IMG-LOGO

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

- පෙර නොවූ විරූ 10% ක මූලික ගෙවීමක් සමගින්  ඇදහිය නොහැකි 0.5% මාසික වාරිකයක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක්  හඳුන්වා දීමට  පසුගියදා කටයුතු කළේ ය. මෙම නව ගෙවීම් ක්‍රමවේදය නම් කර ඇත්තේ PrimeMax නමිනි. මෙය නිල වශයෙන් හඳුන්වා දීමේ උත්සවය 2025 මාර්තු 16 වන දින කොළඹ Shangri-La හෝටලයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ සහ මුල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ වෘත්තිකයන්, ආයෝජකයන් සහ නිවාස ගැනුම්කරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

නිවසක් මිලදී ගැනීම යනු විශාල මුදලක් දැරීමට සිදු වන ආයෝජනයකි. දීර්ඝ කාලයක් පුරා මෙරට නිවාස ගැනුම්කරුවන්ට එම ගැටලුවට මුහුණ දීමට සිදු විය. එමෙන්ම ආයෝජකයන් දේපළවල වටිනාකම ඉහළ යාමෙන් උපරිම ප්‍රයෝජන ලැබීම සඳහා වඩාත් උපායමාර්ගික ක්‍රම වෙත යොමු වූහ. PrimeMax ක්‍රමවේදය සකස් කර ඇත්තේ මෙම සියලු සාධක සැලකිල්ලට ගනිමිනි.

PrimeMax මගින් ශ්‍රී ලංකාවේ පෙර නොවූ විරූ 10% ක මූලික ගෙවීමක් සමගින් 0.5% වැනි ඇදහිය නොහැකි මාසික වාරිකයක් හඳුන්වා දී තිබේ. මෙමගින් ගැනුම්කරුවන්ට දේපළ මිලදී ගැනීමේදී මුහුණ දීමට සිදු වූ මුල්‍යමය බාධා ඉවත් වන අතර, ඔවුන්ට දේපළවල වටිනාකම් ඉහළ යාම මගින් උපරිම ප්‍රයෝජන ලැබීමටද හැකි වනු ඇත. අවම මූලික ගෙවීමක් සමගින් දීර්ඝකාලීනව මුල්‍යමය වාසි හිමිකර ගැනීමට අවස්ථාව සලසා දෙන PrimeMax ක්‍රමය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් ඇතිකරනු නිසැකය.

PrimeMax මින් ඉදිරියට ශ්‍රී ලංකාව තුළ දේපළ මිලදී ගැනීම සඳහා භාවිතා කළ හැකි හොඳම විසඳුම බවට පත් වනු ඇත. ප්‍රථම වරට නිවසක් මිලදී ගැනීමට සැලසුම් කරන ගැනුම්කරුවන්ට මෙන්ම දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය තුළ දීර්ඝකාලීනව ලාභ ලැබීමට අපේක්ෂා කරන ආයෝජකයන්ටද මෙය කදිම විසඳුමකි. මෙමගින් ආයෝජකයන්ට දේපළ කිහිපයක් සඳහා එකවර ආයෝජනය කිරීමටද අවස්ථාව හිමි වනු ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රයිම් සමූහ ව්‍යාපාරයේ සම-සභාපති ප්‍රේමලාල් බ්‍රාහ්මණගේ මහතා පැවසුවේ ප්‍රයිම් සමූහය කවදත් නවෝත්පාදනය සම්බන්ධයෙන් විශ්වාසය තැබූ බවයි. ප්‍රයිම් සමූහය හුදෙක් නිවාස ඉදිකරන සමාගමක් පමණක් නොවන බවත්, එය ශ්‍රී ලාංකිකයන්ගේ නිවාස සිහින සැබෑ කරමින් ඔවුන්ට දීර්ඝකාලීන මුල්‍යමය ප්‍රතිලාභ හිමිකර දීමට කැපවුණු සමාගමක් බවත් ඒ මහතා අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ දේපළවල වටිනාකම් අඛණ්ඩව ඉහළ යමින් පවතී. ඒ නිසා දේපළ ක්ෂේත්‍රය මෙරට තුළ ආයෝජනය සඳහා වඩාත්ම සුදුසු ක්ෂේත්‍රයක් ලෙස සැලකේ. PrimeMax යනු මේ සඳහා ඇති කදිම විසඳුමකි. PrimeMax පහසුකම ලබාගැනීමේදී ලිපිලේඛන ඉදිරිපත් කරමින් සංකීර්ණ ක්‍රියාවලියක් සම්පූර්ණ කිරීම හෝ එකවර විශාල මුදලක් ගෙවීම අවශ්‍ය නොවේ. එය නිවාස ගනුම්කරුවන්ටත් ආයෝජකයන්ටත් ලැබෙන අමතර වාසියකි.

ප්‍රයිම් සමූහ ව්‍යාපාරයේ සම-සභාපතිනිය වන සඳමිණි පෙරේරා මහත්මිය පැවසුවේ නිවාස හිමිකාරීත්වය සහ දේපළ සඳහා ආයෝජනය කිරීම යනු බොහෝ දුරට එකිනෙකට සමාන මූල්‍ය ක්‍රියාකාරකම් දෙකක් බවයි. PrimeMax ක්‍රමය මගින් නිවාස ගනුම්කරුවන්ට සහ ආයෝජකයන්ට මුල්‍යමය ආරක්ෂාව සමගින් ඉහළ ප්‍රතිලාභ අත්විඳීමට හැකියාව ලැබේ. එමෙන්ම එය ඉතාම සරල ක්‍රියාවලියක් ඔස්සේ තම වත්කම් වර්ධනය කරගැනීමට ලැබෙන අනගි අවස්ථාවක් බවද සඳමිණි පෙරේරා මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ නව යුගයක ආරම්භය සනිටුහන් කරන PrimeMax විසඳුම ඔස්සේ තම නිවාස හා ආයෝජන සිහින සැබෑ කරගන්නා මෙන් ප්‍රයිම් සමූහය සමස්ත ශ්‍රී ලංකාවාසීන්ට ආරාධනා කර සිටී.

වැඩිදුර තොරතුරු සඳහා www.primelands.lk හෝ www.primeresidencies.lk වෙත පිවිසෙන්න. නැතිනම් 0710 773 773 හෝ 0710 933 333අමතන්න.



අදහස් (0)

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 4 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 344 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 816 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site