කොළඹ කොටස් වෙළඳපොළ (CSE) වෙත මෑතකදී සිදු කළ දැනුම්දීම අනුව, අපගේ ප්‍රධාන කාර්යාලය 2026 මැයි 4 වන දින සිට නව ස්ථානයකට ස්ථාන මාරුවන බව සතුටින් දැනුම් දීමට කැමැත්තෙමු.

අපගේ කාර්යක්‍ෂමතාවය වැඩිදියුණු කළ සේවා පරිසරයක් සැපයීම සඳහා පැවත ආ අඛණ්ඩ උත්සාහයන්ගේ ප්‍රතිපලයක් ලෙස අප සමාගම නව කාර්යාලයක් වෙත මාරු වෙනු ඇත.

නව ප්‍රධාන කාර්යාලය පහත ස්ථානයේ පිහිටා ඇත:

6th Floor, M2M Veranda Offices

No. 34, W. A. D. Ramanayake Mawatha

Colombo 02, Sri Lanka

 

ප්‍රධාන කාර්යාලය නව ස්ථානයෙහි ක්‍රියාත්මක වුවද, Customer Experience Center පෙර පැවති ස්ථානයේම කිසිදු වෙනසක් නොමැතිව ක්‍රියාත්මක වනු ඇති බව කරුණාවෙන් සලකන්න.

Jetwing House 01, Level 2

Nawam Mawatha

Colombo 02, Sri Lanka

 

පාරිභෝගිකයින්ට හා අමුත්තන්ට පෙර පරිදිම එම මධ්‍යස්ථානය හරහා සේවාවන් ලබාගත හැක.

මෙම ස්ථාන මාරුවීමේ කාලය තුළ ඔබ දැක්වූ අඛණ්ඩ  සහයෝගය පිළිබඳව අපි ස්තුතිය පළ කරමු.