වශයෙන් එළිදැක්වීමේ අවස්ථාවේදී අදහස් දක්වමින් සභාපතිවරයා මෙම කරුණු සඳහන් කළේය.
“මෙය ලංකාවේ SME ක්ෂේත්‍රයේ අනාගතය ප්‍රතිනිර්මාණය කිරීම අරමුණු කෙරුණක්. මින් SME ව්‍යාපාරවලට තමන්ගේ මූල්‍ය විශ්වාසනීයත්වය ශක්තිමත් කර ගැනීමටත්, ප්‍රාග්ධනය සඳහා ඇති ප්‍රවේශය පුළුල් කරගැනීමටත්, ආයෝජන විශ්වාසය දිනා ගැනීමටත් අවස්ථාව ලැබෙනවා. එමෙන්ම පෞද්ගලික ව්‍යාපාරවල සිට කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් බවට පත්වීමට අවශ්‍ය ආයතනික පාලනය සහ මූල්‍ය විනය ගොඩනැගීමටද මෙය උපකාරී වෙනවා.“ යනුවෙන් ඒ මහතා මෙහිදී පවසා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd