(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
නවගත්තේගම පැණි දොඩම් අස්වැන්න මෙවර සරුවී තිබුණද ඒ සඳහා සාධාරණ මිලක් නොමැති බව දොඩම් වගාවේ නිරත නවගත්තේගම කාන්තාවන් පිරිසක් මැසිවිලි නගති.
පුත්තලම දිස්ත්‍රික්කයේ වැඩිම පැණි දොඩම් වගාකරුවන් පිරිසක් සිටින ප්‍රදේශයක් ලෙස නවගත්තේගම මහ අන්දරවැව ප්‍රසිද්ධියක් උසුලයි.
මෙම ප්‍රදේශයේ ගම්මාන කිපයක් කේන්ද්‍ර කර ගනිමින් අක්කර 100 කට ආසන්න බිම් ප්‍රමාණයක දොඩම් වගාකරන බව වගාවේ නිරත කාන්තාවන් කියති.
නවගත්තේගම දොඩම් අස්වැන්න බහුලව පවතින මේ සමයේ මිල නොසිතු අයුරින් පහත වැටීමෙන් තම අස්වැන්නට නිසි මිලක් නොලැබෙන බව මෙම කාන්තාවන් පවසති.
මේ පිළිබඳව අදහස් දැක්වූ නවගත්තේගම මහ අන්දර වැව පදිංචි ප්‍රියංකා අධිකාරි මහත්මිය පවසා සිටියේ මෙවැන්නකි.
“නවගත්තේගම පැණි දොඩම් වගාව පවත්වාගෙන යන්නේ කාන්තාවන්. මොකද නිවෙස් වල රැඳිලා කරන්න පුළුවන් මේ පරිසරයට ගැලපෙන වගාවක් නිසා. අනික් කරුණ තමා මේ පළාතේ වල් අලින්ගෙන් සිදුවන හානි මේ දොඩම් වගාවන්ට එල්ල වීමක් සිදු වන්නේ නැති නිසාත් කාන්තාවන් වැඩි පිරිසක් තමන්ට තිබෙන බිම් කොටසේ දොඩම් වගා කරන්න පුරුදු වෙලා සිටිනවා‘‘ යැයි ඇය පැවසුවාය.
මෙහිදී අදහස් දැක් වූ එච්.එම්.නිලුකා කුමාරි මහත්මිය පවසා සිටියේ මෙවැන්නකි.
“ අපේ දොඩම් ගස් කිසිම නියගයකට මැරි නොයන ආකාරයට අපි සකස් කරලා තමයි වගා කරන්නේ. ඒ දිවුල් ඇට පැල කරලා වසර දෙකකින් විතර දිවුල් ගහ කපලා එයට දොඩම් බද්ද කරනවා.මෙහි විශේෂත්වය තමා දොඩම් ගස් විශාල නොවි පදුරු ගස්සවා ගෙන හොඳ අස්වැන්නක් ලබා ගන්න.
ඇත්තමට අපේ දොඩම් රසයි. හොඳ ඉල්ලුමක් තිබුණත් නිසි මිලක් නැති කම තමයි ගැටළුව. දොඩම් හැදිගෙන එද්දි පළමු මුරයේ ගෙඩි රුපියල් 20 ත් 15 අතර මිලකට යනවා, ඉන් පස්සේ රුපියල් 5, 10 ටවත් ලබාදෙන්න බැහැ පස්සේ මිල නැතුව අපි අසරණ වෙනවා‘‘ යැයි ඇය පැවසුවාය.




COMMENTS
හරිම කණගාටුයි, ඔබලාගේ වෙහෙස මහන්සියට නිසි ඇගයීමක් මෙන්ම අස්වැන්නට නිසි මිලක් ලබාගැනීමට නොහැකිවීම. ඇත්තටම "මහජන නියෝජිතයන් යයි කියාගන්නා බූරුවන්ට "මෙම අහිංසක පුරවැසියන්ගේ අපහසුතාවයන් නොතේරීම හෝ හිතාමතාම මගහැරීම අවාසනාවකි. බලයට පැමිණෙන රජයන් කළයුත්තේ දේශීය ගොවියන් ආරක්ෂා කරමින් එම ගොවියන් තව තවත් දිරිගන්වීමක්ය. නමුත් සිදුවන්නේ කිසිඳු රජයක් එම " වැදගත් මිනිසුන්ගේ වටිනාකම" අමතක කර තමන්ගේ බඩවියත වෙනුවෙන් කොමිස් මුදල් දෙස කට ඇරගෙන විදේශයන්වලින් අදාළ දේවල් ගෙනඒමය. කෘෂි නිෂ්පාදන වලට අදාළ "ඇමතියාට හෝ නියෝජ්‍ය ඇමතියාට " හෝ එයට අදාළ අංශවල පුටු රත්කරමින් වහසිබස් දොඩවමින් මහජන මුදල් කාබාසිනියා කරන නිලධාරීන්ට අපගේ මෙම අදහස් කියවීමට හැකි වේවා...!!!
පිටරට වලට යවන ක්‍රියා මාර්ගයක් ඇති කරන්න. මම දන්නා තරමින් කොළ පාට දොඩම් හැදෙන්නේ ලංකාවේ. මේ බව දන්නා අපේ අය මුදල ගැන හිතන්නේ නැහැ..
