- නව ප්‍රතිපත්තිය යටතේ HS කේත රැසක් ප්‍රතිසංවිධානය කිරීමට නියමිතයි
- 2029 වන විට CESS සහ PAL වෙනුවට සරල තීරු බදු ක්‍රමයක්
රේගු ආඥා පනත යටතේ යෝජනා සම්මතයක් සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියමයන් දෙකක් සලකා බැලීමෙන් අනතුරුව ජාතික තීරු බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය පසුගියදා හිමිවිය.
2026 අයවැය යෝජනාව පරිදි මෙරටට ආනයනය කරන භාණ්ඩ මත ක්‍රියාත්මකව පැවතී පැවතී සියයට 0, සියයට 15 සහ සියයට 20% වන රේගු ආනයන බදු අනුපාත සියයට 0, සියයට 10, සියයට 20 සහ සියයට 30 ලෙස කාණ්ඩ හතරක් වන පරිදි 2026 අෙප්‍ර්ල් 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීම මෙම ප්‍රතිපත්තිය අනුව සිදුවේ.
මෙම ප්‍රතිපත්තිය යටතේ, එක්සත් ජාතීන්ගේ පුළුල් ආර්ථික වර්ගීකරණය (BEC Revision 5) පදනම් කරගත් නව සිව්-වැදෑරුම් තීරුබදු ව්‍යුහයක් හඳුන්වා දීමට යෝජනා කර ඇති අතර, එමගින් HS කේත රැසක් ප්‍රතිසංවිධානය කිරීමට ද නියමිතය.
ප්‍රාග්ධන භාණ්ඩ, අතරමැදි භාණ්ඩ, සංවේදී අතරමැදි භාණ්ඩ සහ පාරිභෝජන භාණ්ඩ යන ප්‍රධාන කාණ්ඩ හතර යටතේ නව බදු ව්‍යුහය ක්‍රියාත්මක කෙරෙන අතර, දේශීය කර්මාන්ත ආරක්ෂා කිරීම සහ රාජ්‍ය ආදායම් ස්ථාවරව පවත්වා ගැනීම පිළිබඳව ද අවධානය යොමු කර ඇත.
එසේම ඉදිකිරීම් ක්ෂේත්‍රයට සහනයක් ලබාදීමේ අරමුණින් ටයිල් සඳහා දැනට පවතින සියයට 85-90 ක ඉහළ ඵලදායී බදු අනුපාතය 2029 වන විට පියවරෙන් පියවර සියයට 20 දක්වා අඩු කිරීමට සැලසුම් කර ඇති බවද මෙහිදී අනාවරණය විය. එමගින් ඉදිකිරීම් පිරිවැය අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
දේශීය කර්මාන්තවල ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් විවිධ ක්ෂේත්‍ර සඳහා නව ජාතික උප-බෙදුම් හඳුන්වාදීමට ද යෝජනා කර තිබේ.
තවද, 2029 වන විට CESS සහ PAL වැනි පැරා තීරුබදු ක්‍රමානුකූලව ඉවත් කර සරල තීරු බදු ක්‍රමයක් කරා ගමන් කිරීම රජයේ ඉලක්කයයි.
බදු ලිහිල් කිරීමත් සමඟ ඇතිවිය හැකි අහිතකර බලපෑම් අවම කිරීම සඳහා ගත හැකි පියවර පිළිබඳව ද කාරක සභාව උපදෙස් ලබාදී තිබේ. මෙම බදු ප්‍රතිසංස්කරණ මඟින් ඉදිරි වසර පහ තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 18 සිට බිලියන 36 දක්වා දෙගුණ කිරීමේ අපනයන සංවර්ධන මණ්ඩලයේ ඉලක්කය සපුරා ගැනීමට සහාය වනු ඇති බවද සඳහන් විය.
විශේෂයෙන් ඉලෙක්ට්‍රොනික උපකරණ, රබර් නිෂ්පාදන, ඖෂධ හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රවල ගෝලීය සැපයුම්දාම සමග ඒකාබද්ධ වීම සඳහා මෙම ප්‍රතිපත්තිය වැදගත් පදනමක් වනු ඇතැයි ද ප්‍රකාශ විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd