
ළදරුවන්ට නිවස තුළ අනතුරු සිදු වීම වළක්වමින් සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම දෙමාපියන්ගේ වගකීමයි. කුඩා දරුවන්ගේ ජීවිතයට අවදානමක් ඇති කිරීමට පවා නිවසේ හා භාහිර පරිසරය හේතු විය හැකියි. නිවසේ බිම, බිත්ති, වහල සහ දරුවාගේ අවට ඇති බඩු භාහිරාදිය හා විදුලි පේනු පිළිබඳ විශේෂයෙන් සැළකිය යුතුය.
ළදරුවාට පහසුවෙන් රිසි සේ දුව පැන ඇවිදීමට හැකි ලෙස නිවසේ බිම ලිස්සන සුළු නොවන හා නිතර වතුර නොරැඳෙන සේ තැබිය යුතුය. දරුවන් වෙනුවෙන් විශේෂයෙන් සැකසූ කාපට් හෝ සාමාන්‍ය කාපට් එකක් බිමට අතුරා අනතුරු වීම වැළැක්විය හැකිය.
ළදරුවා නිතරම නිවසේ බිම මත රැඳෙන බැවින් නිවසේ අනෙක් තැන් පිරිසිදු නොකරන රෙදි කැබැල්ලක් ගෙන සබන් සහ වතුර පමණක් භාවිතයෙන් බිම පිරිසිදු කර ඉන් පසු සාමාන්‍ය වතුරෙන් නැවත බිම පිරිසිදු කළ යුතුය.
ගැබිණි මවක් හෝ කුඩා දරුවකු සිටින නිවසේ වහල ඇස්බැටෝස් වහලක් නොවිය යුත්තේ හිරු එළියට නිරාවරණය වන වහලෙන් වැටෙන කුඩු දරුවාගේ ඇගට වැටී දීර්ඝ කාලීනව පිළිකා හා වෙනත් රෝග සෑදීමට හේතු වන බැවිනි. සිවිලිමක් රහිත ඇස්බැස්ටෝස් වහලක් නම් ඊට යටින් රෙද්දකින් ආවරණය කිරීම ආරක්ෂාකාරී වේ. ශ්වසන ආබාධවලට හේතු විය හැකි වහලේ මකුළු දැල් කඩා පිරිසිදුව තැබිය යුතුයි. බිත්තිවල ළදරුවාට සැර නොවන තීන්ත ආලේප කර තිබීම වඩාත් යෝග්‍ය වේ.
ළදරුවාගේ ප්‍රථමාධාර, සෙල්ලම් බඩු, බිදෙන සුළු හා දරුවාට තුවාල විය හැකි පිඟන් කෝප්ප, ඖෂධ, භූමිතෙල්, රසායන ද්‍රව්‍ය,පොහොර ආදිය දරුවාගේ අතට හසු නොවන සේ රාක්කවල උඩින් ප්රවේසම්ව අසුරා තැබිය හැකිය. නාන කාමරය පිරිසිදුවට හා පිළිවෙලට තබා ෂැම්පූ ඇතුළු විවිධ ආලේපන දරුවාට හසු නොවන සේ තැබිය යුතුය.
නිවස අසළ වටපිටාවේ වතුර බේසම්, වතුර වලවල්, කුඩා පොකුණු පවතියි නම් දරුවා පිළිබඳ වඩාත් සෙවිල්ලෙන් සිටිය යුතු වේ. ඇට වර්ග හෝ අතට හසු වන යම් යම් දේ දරුවා කටේ ඔබා ගැනීමට පෙළඹෙන නිසා දරුවා වෙත අවධානය යොමු කළ යුතුය.
කුඩා දරුවන්ට ගවේෂණය කිරීමේ උනන්දුව ඇති බැවින් උස ස්ථානවලට නැගීම, අනතුරුදායක දේ ඇල්ලීම, වතුරේ සෙල්ලම් කිරිම ආදිය සිදු කරන විට දරුවා තම ඇස් මානයෙන් තබා රැක ගැනීමට කටයුතු කළ යුතුයි. පූසන්, බල්ලන්ගෙන් වන සපා කෑම්, සීරීම් හා විසබීජවලින් දරුවා ප්‍රවේසම් කළ යුතුයි. මීට අමතරව මානසික පෞර්ෂ්යාබාධ පවතින පුද්ගලයන්ගෙන් දරුවාව හැකි තාක් ආරක්ෂා කිරීමට දෙමාපියන් වග බලා ගත යුතුයි.
නිවැසියන්ගේ අධීක්ෂණය හා රැකවරණයෙන් නිවස තුළින්ම ළදරුවාට සුරක්ෂිත ලොවක් තැනීමට කටයුතු කළ යුතුය.
Ms. Shyamalee Pathirage
මාතෘ හා ළමා සෞඛ්‍ය උපදේශිකා
2025 දෙසැම්බර් මස 04
326
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
423
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
396
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දරු පැටියාට සුරක්ෂිත ලොවක් තනමු