මේ රටේ කෘෂිකාර්මික අංශයේ ප්‍රතිපත්ති සම්පාදනය කරන හා ක්ෂේත්‍රෙය් වැඩකරන නිලධාරින් කියා ගන්නා හෝතබුවන් නිදිද. මේ පළාත්වල තිබෙන වස විස නැති මෙවැනි දේශීය පළතුරු හැමදාම වස බුදිමින් සිටින කෝළඹ වැනි ප්‍රෙද්ශවල ජීවත්වන මිනිසුන්ට දකින්නටවත් නෑ. උන්ට කන්න තියෙන්නේ වෙනරටවලින් බෙහෙත් නාවා මෙරටට ගෙන්වන කහ දොඩම්. ඇයි අපේ රටේ ඉන්න මේ නිලධාරි අපතයන්ට මේවා නිසි මිලත් යටතේ රට පුරා බෙදා හැරීමේ ක්‍රමවේදයක් හදන්න. කොමිස් කකා රටම ලෙඩ ඇදට ඇද දමමින් ඉන්නේ නැතුව. ගොඩක් ප්‍රෙද්ශවල නිකම් කකා ඉන්න මිනිසුන්ට වඩා මේ ගැහැනුන් මොන තරම් ධෛර්යවන්තද. ඇයි අපේ උන්ට මේ මිනිස්සුන්ගේ දහඩියට නිසි මිලක් ගෙවන්න වැඩපිලිවෙලක් හදන්න් බැරි.
ඔය දොඩම් ටික කට්ටිය එකතු වෙලා නගරයේ පාසැලක්, රෝහලක් ගාවට අරගෙන ආවා නම් හොඳ මිලකට විකුණ ගන්න තිබ්බා. එහෙම නැතුව අතරමැදියටම විකුණනවා නම් ගමේම අය එකඟ වෙන්න ඕන මෙන්න මේකයි මිල, මේකට අඩුවෙන් දෙන්නේ නෑ කියලා. සැපයුම වැඩි වෙනකොට සැපයුම්කරුවන් එකඟතාවකට ආවේ නැත්නම් මිල පහළ යනවා.
කට්ටියම එකතු වෙලා ,බස් එක්ක පටවන් කොළඹට(නගරෙට) අරන් එන්න , මෙහෙ දොඩන් බීම එකක් 150-200-250 ගණන් වලට යන්නේ
කෘෂිකර්ම සංවර්ධනයට රාජ්‍ය ආයතන කීයක්නම් ඇත්ද? ඒ අය කරන්නේ රට සවාරි යන එකයි, තම තමන්ගේ සුඛ විහරණය සංවර්ධනය කරගන්න එකයි පමණයි. ගොවියා ඉන්නවද නැද්ද කියලවත් බලන්නේ නෑ.
ඉඟුරු හා ඇඹුල් දොඩම්වලින් අගනා ජෑම් සෑදිය හැකිය.
ලංකාවේ දොඩම් එතරම් පැනිරසයි කියල සිතන්න අපහසුයි. දොඩම් පැණිරස වෙන්න සිතල දේශගුණය අවශ්‍යලු. මම ඉන්න කැලිෆෝනියාවේ වේ දොඩම් අක්කර දහස් ගණනක් වවනවා. එම දොඩම් ගැට කාලෙ කොළ පාටත් පසුව තැබිලි පාටත් වෙනවා. පාට වෙනස් වෙන කාලෙට තද සිතල නොලැබුනොත් දොඩම් පැණිරස නොවෙන වග ගොවියෝ පවසනවා.
කෘෂි කර්මාන්තය නැංවීමට අපි මසකට ලක්ෂ 21ක් ගෙවා නව කාර්යාලයක් විවෘත කළා. මේ රටේ මාස ගණනක් වහලා තිබුණු මිනිස්සු දොඩම් ගෙඩි ඉක්මණින් වවන්නේ නැති නිසා ජනතාව උනන්දු මදි.. බොහොම හිමින් තමයි ගෙඩි වවන්නේ...
අපි අත දෙනවා යු.ඒ.ඊ. වල ලංකාවේ ගස්ලබු, මඤ්ඤොක්කාවලට ඉල්ලුමක් තියෙනවා. එක්ස්පෝර්ට් ඩිවෙලොප්මන්ට් කියලා එකකුත් ලංකාවේ තියෙනවා. ඔය කැබිනට් ඇමතිවරුන් එකිනෙකට මඩ ගහගන්නවා ඇරෙන්න කරන මගුලක් නැහැ. වාහන ගෙන්නන්න ඩියුටි ෆ්‍රී... ඔන්න ඕවාතමයි අවශ්‍යතා...
අම්මපා.., මේ ගැහැණු ළමයින්ට තොප්පියක්වත් ආණ්ඩුව ගානේ අරගෙන දෙන්න බැරිද? අව්වේ වේලෙනවා..
පැණි දොඩම් කියලා ඇඹුල් දොඩම් අරන් යන අය ගැනත් හිතන්න ඕනේ ... රැවටිල්ල නැත්නම් හොද මිලක් අනිවාර්යයි.