IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


Daraz Express ශ්‍රී ලාංකේය කාන්තාවන් සවි බල ගැන්වීමට කැප වෙමින් මෙවර කාන්තා දිනය සමරයි

විටෙක ඇය මවකි, විටෙක සොයුරියකි. තවත් විටෙක බිරිඳකි. එමෙන් ම ආදරණීය දියණියකි. මෙසේ විවිධ චරිත හරහා අපගේ ජීවිතය හා බැඳෙන කාන්තාව සමස්ත සමාජයේ ප්‍රධානතම පුරුකක් ලෙස හැඳින්වීම නිවැරදි ය. අභියෝග ගොන්නක් දෝත දරා ජීවිතයට මුහුණ දෙන කාන්තාවන්, සමාජයේ විවිධ සමාජ සම්මතයන් හා බැඳුණු සංස්කෘතික රාමුව තුළ වඩාත් පීඩාකාරී හිංසනයන්ට ලක් වන බව පෙනෙන්නට තිබෙන කරුණකි. මෙරට රැකියා වෙළෙඳපොළ තුළ පවා ස්ත්‍රී පුරුෂභාවය මත ඇතැම් රැකියා ආශ්‍රිතව කාන්තාවන්ට යම් සීමාවන් පැනවෙන බව දක්නට ලැබේ. මෙම තත්ත්වය වෙනස් විය යුතු ය. එමෙන් ම තම පවුල වෙනුවෙන්, සමස්ත සමාජය වෙනුවෙන් ඇය ඉටු කරන මෙහෙවර නිරන්තරයෙන් ඇගයිය යුතු ය. වසරක් පාසා සැමරෙන ජාත්‍යන්තර කාන්තා දිනය අපට වැදගත් වන්නේ එහෙයිනි. ඇතැම් කාන්තාවන් මෙම සියලු ම සාම්ප්‍රදායික සීමා බිඳ දමමින් තමා කැමති රැකියා ක්ෂේත්‍රයක් තුළ සාර්ථකත්වයට පත් වන අවස්ථා මෙන් ම ඒ සඳහා සහයෝගය දක්වන ආයතන ද අපට හමු වේ. මෙසේ තමා සමඟ සම්බන්ධ වන කාන්තාවන් බල ගැන්වීමට කටයුතු කරන සුවිශේෂී ආයතනයක් ලෙස 'Daraz' හඳුන්වා දිය හැකි ය. අප මෙවර අවධානය යොමු කරන්නේ Daraz හී 'Daraz Express' සමඟ එක් වෙමින් ජීවිතය ජය ගත් කාන්තාවන් දෙදෙනෙකු පිළිබඳ කතාව වෙතයි.

 

 

බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි මනෝරි චාන්දනී පීරිස් මහත්මිය අවුරුදු 46ක විවාහක කාන්තාවක් වන අතර, ඇය 22 හැවිරිදි දියණියකගේ මවකි. මීට වසර එකහමාරකට පෙර 'Daraz Express' හි බෙදාහැරීමේ නියෝජිත වරියක ලෙස (යතුරුපැදි) එක් වූ ඇය නුගේගොඩ සහ ඒ අවට ප්‍රදේශවල බෙදාහැරීමේ සේවා කටයුතු සිදු කරයි. 2022 වසරේ දිවයිනේ හොඳ ම බෙදාහැරීමේ නියෝජිතයා ලෙස තේරී පත් වන පීරිස් මහත්මිය 'Daraz' පිළිබඳ ව පවසන්නේ මෙවැනි අදහසකි.

" ගනුදෙනුකරුවන් සමඟ සුහදශීලී ව කටයුතු කිරීම වගේ ම බෙදාහැරීම් කටයුතු සිදු කරන ප්‍රදේශය ගැන හොඳ අවබෝධයකින් යුතු ව කටයුතු කිරීම මගේ සාර්ථකත්වයට හේතුව විදියට මම දකිනවා. මට උදෑසන 8.00 සිට සවස 2.00 දක්වා වැඩ කිරීමේ හැකියාව ලබා දීම, EPF සහ ETF ලබා දීම වගේ ම ඉන්ධන දීමනාවක් ලබා දීම Daraz Express සමඟ එක් වීමට ප්‍රධාන වශයෙන් හේතු වුණා. මම Daraz බෙදා හැරීමේ සේවාවට අමතරව ආහාර සැපයීමේ සේවාවක් පවත්වාගෙන යනවා. ඊට අමතරව මම ඇඳුම් මැසීමේත් නිරත වෙනවා. Daraz බෙදාහැරීමේ සේවාවට අමතරව මෙම ව්‍යාපාර කර ගෙන යාමට Daraz Express ආයතනය මට ලබා දෙන නිදහස වෙනුවෙන් එම ආයතනයට ස්තුතිවන්ත වීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා. මෙම ආදායම් මාර්ග නිසා මගේ දියණියට ස්ථාවර අනාගතයක් උදා කර දීමේ හැකියාව මට ලැබී තිබෙනවා. මම මගේ ම ශක්තියෙන් නැඟී සිටින්නට කැමති කාන්තාවක්. මූල්‍යමය වශයෙන් ස්වාධීන වීම අපගේ පවුල්වල ස්ථාවරත්වය වෙනුවෙන් මහත් ශක්තියක් උදා කර දෙනවා. ඒ නිසා ම වඩාත් ආරක්ෂිත වගේ ම නව ආදායම් මාර්ග ගැන අපි අවධානය යොමු කළ යුතුයි. මම Daraz Express සමඟ එක් වුණේ ඒ නිසයි. මම ගත් තීරණය ඉතා නිවැරදියි."

දෙමටගොඩ ප්‍රදේශයේ ජීවත් වන 34 හැවිරිදි ශමිලා නූර් මෙනවිය සිය මව සහ සහෝදරියන් තිදෙනාට රැකවරණය සලසමින් ජීවත් වන දිරිය දියණියකි. ඇය මින් පෙර වෙනත් බෙදා හැරීමේ සේවාවක් සමඟ සම්බන්ධ වී සිට ඇති අතර, මීට වසර එකහමාරකට පෙර Daraz Express හා සම්බන්ධ වී ඇත. එම තීරණය සිය ජීවිතයට දියුණුව ළඟා කර දීමට සමත් වූ බව නූර් මෙනවිය පවසයි.

 

 

" Daraz Express නිසා මගේ මුල්‍ය අවශ්‍යතා සපුරා ගනිමින් සුවපහසු ජීවිතයක් ගත කිරීමට ප්‍රමාණවත් ස්ථාවර ආදායමක් උපයා ගැනීමේ හැකියාව මට ලැබී තිබෙනවා. EPF සහ ETF ලබා දීම වගේ ම පෙරවරු 8.00 සිට පස්වරු 2.00 දක්වා වැඩ කිරීමට හැකි නම්‍යශීලී භාවය Daraz වෙතින් මට ලැබෙන පහසුකම් විදියට හඳුන්වා දීමට පුළුවන්. Daraz Express සමඟ වැඩ කරන අතරතුර, මෙහෙන්දි කලාව ඉගෙන ගැනීමටත්, ඇඳුම් මැසීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යාමටත් මම කටයුතු කරනවා. ඒ වගේ ම Daraz වෙතින් ලැබෙන නිදහසෙන් උපරිම ඵල නෙලා ගනිමින්, කේක් පාඨමාලාවක් හදාරා ඔන්ලයින් කේක් ව්‍යාපාරයක් ආරම්භ කිරීම වගේ ම වෘත්තීය මෙහෙන්දි කලා ශිල්පිනියක් වීම මගේ අරමුණයි. හොඳ නිවසක් ඉදි කරල මගේ මවට සැපවත් ජීවිතයක් ලබා දීම වෙනුවෙන් මම නිරන්තරයෙන් කැප වෙනවා. ඒ වෙනුවෙන් Daraz මට ලොකු ශක්තියක් ලබා දෙනවා. සම්ප්‍රදායික බාධක බිඳ දමා, මූල්‍ය ස්වාධීනත්වය තුළින් අපගේ සිහින කරා ගමන් කළ යුතු බව මම මේ රටේ සමස්ත කාන්තාවන්ට පැවසීමට කැමතියි.” යනුවෙන් නූර් මෙනවිය වැඩි දුරටත් සිය අදහස් ප්‍රකාශ කළා ය.

Daraz Express, මනෝරි සහ ශමිලා වැනි බොහෝ කාන්තාවන් බල ගන්වමින් ඔවුන්ගේ සිහින සැබෑ කර ගැනීමට සහයෝගය ලබා දී ඇත. එමෙන් ම වර්තමාන මෙන් ම අනාගත දුෂ්කර කාලවල දී ද ශ්‍රී ලාංකික කාන්තාවන් සවි බල ගන්වමින්, ඔවුන්ට දෙපයින් නැඟී සිටීමට ශක්තියක් වන බව Daraz අවධාරණය කරයි.

 

 

 



අදහස් (2)

Daraz Express ශ්‍රී ලාංකේය කාන්තාවන් සවි බල ගැන්වීමට කැප වෙමින් මෙවර කාන්තා දිනය සමරයි

pakeer Friday, 24 March 2023 04:43 PM

ඔබට ජය

:       0       0

Roshan Sunday, 26 March 2023 07:44 PM

මම මේක කියන්නෙ බොහොම වගකීමෙන් වගේම තියෙන පලපුරුද්ද මත. ඩරාස් එකට සම්බන්ධ ගොඩාක් අය පට්ට හොරු බොරු කාරයො. දැන්වීමේ දාලා තියෙන දේවල් නෙමෙයි එවන්නේ. ඒ වගේම තමයි ඩිලිවරි කරන එවුන ඒක දන්න නිසා ගන්න කලින් කඩලා බලන්න දෙන්නෙ නෑ. ඒ වගේම තමයි Daraz Customer service එකට කෝල් එකක් ගන්න ගියාම මාර කට්ටක් කන්න ඕන. ඒ කොහොම හරි මට තියෙන කටුක අත්දැකීම් එක්ක කියන්නෙ පට්ට කම්බ හොරු ඉන්නෙ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 24 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 872 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2507 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site